බණ්ඩෝ උඹත් මගේ ජීවිතයට හම්බ වෙච්ච මාර මනුස්සයෙක්



කුසල් මධුරංග – මේ නම ඔයාලට එච්චර හුරු නැතිව ඇති. හැබැයි පාරදිගේ බණ්ඩා කිව්වහම නොදන්නා කෙනෙක් නැහැ. ඒ නිසාමනේ මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී වසරේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය කුසල් මධුරංගට හිමි වෙන්නේ. බණ්ඩා කියන චරිතයට මිනිස්සු ඒ තරමටම ආදරෙයි. කුසලූත් ජනප‍්‍රිය නළුවා වෙන්න බණ්ඩා වගේ ගේමක් ගැහැව්වද? කියවලා බලන්නකෝ බණ්ඩා ගැන කුසල් කියන කතාව.



 බණ්ඩා මෙච්චර දෙයක් කරයි කියලා කුසල් හිතුවද?


 මෙච්චර දෙයක් වෙයි කියලා ඇත්තටම එහෙම ලොකුවට හිතුවේ නැහැ. හැබැයි මේ නාට්‍යයේ පළමු වැනි රූගත කිරීම් කරන්න ගිය දවසේ ශිවගුරුනාදන් මහත්මයා පිටපත පෙන්වලා කිව්වා මේක තමයි මේ නාට්‍යයේ තියෙන හොඳම චරිතය කියලා. මේ චරිතය තමයි මිනිස්සු අතරට යන චරිතය, ඒක නිසා මේක හොඳට කරගත්ත කියලා ඒ වෙලාවෙත් එහෙම ලොකුවට හිතුවේ නැහැ. හැබැයි ඉතිං මෙහෙම දෙයක් වෙලා තියෙනවා.


ජනප‍්‍රිය නළුවා කුසල් කියලා හිමාලි ඔබේ නම කියනකොට මොකද හිතුණේ?


 ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තු කිසිවක් තිබ්බේ නැහැ. හිමාලි අක්කා මගේ නම කියද්දිත් පුදුම හිතුණා. හැබැයි මෙහෙම දෙයක් තිබුණා. ජීවිතයට පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය මේ විදිහට ලැබෙනවා කියලා දැනුනම මට මාර සන්තෝෂයක් ආවා. ඒක එක්කයි මම වේදිකාවට ගියේ. ඇත්තටම මම මේ වෙලාවේ ඒ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන්ව මතක් කරන්න ඕනෑ. මට වඩා මේ සම්මානය වෙනුවෙන් සතුටුවෙන පේ‍්‍රක්‍ෂකයෝ පිරිසක් මට ඉඳලා තියෙනවා. ඒ ගැන මට සෑහෙන සන්තෝෂයි.


 * ගේම් කාරයකුට ජනප‍්‍රිය නළුවා හම්බවෙන්නේ හරිම කලාතුරකින්. හිමාලි ඒ කියපු කතාව හිතට දැනුනේ කොහොමද?


 අවංකවම සමාජය විසින්මයි ගේම්කාරයෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඕනෑම මනුස්සයෙක් ගේම් කාරයෙක් කරන්නේ මේ සිස්ටම් එක. ඒ තත්ත්වයට පත් කරන්නේ සමාජය විසින්. එතකොට මේ බණ්ඩා කියන චරිතය එහෙම ගේම් කාරයෙක් වුණත් ඒ චරිතය ඇතුළේ තියෙනවා සර්ව සාධාරණ දේවල් ගැන, මේ සිස්ටම් ගැන, විවිධ පැතිගැන,


 දේශපාලනය ගැන, ආදරය ගැන, මිනිස් සබඳතා ගැන, ස්වයං කථනයක් තියෙනවා. ඒ දේවල් එක්ක මිනිස්සුන්ට හරි ආදරය හිතෙන චරිතයක් තමයි බණ්ඩා. මම කවදාවත් උත්සාහ කළේ නැහැ කැමරාව ඉස්සරහා ලස්සනට ඉන්න. ගොඩක් නළු නිළියන්ට තියෙන ප‍්‍රශ්නයක් තමයි එයාලා කැමරාව ඉස්සරහ ලස්සනට ඉන්න කොණ්ඩෙ පිළිවෙළට හදාගෙන එහෙම ඉන්න.


ඒ නිසාමද ඔබ සම්මාන උලෙළේ දී වේදිකාවට ගොඩ වෙන්නේ බොහොම සරල කොල්ලෙක් විදිහට?


