තව ඩිංගෙන් සිංහයෝ මාව කාලා දානවා - අමිල අබේසේකර




අමිල අබේසේකර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.. ඉතිං ඔහු ඔහුගේ මේ දවස් වල අලුත් විස්තර ගැන වගේම ඔහු travel කරනන් ආස තැන ගැනත් මෙන්න මේ විදියට පුවත්පතකට පවසා තිබුනා.


අමිල... මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?


මේ දවස්වල රුහේ කියලා අලුත් ටෙලිනාට්‍යයක් රූගත කිරීම් කරනවා. ඊට අමතරවනම් කිසිම වැඩකට අතගැහුවේ නෑ. මොකද රටේ පවතින තත්ත්වයත් එක්ක.


අමිල.. ඔබ Travel කරන්න ආසා කරන කෙනෙක්ද?


ඔව්. මම Travel කරන්න ගොඩක් ආසා කරන කෙනෙක්. මොකද මම ගොඩක් රටවල්වල Travel කරපු කෙනෙක්. ඒ වගේම ඉදිරියටත් Travel කරන්න ආසා කෙනෙක් මම. සමහරුනම් ගුවන්යානාවල පැය 10-15 වාඩිවෙලා යන්න ආසා කරන්නේ නෑ. නමුත් මම හරි ආසයි Travel කරන්න. පැය 10-15 ‍හරි කමක් නෑ Travel කරන්න තියෙනවානම් මට.


ඔබ කුඩා කාලයේ සිට Travel කරනවාද?


පුංචි කාලේ ඉඳන් මම ඇවිදින්න ආසා කරන කෙනෙක්. හැබැයි ඒ ලංකාව ඇතුළත විතරයි. මම පුංචි කාලේ Travel කරලා තියෙන්නේ යාළුවොත් එක්ක, ගෙදර කට්ටිය එක්ක. එහෙම මම ගොඩක් තැන්වල සංචාරය කරලා තියෙනවා. කොහොමත් මාසයකට සැරයක් විතර කොහේ හරි ඇවිදින්න යනවාමයි.


විනෝදාංශයක් විදිහට සංචාරය කරන්නන් පටන් ගත්තු කාලයේ සිට ඔබ ඇවිදින්න ගිය තැන් අතරින් ඔබේ හිතට දැනිච්ව තැනක් තියෙනවාද?  


මම ගොඩක් දේශීය සංචාර සහ විදේශීය සංචාර කරලා තියෙන කෙනෙක්. නමුත් මම ඒ කරපු සංචාර කරලා තියෙන කෙනෙක්. නමුත් මම ඒ කරපු සංචාරවලින් මගේ හිතට දැනිච්ච සංචාරයක් තමයි කෙන්යා සංචාරය.


අමිල.. කෙන්යා ගමන ඔබේ හිතට දැනෙන්න තරම් ඔබට විශේෂ හේතුවක් තියෙනවාද?


විශේෂ හේතුව තමයි මම කෙන්යා ගිය අවස්ථාවේ masai mara කියලා උද්‍යානයකට ගියා. පිටරට ටීවී චැනල්වල තියෙනවා එක එක සතුන්ගේ ජීවන රටාව ගැන ෂූට් කරලා පෙන්වන. ඒ සියලු දේ ෂූට් කරන්නේ මෙන්න මේ masai mara උද්‍යානයේ සිටයි. ඒ උද්‍යානය ලෝකේ ලොකුම උද්‍යානවලින් එක් උද්‍යානයක්. ඉතින් මගේ ඇස් දෙකෙන්ම මට දැකගන්න පුළුවන් වුණා අපි ජීවිතේට පියවි ඇසට නොදැකපු සතුන් පවා. මම ඒවා මගේ ඇස් දෙකෙන් දැකගත්තා. ඒ ගමනේ දී මට අලියෝ, කොටියෝ, සිංහයෝ, රයිනෝලා සහ කුළුමීමෝ විශාල වශයෙන් දැකගන්න වාසනාව තිබුණා.




