ඇය රංගනයෙන් එකතු වුණ මුල්ම ටෙලි නිර්මාණයෙන් ජනප‍්‍රිය නිළියට හිමි සම්මානය ලබාගන්නව. වසර දහතුනකට පසුව අද ඇය හොඳම නිළිය වෙනව. විදේශයක පදිංචිව සිටියත් ඒ බව පේ‍්‍රක්‍ෂකයාට නොදැනෙන්න ඇය තමන්ගෙ රටේ නිර්මාණවලට එකතු වුණා. උදාරි වර්ණකුලසූරිය රංගන දිවියේ ලද ඉහළම සම්මානයේ සතුට ගැන මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා..
උදාරි කවදද ලංකාවට ආවෙ?
මගේ සැමියාටත් දවස් හතරක පහක නිවාඩුවක් තිබුණ. ඒ නිසා මගේ උපන්දිනය වෙනුවෙන් මාර්තු 22 වැනිදා අපි ලංකාවට ආවා.
හොඳම නිළිය සම්මානය ගන්න එකත් මේ ගමනෙ අරමුණක් වුණාද?
සම්මාන උළෙල පැවැත්වෙන බව දැනගෙන හිටිය. ඒ වගේම හොඳම නිළිය නිර්දේශිත නාම අතර මගේ නමත් තිබුණ කියල දන්නව. පළමු වරට තමයි හොඳම නිළියට මගේ නම නිර්දේශ වෙන්නෙ. ඉතිං ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ. ඒ වගේම මමත් සැමියාත් දෙන්නම එකට කාලෙකින්් සම්මාන උළෙලකට සහභාගි වෙලා තිබුණෙ නැහැ. නිවාඩුවට ආපු නිසා සම්මාන උළෙලටත් සහභාගි වෙන්න බලාගෙන තමයි ආවෙ.
උපන් දිනයට ලැබුණ තෑග්ග ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම ඒක මට ගොඩක් වටිනව. ඒ වගේම මගේ කලා දිවියේ ලබපු ලොකුම ජයග‍්‍රහණයක්. මෙතෙක් මගෙ ජීවිතේ මම ලබපු සම්මාන වලින් වටිනාම සම්මානය තමයි මේ. මට මේ සම්මානය ලැබෙන්නෙ ‘සංසාරණ්‍යය අසබඩ. ටෙලි නාට්‍යයට. මේ නාට්‍ය කණ්ඩායමටම මම මේ වෙලාවෙ විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනව.
ඔබේ සැමියාගේ ප‍්‍රතිචාරය මොනවගේද?
ඒ අවස්ථාවේදී ඔහු මං ළඟ හිටියෙ. ඉතිං ඔහුට ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක්. මම ඔහුට කිව්ව නිර්දේශිත නාම ටික වීඩියෝ කරගන්න කියල. මම හැරුණම තවත් අතිදක්‍ෂ රංගන ශිල්පිණියන් මේ නිර්දේශිත නාම අතර හිටිය. ඒ නිසා ඇත්තටම ජයග‍්‍රාහිකව විදිහට මගේ නම කියවෙයි කියල කොහොමටවත් හිතුවෙ නැහැ. ඒ වෙලාවෙ මගේ ආසාව තිබුණෙ නිර්දේශිත නාම අතර මගේ නම තිරයේ දිස්වෙනව බලන්න. නමුත් නොසිතුව විදිහට ලැබුණ ජයග‍්‍රහණය මමත් මගේ සැමියාත් එක වගේම බුක්ති වින්දා.
නිර්දේශිත නාම අතර හිටපු දිල්හානි සහ ශලනි ඔබට මොකද කිව්වෙ?
ශලනි සහ මම ඉපදුනේ එකම ගමේ. ඒ බලංගොඩ. දෙන්නම ඉගෙන ගන්නෙ මීගමුවෙ. දෙන්නම එකම වෘත්තිය තෝරාගන්නව. නමුත් පවුල් දෙක ඔවුනොවුන් හඳුනන්නෙ නැහැ. කාලයත් එක්ක නිතරනිතර අපි මුණනොගැහුනත් දෙන්නට දෙන්න හරි ආදරෙයි. මම හොඳම නිළිය වෙනකොට ශලනි ජනප‍්‍රියට නිළිය වුණා. ඇය බොහොම ආදරෙන් මට සුබපැතුව. ඒ වගේම අපේ ප‍්‍රවීණ නිළි දිල්හානි ඒකනායක මහත්මියත් බොහොම ආදරෙන් මට සුබපැතුව.
‘සංසාරණ්‍යය අසබඩ. ළමාතැනී උදාරිගෙ ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළා?
මුලින්ම” මම චරිතයට සාධාරණයක් කරයි කියල ලොකු විශ්වාසයකින් මේ චරිතය මට භාර දුන්න සංජය නිර්මාල් අයියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක ද්විත්ව චරිතයක්. ඒ නිසාම ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා සහ මම හිතනව මම ඒ අභියෝගය ජයගත්ත කියල. ළමාතැනී මට වාසනාව ගෙනාවා කිව්වොත් නිවැරදියි.
