තව අවුරුදු 50 යනකොට සිල් සමාදන්වෙන්න පරිසරයක් තියෙයිද - අශිකා මතසිංහ



අශිකා මතසිංහ කියන පුංචි තිරයේ අහිංසකාවිය ලෙස කවුරු අතරත් ඉතාමත් ඉහළින් කතාබහට ලක්වන නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇයගේ ඇති නිවුණු බව නිසාම ඈට වැඩියෙන් ලැබෙන්නෙම  හරිම තැන්පත් අවිහිංසක චරිත. ඉතින් ඔන්න ගෙවුණු පොසොන් පොහෝ දින ඇය සිල් සමාදන්ව තිබුණා.ඒ ගැන සටහනක් ඇය මේ විදියට සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. 


"අප රටට බුදු දහම ලැබුණු දිනය අදයි. අද මට සිල්සමාදන් වෙන්න පුළුවන් වුනා. ඉතින් ඒසදහා අද දවස පුරාවට අපිට සිල් සමාදන් වීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර නන් අයුරින් උපකාර කෙරූ සියලුම දෙනාට ස්තුතියි. බොහොම පින්. තව අවුරුදු 50 යනකොට සිල් සමාදන්වෙන පරිසරයක් තියෙයිද? එහෙමනම් ලබන භවේදී මිනිස් භවයක් ලැබේවිද? ඒ ලැබුනත් බුදු දහමේ වටපිටාව අපිට ලැබේවිද? මෙත්‍රී බුදු සමයේදී අපට මිනිස් භවයක් ලැබේවිද ? හිතන්න දේවල් බොහෝමයි සතර අපායෙන් මිදෙන්න දරන උත්සාහයක් ලද ජීවිතේ වහවහාම ධර්ම කරුණු දැනගන්න ට මා දරන උත්සාහයක් ...ස්තුතියි. ධර්ම දානය පිණිස මේ අදහස් හේතු වාසනා වේවා!"






Previous Post Next Post