කොවිඩ් හැදුන භාතියගේ අත්දැකීම




පසුගියදා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී භාතිය ජයකොඩි ඔහුගේ අත්දැකීම  ගැන හරි TV සමග යෙදුණු කතා බහකදී ඉදිරිපත් කළා. ඔහු එහිදී පවසා සිටියේ, 


“මට දැනුම් දුන්නා මම සහභාගී වුන රැස්වීමක කෙනෙක්ට පොසිටිව් කියලා. මට කිසිම රෝග ලක්ෂණයක් නැති වුනත් මම PCR එකක් කළා. ඒක නෙගටිව්, ඔහොම ඉදී අර කම්මැලිකම වගේ දැනෙන නිසා දවස් 7කින් තව PCR එකක් කළා. ඒකත් නෙගටිව්. ඉතින් මම සාමාන්‍ය පරිදි බොහොම පරිස්සමින් වැඩ කරගෙන යද්දී ඔන්න ඊළගට ආවා මට පොඩි කැස්සක්. දැන් PCR දෙකක්ම නෙගටිව් හින්දා දන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් අරගෙන ගියා. කැස්ස වැඩි වෙන්න ගත්තා දවස් දෙකකින් විතර. පස්සේ සන්තුෂ් කිව්වා ඇඟේ ඔක්සිජන් බල මීටරයකින් චෙක් කරගන්න කියලා කෝකටත්.



ඒක බලද්දී ඔන්න අඩුවීගෙන යනවා. පස්සේ මම එවලෙම හිතවත් ඩොක්ටර් කෙනෙක්ට කතා කළාම කිවෙ රෝහල ඉඩ නෑ, කෝකටත් ඉක්මනින්ම එන්න කියලා. ගිහින් එතනදී චෙක් කරලා බලද්දි ඔන්න පොසිටිව්. පස්සේ දවස් 4ක් පමණ යනකන් මම දැඩි සකාරේ. කොවිඩ් නියුමෝනියාවට හැරිලා. දැන් සිහිවෙනවා ‘  එන්නෙත් තනියම යනෙත් තනියම නේන්ද කියලා. ඔන්න ඔහොම ඉද්දී එක දිගට ඔක්සිජන් දීලා දවස් 4කින් පමණ තමයි රිකවර් වෙන්න ගත්තේ” යනුවෙන් ඔහු පවසනවා.


එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, ” මම මේක කියන්නේ මම දැකලා තියෙනවා තවමත් මිනිස්සුන්ට ගානක් නෑ. පාටි දානවා, විනෝද වෙනවා, කිසිම පරිස්සමක් නෑ, කොවිඩ් වලට භය වෙන්න, පරිස්සම් වෙන්න” යනුවෙනි. 





Previous Post Next Post