පිටපත අතට ලැබෙනකොට සම්මානයක බලාපොරොත්තුවක් දැනුනද?
ඇත්තටම ඒ වෙලාවෙ මට හිතුන මම මේ චරිතය හොඳින් කළොත් සම්මානයක් නැතත් නිර්දේශිත නාම අතරට එන්න හරි පුළුවන් වේවි කියල. කොහොම වුණත් මගේ රංගන ජීවිතේ පළමු වරට හොඳම නිළියට නිර්දේශ වෙනව. ඒ වතාවෙන්ම සම්මානයත් ලැබෙනව.
කවද ද නැවත ලංකාවෙන් යන්නෙ?
තව සති දෙකකින් පස්සෙ නැවතත් විදේශගත වෙනව. නමුත් ඉදිරියේදී මම රංගන යෙන් දායක වුණ චිත‍්‍රපට හතක් තිරගත වෙන්න නියමිතව තියෙනව. ඒ ඒ අවස්ථාවන්වලදි ඒවාට සහභාගී වෙන්න නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙනව.
මොනවද ඒ නිර්මාණ?
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ‘එකගෙයි සොකරි.” ‘දේවී සම්බුලා.” සංජීව පුෂ්පකුමාර මහත්මයාගේ ‘ආසු.” සුනිල් ආරියරත්න මහත්මයාගේ
‘ක්‍ෂීර සාගරය කැළඹිණ.” ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘මිදුණු විශ්වය.” සරත් වීරසේකර මහත්මයාගේ ‘ශ‍්‍රී සිද්ධා.” වී. සිවදාසන් මහත්මයාගේ ‘දෙවන යුද්ධය. යන නිර්මාණ තමයි ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙන්නෙ.
මෑත කාලීනව දැවැන්ත අධ්‍යක්‍ෂවරු සමග ඔබට වැඩ කරන්න ලැබෙනව. මොකක්ද ඒ ගැන අදහස?
ඇත්තටම ඒක මගෙ පෙර පිනක් වගේම මම ලබපු භාග්‍යයක්. මගේ සහෝදර රංගන ශිල්පීන් පවා මට ඒ බව කියනව. මොකද ඔවුන් බොහොම ආසාවෙන් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අධ්‍යක්‍ෂවරුන් සමග වැඩ කරන්න මට මේ වන විටත් අවස්ථාව ලැබිල තියෙනව.
ක්‍ෂේත‍්‍රයට පැමිණෙන විටත් ඔබ විවාහකයි. මේ බැඳිම ඔබේ ගමනට බාධාවක් වුණේ නැහැ?
ඕව්. දැනට මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් වසර දහතුනක් වෙනව. අනෙක් කලාකාරිණියන්ට සාපේක්‍ෂව රංගනයට එන විට වගේම පේ‍්‍රක්‍ෂකයන් අතරට යනකොට මම විවාහකයි. නමුත් ඇත්තටම මට ඒක ආශීර්වාදයක් වුණා. මොකද මගේ සැමියා මගේ රංගන ජීවිතයට ලොකු ආශීර්වාදයක් වුණා. අද මම යම් තැනක ඉන්නව නම් ඒ ඔහු මාව තේරුම්අ රගෙන දුන්න සහයෝගය නිසාමයි. කලා ජීවිතය වගේම පවුල් ජීවිතය පැත්තෙනුත් මම අති සාර්ථක ගමනක් යනව. ඇත්තටම මම වාසනාවන්ත බිරිඳක් සහ මවක්.
කාලෙන් කාලෙට ඔබට එල්ල වුණ මඩ ප‍්‍රහාර වලට අද වෙනස්ම උත්තරයක් දීල තියෙනව?
වපුරන දේට අනුව තමයි අස්වැන්න ලැබෙන්නෙ කියන්නෙ කතාවට නෙමෙයිනෙ. ඒ නිසා පොදුවේ මට කියන්න තියෙන්නෙ තමාගේ ජීවිතයට එන ප‍්‍රශ්නවලට වචනයෙන් උත්තර දෙන්නෙ නැතිව ක‍්‍රියාවෙන්” හැකියාවෙන් උත්තර දෙනව නම් සාර්ථකව ඕනෑම දුෂ්කර අවස්ථාවක් ජය ගන්න පුළුවන්.
නැවත විදේශ ගතවෙන්න ඉන්න ඔබ මේ වන විට නිර්මාණ භාරගෙන නැද්ද?
ඇත්තටම පසුගිය අවුරුදු එකහමාරක කාලය පුරාවටම මගේ සැමියගෙන් දරුවගෙන් ඈත් වෙලා ලංකාවෙ ඉඳන් නිර්මාණ වලට සම්බන්ධ වුණා. ඒ නිසා ටික කාලයකට නිවාඩුවක් අරගෙන මගේ පවුල වෙනුවෙන් අවධානය යොමු කරන්න තීරණ කළා.
මහේෂ් එදිරිසිංහ