අමිල.. ඔබට මේ කෙන්යා ගමනේ දී සිදුවුණු අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති නේද? 


අමතක නොවන එකම එක සිදුවීමක් තියෙනවා. එක්තරා තැනකදී අපි ගිය ජීප් එක නසිමාර් වනාන්තරය මැදදි නැවතුණා. ඊට පස්සේ අපේ ජීප් එකේ රියදුරු මහත්තයා ජිප් එක පණගන්වන්න කොච්චර උත්සාහ කළත් ඒක හරි ගියේම නෑ. ඒ වෙලාවේ අපේ ජිප් එකේ හිටියේ මමයි මගේ බිරිඳයි රියදුරු මහත්තයයි විතරයි. ඊට පස්සේ අපේ රියදුරු මහත්තයා වෙන ජිප් එකකට එන්න කියන්න එයාලගේ වෙන ජිප් එකකට දුරකථන ඇමතුමක් ගන්න ගියත් අපි හිටපු තැනට සිග්නල් පොඩ්ඩක්වත් නෑ.කොහොම හරි උත්සාහ කරලා කරලා වෙනත් ජිප් එකනට දුරකථන ඇමතුමක් ලබාගත්තා. ඒ රියදුරු මහතා අපිට කිව්වා මොනම හේතුවක් නිසාවත් ජිප් එකෙන් එළියට බහින්න එපා කියලා. මොකද සත්තු එළියෙ ඉන්න නිසා. නමුත් මම ජිප් එකෙන් එළියට බැහැලා මගේ බිරිඳට කිව්වා ඡායාරෑපයක් ගන්න කියලා. කොහොම හරි ඡායාරෑප කිහිපයක් ගත්තා එළියට බැහැලා. ඊට පස්සේ වෙන ජිප් එක කෙනෙක් ඇවිල්ලා අපේ ජීප් එක හැදුවා. පැයක් දෙකක් ගියා ඒ වැඩේට. කොහොම හරි හදලා මීටර් 100ක් ඉස්සරහට ගියේ නෑ.. සිංහයෝ රූනක් ඉන්නවා ගහක් ළඟ වාඩිවෙලා. ඒ සිද්ධිය දැකපු වෙලාවේ මට කටඋත්තර නැතිව ගියා. මීටර් 100ක් කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්නේ. ඒ වෙලාවේ ඒ සිංහයෝ ටික ආවනම් මට මොකද වෙන්නේ කියලා කියන්න දෙයක් නෑනේ. ඔන්න ඔය සිදුවීම කවදාවත් අමතක නොවන සිදුවීමක්.


ඒ අවස්ථාවේ දී ඔබේ බිරිඳ සහ එතන හිටපු අනිත් පුද්ගලයන් මොනවගේ ප්‍රතිචාරයක්ද ඔබට දැක්වූයේ?


බිරිඳත් එකපාරටම බයවෙලා මට හොඳටම බැන්නා ඔයා කියන දේ අහන්නේ නෑ කියලා. ඊට පස්සේ අපේ රියදුරු මහත්තයත් කිව්වා දැක්කා නේද මහත්තයා තව ටිකෙන් වෙන දේ කියලා. එයා කිව්වා ඒ වෙලාවේ ඒ සිංහයෝ රූන මොනවා හරි ආහාරයට අරගෙන හිටපු නිසායි කට්ටිය එක තැනකට වෙලා කම්මැලිකමේ හිටියේ කියලා. බැරි වෙලාවත් බඩගින්නක වගේ හිටපු වෙලාවක්නම් එයාලා සද්දවලට එතනට දුවගෙන එනවා කියලා. එහෙම ආවානම් සර්ව ඒ සිංහ රූනේ එක ආහාරවේලක් වෙන්න තිබුණා කියලා.


අමිල... ඔබ ලංකාව ඇතුළත Travel කරන්න ආසා කරන තැන් ඇති නේද? 