 යෞවන සම්මාන උලෙළ, රාජ්‍ය නාට්‍ය උලෙළ, ළමා නාට්‍ය උලෙළ කියන ගොඩක් සම්මාන ගත්තු කෙනෙක්. ඔය ටයිප් එක තමයි මම අඳින විඳිහ මගේ විලාසිතාව. මම එතැනදිත් පාවිච්චි කළේ ඒක. මම ආසයි සරල ටයිප් එකට. මට අනූව ඒක ඕනෑම තැනක අඳින්න පුළුවන්. වැදගත් පිළිවෙළයි. මිනිස්සු ඔය සරල කම කියලා දකින්නේ ඒක. ඇඳුම් පැළඳුම් වුණත් ලොකුවට හිතලා අඳින්න උත්සාහ කළේ නැහැ. සාමාන්‍යයෙන් මම කොණ්ඩෙ පීරන්නේ නැහැ. හැබැයි එදා කොණ්ඩෙ ටිකක් හදාගන්න සිද්ධ වුණා.


  සම්මාන උලෙළෙන් පසුව පාරදීගේ සෙට් එක මොනවද කිව්වේ?


 පාරදිගේ කණ්ඩායමටම සතුටුයි. ඒක ජනප‍්‍රියම ටෙලිනාට්‍ය වුණා. එතකොට ශිවගුරුනාදන් මහත්මයා, සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්මයා, චාමර සමරවික‍්‍රම මහත්මයා වගේම මගේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිණියන් සියලූම දෙනා සෑහෙන සතුටු වුණා. ඒක පිවිතුරු හදවතින් කරපු දෙයක්. සමහර වේලාවට


 රයිගම් ටෙලිස් මුලාරම්භයේ ජනප‍්‍රියතම නළුවාට නම් යෝජනා වෙන වේලාවේ ගයාන් සමිත් කියලා තිබුණා කුසල්ට වෝට් කරන්න අපිට වෝට් කරන්න එපා කියලා. ඒ වගේ සහෝදර පිරිසක් තමයි හිටියේ. මට සෑහෙන යාළුවන් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම හරි සන්තෝෂ වුණා. මේක මගේම සම්මානයක් නෙමෙයි. ගොඩ දෙනෙකුගේ මහන්සියක්. මේ සම්මානය සියලූම දෙනාට අයිතියි.


 බණ්ඩාගේ ස්පොට් එකට මිනිස්සු හරි ආදරෙයි. කෝච්චියේ යන කොටත් මිනිස්සු හැරිහැරී බලබලා යනවා.


 සමහරු ෆේස් බුක් පණිවුඩ ෂෙයාර් කරලා තිබුණා. ‘‘බණ්ඩලාගේ නිවසට ආවා අනේ බණ්ඩා හිටියේ නැහැ’’ කියලා. මිනිස්සු මාර විඩාබර ජීවිතයක් ගත කරන්නේ. මිනිස්සුන්ට මග තොටේ දී තියෙන ප‍්‍රශ්න ටික වැඩියි. ගෙදර ආවහම තියෙන ප‍්‍රශ්න ටික වැඩියි. හැම ප‍්‍රශ්නයක්ම තියෙනවා. ඒ වගේ වෙලාවක මිනිස්සුන්ගේ හදවතට කතා කරන ටෙලි නාට්‍යයක් බලන්න මිනිස්සු අකමැති වෙන්නේ නැහැ. පාර දිගේ නාට්‍යයට ගොඩක් මිනිස්සු ආදරේ ඇති. ඒ ආදරයත් එක්ක තමයි මිනිස්සු සතුටු වෙන්නේ. ඒ ආදරය වෙනුවෙන් තමයි පේ‍්‍රක්‍ෂකයෝ අපිත් සම`ග ඉන්නේ. මෙච්චර මිනිස්සු ආදරය කරන නාට්‍යයකට රංගනයෙන් දායකවෙන්න ලැබීම බොහොම සතුටු දනවන කාරණාවක්.


 කුසල් ජනප‍්‍රිය නළුවා වෙන්න කිසිම කැම්පේන් එකක් කළේ නැහැ කියලද කියන්නේ?


 මම නම් අවංකවම කැම්පේන් කළේ නැහැ. තවම ෆේස්බුක් එකේ මට සුභ පතලා තිබුණු අයටවත් සුභ පතන්න බැරි වුණා. ජනප‍්‍රිය නළුවා වෙන්න කිසිම කැම්පේන් එකක් කරන්න ඕනෑ නෑ. අනික ජනප‍්‍රිය නළුවා නම් මුකුත්ම නොකර ජනප‍්‍රිය නළුවා වෙන්න එපායැ. ඒකට කැම්පේන් කරන්න ඕනෑද? ජනප‍්‍රියම නළුවා නම් එයා කිසිම මහන්සියක් නැතිව ජනප‍්‍රියම නළුවා වෙන්න එප යැ.


ඔබේ බලාපොරොත්තුව ජනප‍්‍රියම නළුවා නෙමෙයි. හොඳම නළුවා වෙන්න. ඔබ වේදිකාවේ දී කිව්වෙත් ඒ කතාවම නේද?


