කොරෝනා වසංගතය බොහෝ පුද්ගලයන්ගේ ජීවනෝපායන් වළකා ගෙන ඇති අතර ඇතැම් පවුල්වලට ආදායම් මාර්ගයක් හෝ ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා සපුරාලීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් උදා කර තිබේ. මෙය අපේ රටට මෙන්ම ඉන්දියාවටද එක ලෙස බලපා ඇති බව පෙනේ. බොලිවුඩයේ ජනප්‍රිය තරු බොහොමයක් එවැනි පවුල් වෙනුවෙන් උපකාර කිරීම සඳහා ඉදිරිපත් වී සිටී. සල්මාන් ඛාන්, ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා සහ තවත් බොහෝ අය මේ සඳහා දායක වී ඇති අතර එදිනෙදා සැපයුම් සඳහා ජනතාවට උපකාර කර ඇත.
මේ වෙනුවෙන් එක්වන පූජා හෙජ් නගරයේ පවුල් 100 කට වියළි සලාක පාර්සල් බෙදා දීමට සැලසුම් කර තිබේ. එය තවත් විශේෂයකි. එනම් ඒවා ඇය විසින්ම ඇසුරුම් කිරීමයි. වෙහෙස මහන්සිය නොබලා තම අතින්ම මෙම උපකාර කිරීම වෙනුවෙන් වියළි සලාක පාර්සල් කරන අයුරු දැක ගත හැකි වූයේ තමා ඇසුරුම් කළ පාර්සල් අතර වාඩි වී තවත් පාර්සල් සකස් කරන අයුරු ඡායාරූපයක් ඇයගේ පවුලේ සාමාජිකයෙකු අන්තර්ජාලයට එක් කිරීමෙනි. කොව්ඩ් - 19 පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පූජා සිය සමාජ මාධ්‍ය ද භාවිත කළාය. ඇය පසුගිය මාසයේ වෛරසයෙන් සුවය ලැබූ අතර කොරෝනා වෛරස් ආසාදනයෙන් සුවය ලැබූවන්ට උපකාර කිරීම සඳහා විශේෂඥයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෝග සැසි කිහිපයක් පවත්වන්නට ද කටයුතු යෙදුවාය.