ලංකාවේ මම ගොඩාක් ආසා කරන්නේ නුවරඑළියට තමයි. මොකද මම සීතල දේශගුණයට ගොඩාක් ආසා කරන කෙනෙක්.


ඔබ කලා කටයුතුවල නිරතවෙන ගමන් සංචාරයට කාලය වෙන්කර ගන්නේ  කොහොමද?


රෑගත කිරීම් නැති ගොඩාක් වේලාවට මගේ බිරිඳත් එක්ක බිරිඳ ඉන්න රටේ තමයි ඉන්නේ. එතකොට එයාට ගොඩක් වේලාවට දුර ගුවන් ගමන් යන්න සිදුවෙනවා. ඒ වෙලාවට මමත් එයාත් එක්ක යනවා. ගිහිල්ලා සංචාරය කරනවා. එතකොට Traveling වලට කියලා වෙනම වෙලාවක් හදාගන්න ඕනේ නෑ. මම ඒ වෙලාවට නිදහසේනේ ඉන්නේ. ඒ වගේම අපේ උපන්දිනවලට, අපේ සංවත්සරවලට අනිවාර්යෙන්ම සංචාරයක් දාගන්නවා.


අමිල.. ඔබ වැඩිපුර සංචාරය කරන්න කැමති කාත් සමඟද?


මම කොහේ ගියත් යන්නේ මගේ බිරිඳත් එක්ක විතරයි. 


ඔබ ඒ කරන සංචාර සැලසුම් කරන්නේ කොහොමද?


ගොඩාක් වෙලාවට අපි දෙන්නාම තමයි සැලසුම් කරන්නේ. අපි කලින් ඒ තැන් ගැන සොයා බලනවා අත්තර්ජාලයෙන්. මොනවාද එහේ ගිහින් බලන්න තියෙන්නේ, යන්නේ කොහොමද වගේ දේවල් තමයි සොයා බලන්නේ. ඊට අමතරව ලොකුවට සැලසුම් කරන්නේ නෑ. 



කෙන්යා ගමනේදී ඔබට ආහාර ගැනීමේදි ප්‍රශ්න එහෙම ඇතිවුණේ නැද්ද?


ඔව්. එතනනම් අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. නමුත් අපිටනම් ඒක පුරුදුවෙලා. මොකද එක එක රටවල්වලට ගියාම ඒ ඒ රටවල්වල කෑමවලට හුරුවෙන්න වෙනවානේ. උදාහරණයක් වශයෙන් අපි අමෙරිකාවට ගියාම පුළුවන්තරම් උත්සාහ කරන්නේ තායි කෑම කන්න. මොකද ඒ රස අපේ රසට පොඩ්ඩක් හුරුයිනේ. ඒ නිසා අපි ඒ විදිහට හැඩ ගැහෙනවා.


ඔබ කවදාවත් නොගිය අනාගතයේ යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවාද?


ඔව්. මම යන්න ආසාවෙන් ඉන්න රටක් තියෙනවා. ඒ තමයි අයිස්ලන්තය. මොකද ඒහේ යන්න ආසා කරන්නේ.. ඒ රට අධීක සීතල රටක් නිසා. ඒ නිසා කවදා හෝ දවසක අයිස්ලන්තයට යන්න බලන් ඉන්නේ.


අමිල.. ඔබ Travel කරනවා කියන එක දකින්නේ කොහොමද? 


අපි මේ වගේ පුංචි රටක ඉපදිලා Travel කිරීමෙන් පිටරවල්වල තියෙන දේවල් දැකලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙන දේවල් එක්ක සමහර රටවල්වලට අපි ගියාම අපිට තේරෙනවා ඒ රටවල්වල විදිහ දැක්කාම අපේ රටවල් තව ගොඩක් දියුණු කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි. මනුස්සයෙකුට ගොඩක් දේවලුත් තියෙනවා ඉගෙනගන්න මේ Travel කරන එකෙන් කියලයි මට හිතෙන්නේ.







Previous Post Next Post