අරුණි රාජපක්ෂ. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය තවත් සුරූපිනියකි. නිරුපිකාවක් ලෙසට ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 2007 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමත් සමඟ දෙස් විදෙස් ජනතා ආදරයට පත් වූ සොඳුරු රුවන්තියකි. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස ද ආදරය නොඅඩුව ලබන ඈ ෆැෂන් ගැන මේ විදියට පුවත්පතක් සමඟින් ඇගේ අදහස් පළ කර තිබුනා.
ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත් ?
විශ්ව රූ රැජිනියක්. නිරූපිකාවක්. රංගන ශිල්පිනියක්. නිවේදිකාවක්. ආදරණීය බිරිඳක්. සෙනෙහෙබර මවක් .
මේ චරිත වලින් වැඩිපුර ම ආදරේ?
අද මගේ ලෝකය මව, බිරිඳ කියන භූමිකා දෙක ඇතුලේ ආදරයෙන් සෙනෙහසින් පිරිලා. ඒ නිසාම මේ චරිත දෙකට ගොඩක් ආදරෙයි .
විලාසිතා කරන්න එදා වගේම අදත් කැමතිද?
අම්මෝ ඔව් . විලාසිතා කියන්නේ මගේ ජීවිතේම කොටසක්. ලස්සනට, ගැලපෙන විදිහට ,ස්මාට් විදිහට අඳින්න මම කොහොමත් හරිම කැමතියි .අද වෙනකොට මං මට ගැළපෙන විදිහට මවක් බිරිඳක් විදිහට ගෞරවය ආරක්ෂා වෙන විදිහට විලාසිතා කරනවා .
වයසත් එක්ක කරන විලාසිතා වෙනස් වෙනවා ද ?
ඔව් ඇත්තෙන්ම. ඉස්සර මම නිරූපිකාවක් විදිහට වත්ම තරුණ වයසේදී හිතට ආස හැම ඇඳුමක්ම ඇන්දා. විශේෂයෙන්ම නිරූපිකාවක් කියන හැගර්” එකක් වගේ. මොන ඇඳුම් ඇඟට දැම්මත් ඇයට ගැලපෙනවා. නිළියක් විදිහට වගේම නිවේදිකාවක් ලෙස කටයුතු කරන කොටත් මට මම ආසම දේවල් බාහිර පෙනුම වැඩි වන විදිහට සිරුරට ගැළපෙන ඇඳුම් තෝරා ගත්තා. අද වන විට විලාසිතා කරනකොට මූලිකත්වය දෙන්නේ ස්වාමියාගේයි දරු දෙදෙනාගෙයි ගෞරවය ආරක්ෂා වෙන විදිහට. එංගලන්තේ වැඩි කාලයක් ඉන්න නිසා ඒ රටට, ඒ දේශගුණයට ගැලපෙන විදිහටත් මම විලාසිතා කරනවා .ඒ අනුව බලන කොට කාලෙත් එක්ක,වයසත් එක, විලාසිතා කරන්න තියෙන ආසාවල් වෙනස් වෙනවා.
විලාසිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ කරුණුද?
අංක එක ඇඟේ හැඩය ගැන හිතන්න ඕනේ අපි කවුරුත් අංගසම්පූර්ණව ශරීරය හැඩයක් තියෙන අය නොවේ. ඒ නිසා අපේ ශරීරයට වඩාත්ම ලස්සන ඇඳුම මොකක්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. කාලෙන් කාලෙට අලුතින් එන විලාසිතා තමන්ට ගැලපෙන්නේ නැත්නම් ඒ වගේ විලාසිතා නොකර ඉන්නවනම් ගොඩක් හොඳයි. තව කෙනෙකුට ලස්සනට ඇඳට ගැලපෙන විලාසිතාවක් සමහරවිට තම ඇඟට ගැලපෙන්නෙ නැතිවෙන්න පුළුවන් . ඒ නිසා පුවත්පතක ,සඟරාවක,රූපවාහිනියක ,ඩමියක තිබුණු පමණින් කිසි විටෙකත් ඇඳුම් තෝරා නොගත යුතුයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඇඟට, වයසට ,පෞරුෂය ට ගැළපෙන විදිහට විලාසිතා තෝරා ගන්න ඕනේ.
විලාසිතා වලින් අපට අනන්‍යතාවක් ගොඩනඟා ගත හැකි ද?
ඔව්. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගන්න පුළුවන් මහ පුදුමාකාර බලයක් ගැලපෙන ඇඳුමක් ඇඳීමෙන් ලැබෙනවා. අනිත් දේ තමයි ලස්සන ගැලපෙන ඇඳුමක් ඇන්දහම හිතට දැනෙන සතුට ..ඒක සමහර වෙලාවට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් .
අරුණි රාජපක්ෂ කියන ඔබ ගොඩ නගාගත් රාමුව ඇතුලේ විලාසිතා කරන්නේ කොහොමද?