 අවංකම නැහැ. ඒක මගේ අවංක සිතුවිල්ල. ජීවිතයේ මට හොඳම නළුවා වෙන්න අදහසක් තිබිලා තියෙනවා. ජීවිතයේ එක එක කඩඉම් අවස්ථා තිබිලා තියෙනවා. ඒක මට අරුමයක් නෙමෙයි. මම වේදිකා නාට්‍ය බර ගණනාවක හොඳම නළුවා වෙලා තියෙනවා සහ සහාය නළුවා වෙලා තියෙනවා. නමුත් මේ වගේ සම්මාන උලෙළක ජනප‍්‍රියම නළුවා වෙනවා කියන ආසාව මගේ චූටි කාලෙවත් හිතේ කොණක තිබිලා නැහැ. එහෙම දෙයක් හිතුවේම නැහැ. හැබැයි ඒක මට ලැබිලා තියෙනවා. ඒක ගැන මාර ගෞරවණීය විදිහට සතුටු වෙනවා.


 ඇත්තටම කුසල්ට බණ්ඩාට මොනවද කියන්න තියෙන්නේ?


 බණ්ඩාට කියන්න තියෙන්නේ අවංකවම බණ්ඩෝ උඹත් මගේ ජීවිතයට හම්බ වෙච්ච මාර මනුස්සයෙක්. ඇත්තටම උඹ මගේ යාළුවෙක්. සමහර අවස්ථාවලදී පේ‍්‍රක්‍ෂකයෙක් විදිහටත්බ ණඩා ගැන මට පොඩි සන්තෝසයක් තියෙනවා. බණ්ඩා කියන්නේ හරි ආදරණීය මිනිහෙක්. ඉතිං මම දායක වුණ ටෙලි නාට්‍ය වැඩසටහන් ලොකුවට බලන කෙනෙක් නෙමෙයි. හැබැයි ගිය දවස් ටිකේ මම පාරදිගේ ටෙලි නාට්‍යය යූ ටියුබ් එකෙන් බැලූවා. ඇත්තටම මම දැන් පාරදිගේ ටෙලි නාට්‍යයේ පේ‍්‍රක්‍ෂකයෙක්. මම වැඩකරපු නාට්‍ය ජීවිතේට ආයේ ආයේ නරඹලා නැහැ. හැබැයි මම දැන් පාරදිගේ බලනවා. කුසලූත් දැන් බණ්ඩාගේ පේ‍්‍රක්‍ෂකයෙක්.


 එතකොට කුසල්ට මොනවද කියන්න තියෙන කතාව?


 අවංකවම මම මේ සම්මානය ගැන සන්තෝසයි. ඒක හරි ගෞරවනීය සම්මානයක්. ඒ වෙනුවෙන් දැන් මට වගකීම් කොටසකුත් භාරවෙලා තියෙනවා. මම ඒ වගකීමත් ඉෂ්ට කරන්න ඕනෑ. පේ‍්‍රක්‍ෂකයෝ මට ජනප‍්‍රියම නළුවා, ආදරය කරන නළුවා කියන දේ ලබාදීලා තියෙනවා. එතකොට සමස්ත පේ‍්‍රක්‍ෂකයන්ට වගකියන්න ඕනෑ කියන කාරණාව මම විශ්වාස කරන දෙයක්. එතකොට දැන් තමයි වැඬේ තියෙන්නේ. බොහොම සීරුවෙන් මාරුවෙන් හරිම බුද්ධියෙන් ගමනක් යන්න ඕනෑ වෙලාවක්. මගේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයෝ මගේ සියලූම යාළු මිත‍්‍රයෝ මම වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මගේ අම්මා තාත්තා මම වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ හින්දා හරි ආකාරව දැන් තමයි ගමන ආරම්භ කරන්න ඕනෑ. හදිසි නෑ. හිමින් කලබලයක් නැතිව ඔය ගමන යමු. ජීවිතයේ සමහර දේවල් හරි අහම්බවල්. ඒ අහම්බවල් ජීවිතයේ මිස් කරගන්න එපා. සමහර අහම්බවල් හරි වටිනවා. ඒ වගේ අහම්බයක් තමයි පාරදිගේ බණ්ඩා චරිතය සහ පාරදිගේ නාට්‍යය. ක්‍ෂේත‍්‍රයට එන්න හිතාගෙන ඉන්න මගේ යාළුවෝ මිත‍්‍රයෝ නංගිලා මල්ලිලා අක්කලා අයියලාට කියන්නේ තමන් කරන වැඬේට අවංකවෙලා කරන්න. ඒ වැඬේ තමන්ව ඔසවලා තියාවි. තමන්ට ලොකු මහන්සියක් දරන්න වුවමනා නෑ, තමන්ගේ ප‍්‍රතිරූපය හදාගන්න.


දිනේෂ් විතාන






Previous Post Next Post