ඔබ ගැන කෙටියෙන් කිවොත්?
මම නිම්මි මනෝහාරි. ඉන්නේ නුවර. මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයෙන් තමයි ඉගෙන ගත්තේ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ.
නාඩගම්කාරයෝ නාට්‍යයෙන්ද ඔබ ක්‍ෂේත්‍රයට ආවේ?
ඔව්. මේ මගේ පළමු වැනි නිර්මාණය. මගේ ඥාති සහෝදරයකු හරහායි මම මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
නිම්මි රංගනය පිළිබඳව හදාරලා තියෙනවාද?
රංගනය පිළිබඳව හදාරලා නැහැ. පාසල් යන කාලෙත් නනය තමයි මම ඉගෙන ගත්තේ. මේ නාට්‍යයට මට කතා කරද්දී මම බැහැ කිව්වෙත් මම රංගනය පිළිබඳව හදාරලා නැති නිසා. නිෂ්පාදකතුමා මගේ චකිතය නැති කරලා ලොකේෂන් එකට යැව්වා. ඊට පස්සේ වැඩ කරගෙන යද්දී නාට්‍ය එක දිගටම ඉන්න ඕනෙ කියලා මට හිතුණා.
ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර හොඳයි. ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයත් පිළිගැනීමත් තියෙනවා. රංගනයේ ගුණදාස් කියනවා. වැරැදි හදාගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
නිම්මි කියන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ වගේම දඟකාර චරිතයක්ද?
ඔව්. ඇත්තටම ඉස්කෝල්ලේ යන කාලෙත් දහකාර කටකාර චරිතයක්. මම බාලිකා පාසලක තමයි ඉගෙන ගත්තේ. ඉතින් පිරිමි ළමයින් නෑනෙ.. සහෝදර පාසල්වල පිරිමි ළමයි කරන විසේකාර වැඩත් කළා. අඹ ගස්වල නැඟලා අඹත් කැඩුවා. ඒ වුණාට ගුරුවරු, ළමයි හැමෝම මට ආදරෙයි. මට හිතෙනවා ඒකත් එක්ක මේ චරිතය කරන්න මට ගොඩක් ලේසි වුණා.
නිමි දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවාද?
මම සංචාරක ක්ෂේත්‍රයේ ඉවෙන්ට් කෝඩින්ටින්ගේ පැතේ රැකියාවක නිරතවෙලා හිටියේ. කොරෝනා තත්ත්වයත් එක්ක සංචාරක කටයුතු බිඳ වැටිලා. නැවත තත්ත්වය යථා තත්වයට පත් වුණාම කාලය කළමනාකරණය කරගෙන රැකියාවයි රංගන කටයුතුයි දෙකම කරන්න බලාපොරොත්තු වෙනවා.
තරුණ කණ්ඩායමක් එක රංගනයේ යෙදෙන එක පහසුද?
ඔව්. සෙනාලි ෆොන්සේකා අක්කා, සජිත ඇන්තනි අයියා, කෝකිල පවන් අයියා, සංගීත් ප්‍රභූ, විරාජ් ධනුෂ, පසිඳු විතානගේ මේ වගේ සම වයස් කණ්ඩායමක් එක්ක අපි වැඩ කරන්නෙ. ඒක පහසුයි. අපි අදහස් බෙදා ගන්නවා. ඊළඟ සීන් එක කරන්නෙ කොහොමද කියලා කතා බහ කරනවා. සජිත අයියා අපිට ගොඩක් මහපෙන්වනවා.
සැබෑ ජීවිතයේත් නිහඬ චරිතවලටද වැඩි කැමැත්ත?
මම කැමැතියි කලාව ගැන, සමාජයේ ප්‍රශ්න ගැන කතා කරන්න. නිහඬ චරිතවලටත් කැමැතියි. හැබැයි සාකච්ඡා කරන දේවල්වලට කට්ටියත් එක්ක කතා කර කර ඉන්න ආස කෙනෙක් මම.
ඉදිරියේදී තියෙන කලා කටයුතු මතක් කළොත්?
අලුත් නාට්‍යයක වැඩ භාර අරගෙන තියෙනවා. එහි රූගත කිරීම්වලට ඉදිරියේදීත් සම්බන්ධ වෙනවා.
තරුණයන්ගේ වැඩි ප්‍රතිචාර ලැබෙනවා ඇති?
එහෙම විශේෂයක් නම් නැහැ. නාට්‍යයේ සුරංග අයියට ඉදලෙන් ගැහුවට පස්සේ නම් මොකද ඔච්චර සැර කියලා ඒගොල්ලො අහනවා.
ස්තූති කරන්නත් පිරිසක් ඇති?
මේ නාට්‍යයට මාව සම්බන්ධ කරගත්ත නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාටත්, ශිවගුරුනාදන් මහත්මයාටත්, සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයාටත්, මගේ සහෝදර කලා ශිල්පීන්ටත් මගේ පවුලේ අයටත් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට ගොඩක් අවස්ථාවල රඟපාන්න තියෙන්නේ අපේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා සහ මීනා කුමාරි මහත්මිය එක්ක. ඒ දෙපළ මට ගොඩක් උදවු කරනවා. ප්‍රසන්නජිත් මහත්මයා ඔහුගේ රංගන වැඩමුළුවලට අපිව සම්බන්ධ කර ගන්නවා. අපි හැමෝටම මඟපෙන්නනවා.
ඔබ සම්බන්ධ වුණ පළමු නිර්මාණයේ අමතක නොවන සිදුවීමක් කිව්වොත්?
මම නාට්‍යයට ආපු පළමුවැනි දවසේ රෑ රූ ගත කිරීමක් තිබුණා. ඒ සීන් එකේ ටේක් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. ඒක මතක් වෙද්දී නම් දැන් මට හිනත් යනවා.
නාට්‍යයේ ඔබ වඩා ප්‍රියකරන චරිතය ඇහුවොත්?
ගජමෑන්ගේ චරිතයට තමයි මම කැමැති. වෙන අයට ඩයලොග් තියෙනවා. ගජමෑන් සිනහවෙන් ප්‍රතිචාර දක්වනෙ. වචනයක් දෙකක් කියනවා විතරයි. නිශ්ශබ්ද චරිතයක්. ඒ චරිතය කරන එක අමාරුයි.