මම හරිම ආසයි ස්මාට් විදිහට අඳින්න. ගවුම් , සාරි ,කොට්, කලිසං මේ කොයි ඇඳුම ඇන්දත් ස්මාට් විදිහට අදිනවා. ඊට අමතරව ගැළපෙන විදිහට හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරනවා. ඉස්සර වගේ ඇඳුමට ගැලපෙන පාවහන්, බෑග් මැච් කරන විලාසිතා ක්‍රමය දැන් නැහැ .ඒ නිසා අදින ඇඳුමට වටිනාකමක් දෙන බොහෝ විට උත්සාහ කරන්නේ කොන්ඩ විලාසිතාවෙන් සහ පාවහනුයි අන්කොමන් එකකිනුයි.
පුංචි කාලෙ ඉඳලම ලස්සනට අදින්න ආස කෙනෙක් ද?
ඔව්. අම්මා කියනවා ඉස්සර මොන්ටිසෝරි යනකොට අඳින ගවුමේ පාටට මේ දෙක දාන්න කියලා මම අඩනවාලු. ඒ වගේ අම්මාට සද්දේට සින්දු දාන්න කියලා මම උස අඩි සපත්තු දාගෙන කැට් වෝක් කරනවලු..
ඔබ ලස්සනයි කියලා ඔබට දැනෙන්න ගත්තේ?
පුංචි කාලේ ඉඳලම ” මම ලස්සනයි ” කියන වචනෙ නම් නිතරම ඇහුණා. නමුත් ඔබ විශ්වාස කරයිද දන්නෑ මම ලස්සනයි කියලා ඇත්තටම මට දැනෙන්න පටන් ගත්තේ මගේ දියණියන් දෙදෙනා ලැබුණාට පස්සේ එයාලා දෙන්නා ම දකින හැමෝම කියන්නේ " අම්මා වගේම හරිම ලස්සනයි” කියලා . ඇත්තට ඒ දෙන්නගේ දිහා බලාගෙන මම වෙලාවකට කල්පනා කරනවා ඇත්තටම මම මෙච්චර ලස්සනද කියලා. මට හිතෙන්නේ මම මාව මගේ දියණියන් දෙදෙනාගෙන් දකිනවා කියලා ...
විලාසිතා කරන්න ගිහින් අමතක නොවන සිදුවීම් එහෙම සිද්ධ වෙලා තියෙනවා ද?
අම්මෝ තියෙනවා .නිරූපිකාවක් විදිහට ෂෝ වලට සම්බන්ධ වුණාම කෙටි කාලයක් තුළ දී අපිට ඇඳුම් කීපයක් මාරු කරන්න සිද්ධ වෙනවා .දවසක් ඒ වගේ සාරි විලාසිතා නිරූපණය කරද්දී ස්ටේජ් එක උඩ දී සාරියේ රැලි ටික කඩාගෙන වැටුණා. මොකද අපි නිරූපණයට අඳින ඇඳුම් නැවත විකුණන්න යවන නිසා ඒවට "කටු" ගහන්නේ නැහැ. ඒ නිසා ඉතින් මොනා කරන්නද සාරිය අතින් අල්ලන් , පුළුවන් තරම් ඉක්මනට ස්ටේජ් එකෙන් එලියට ආවා දවසක් ඒ වගේම ස්ටේජ් එකේ කරනකොට සපත්තුවේ අඩිය ගැලවිලා ගියා.....
ස්වාමියා ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ විලාසිතා කරන එකට ?
ගොඩක් ආසයි මම ලස්සනට අදිනවට. සමහර වෙලාවට මම විලාසිතාවලට ඇම්බැහි වෙලා වගේ කියලත් විහිලු කරන අවස්ථා තියෙනවා....මොකද මම හරිම ආසයි මම වගේම එයයි දරුවො දෙන්නයි ගැලපෙන විදිහට අදිනවාට. එහෙම අදින්නේ නැති වෙලාවල් වලට යන්න තියෙන ගමනට කොච්චර පරක්කු වුණත් මම කියන්නේ වෙලාව ගියාට කමක් නෑ ගැලපෙන විදියට ඇඳගෙන යන්න කියලා ...ඒ වගේ වෙලාවට මට විහිළු කරනවා " ෆැෂන් පොලිසියෙන් ඇවිත් වගේ කියලා ....
එදා මෙදා තුර ඔබ කල විලාසිතා වලින් ඔබට වඩාත්ම ගැලපෙන විලාසිතාව කුමක්ද ?
නිරූපිකාවක් විදියට කටයුතු කරන කොට මොන විලා සිතාව කළත් බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක් වුණා ....සොඳුරු මතකයක් විදියට ගත්තම විවාහ උත්සවයේ දී මම සැරසුණු විදිහට මම අදටත් ගොඩක් ආසයි. ඉදිරියෙදි විලාසිතා කරද්දී සැලකිලිමත් ද? වයසට ගියාම රෙදි හැට්ට ඇඳන්, සාරි,ඔසරි ඇදන් ඉන්න ඕනේ කියලා එකක් නැහැ .අපි අපිට ගැලපෙන විදියට විලාසිතා කළ යුතුයි.
අසුන්තා එදිරිසිංහ