අන්සතු ඔබ’ ගීතය ජනප්‍රිය වූ තරමටම එහි රූප රචනයට රංගනය එක් කළ නිපුනි ගුණවර්ධනත් ජනප්‍රිය වුණා. විශේෂයෙන් ඇගේ වටකුරු මුහුණ සහ කළු ලපය බොහෝ දෙනා ඇයව මතකයේ තබාගන්න හේතුව බවට පත්වුණා. ‘අන්සතු ඔබ’ හි නිපුනි හදිසියේම ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයේ සංවර්ධන නිලධාරිනිය ලෙස සජිත්ට උදව් කරන්න ඇවිත්.
කොහොමද මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?
‘අන්සතු ඔබ’ වීඩියෝ එකෙන් තමයි බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ. ඒ හැරුණාම තමයි රංගන අයියා මට මේ චරිතයට කතා කළේ. බොහොම කැමැත්තෙන් වැඩේ බාරගත්තා.
අසම්මත පෙමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කලින් තරමටම තාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම අද කොතැන උන්නත් මිනිස්සු මාව හඳුනාගන්නේ එතැනින්.
දිගටම සංවර්ධන නෝනගේ චරිතය රඟපානවාද?
දැනටමත් කොටස් කීපයක් රූපගත කරලා තියෙන්නේ. මේ දවස්වල එහි රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මම දිගටම නාට්‍යයේ ඉන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ තිර රචකයා තමයි.
තවත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
මේ දවස්වල නම් ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු, මොකද වෙන්නේ කියලා.
මේ දවස්වල ආදර යෝජනා ගොඩක් එනවා ඇති නේද?
ඇත්තටම ආදර යෝජනා නම් ගොඩක් එනවා. ඉස්සරහට ඒ දේවල් ගැන සලකා බලමු.මේ දවස්වල මගේ රංගන කටයුතු වෙනුවෙන් තමයි කැපකිරීම් කරන්නේ.
නාඩගම්කාරයෝ තුළ ඔබට විශේෂිත වූ චරිත තිබෙනවාද?
එහෙම විශේෂයක් නැහැ. නාට්‍යයේ ඉන්න හැම චරිතයක්ම මට විශේෂයි.හැමෝම එක්ක සහයෝගයන් කටයුතු කරගෙන යනවා.
මේ දවස්වල මොනවද ඔබගේ අලුත් තොරතුරු?
මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේම රංගන ශිල්පිනියක හැටියට සාර්ථකව රඟපෑම් කටයුතු කරගෙන යනවා.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාමත්ම හොඳ සතුටු විය හැකි ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. පාරේ යන්න බැරි තරමට බොහෝ දෙනාගේ කැමැත්ත හිමිවෙලා තියෙනවා.
ජීවිතයට අමතක නොවන අත්දැකීම් ලැබිලා ඇති නේද?
ඒවා නම් බොහොමයි. මේ දිනවල රූපගත කරන නාඩගම්කාරයෝ නාට්‍යයේ හරි අපූරු සිදුවීමක් කියන්නම්කෝ. මෙ නාට්‍යයේ මට ස්කූටියක් පදින්න තියෙනවා. හැබැයි මම මීට කලින් කවදාවත්ම ස්කූටියක් පැදලා තිබුණේ නැහැ.
අධ්‍යක්ෂතුමා ස්කූටියක් පදින්න තියෙනවා කියලා කිව්වාම මම හොඳටම බය වුණා. මේ කොටස අනිවාර්යයෙන්ම මම කළ යුතු නිසාම බය පැත්තක තියලා ස්කූටිය පදින්න තීරණය කළා.
ජීවිතේට එකතු වෙන හැම දෙයක්ම අලුත් අත්දැකීමක් කරගන්න මම කැමතියි. අවසානයේ බය අමතක කළාම මට ඒ දේ කරගන්න පුළුවන් වුණා. හැබැයි දවසක් මගේ අතින් බයික් එක රේස් වුණා. එදා නම් මම හොඳටම බය වුණා. ඒ සිදුවීමනම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර