අතුලයි හෙක්ටර් එක්ක වැඩ කිරීම අලූත් අත්දැකීමක් - හිමාලි සයුරංගි





ඇයව අපට මේ දිනවල මුණගැසෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධි ලෙසින් වගේම දෙවැනි ඉනිමේ අනුහස්ගේ අම්මා ලෙසිනි. ඒ විතරක් නෙමෙයි ඇයව අපට විවිධ අවස්ථාවලදී විවිධ චරිත හරහා දකින්න ලැබුණා. ඇය මේ චරිතවලට ඉටුකරන සාධාරණත්වය හේතුවෙන් ඇයට ද අඅනිසි වටිනාකමක් මෙරට සම්මාන උළෙලවලදී ද ලැබී තිබෙනවා. මේ ඇගේ හඬය. ඇය වෙන කවුරුත් නොවේ නමින් හිමාලි සයුරංගි ය.

 

  රසික රසිකාවියෝ සමාධි ගැන මොනවද කියන්නේ?

 

සමාධිගේ චරිතය විතරක් නෙමෙයි, සමස්ත නාට්‍යය ම ලොකු වෙනසක් ඇති කරලා තියෙන ිනිසා හොඳ රසික ප‍්‍රතිචාර ලැබෙනවා. මේ වගේ කතා අපි ඕනෑ තරම් දැකලා තිබුණට මෙහි ඇති විශේෂත්වය වෙන්නේ පරිසරය මූලික කරගෙන දර්ශන තල සැකසීම සුවිශේෂයි. දැන් රූගත කරන ටෙලිනාට්‍යවලට ගොඩක් වෙලාටව මේ වගේ දර්ශන තල යොදා ගන්නේ නැහැ. අනික ගොඩක් ටෙලිනාට්‍ය දැන් ඉක්මනට රූගත කිරීම් සිදු කරන්න වගේම ලෙහෙසියට කොළඹ අවට දර්ශනතලයන්් යොදා ගන්නේ. තව නාට්‍ය ලියන්නේ කොළඹ පරිසරය පාදක කරගෙනනේ. ඉතින් මම හිතනවා මේක ඒ සියල්ලට ම වඩා වෙනස් හින්දා පේ‍්‍රක්ෂකයන්ට අලූත් අත්දැකීමක් වෙයි කියලා.

 

  ඔබ මෙහි රඟපාන්නේ අතුල අධිකාරි සහ හෙක්ටර් ඩයස් කියන ගායක දෙපළ සමග නේද?

 

ඒක මට වෙනස්ම අත්දැකීමක්. මම ඇත්තට ම නළුවොත් එක්ක වැඩ කරලා තිබුණට ගායකයෝ එක්ක වැඩ කරලා නැහැනේ. ඉතින් ඒ අත්දැකීම මට හරි නැවුම්. කවදාවත් රඟපාලා නැති දෙන්නෙක් එක්ක තමයි මම රඟපාන්නේ. ඒක මගේ රංගන ජීවිතයට ලොකු වෙනසක්.

 

 ඉස්සරහට අගස්ති හා සමාධිට මොකද වෙන්නේ?

 

 ඒක නම් අපි කාලයට භාර දෙමු. මොකද කතාව කිව්වොත් බලන අයට ඒකේ වටිනාකම නැති වෙලා යනවානේ. මම හිතනවා මේ කතාව තුළ හොඳ ගැටුමක් ඉදිරියට තියෙනවා කියලා. ප‍්‍රතාපුත් මම කෙරේ යම්කිසි පේ‍්‍රමයක් එදා ඉඳන් ඇති කරගෙන හිටපු කෙනෙක්. එයා අදටත් මටත් දියණියටත් ආදරය කරනවා.

 

 ඇත්තට ම දෙවැනි ඉනිමේ අනුහස්ගේ මවට දැන් එතරම් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ නැහැ නේද?

 

 මට නම් එදා ඉඳලා අද දක්වා ඒ චරිතයට ලැබෙන ප‍්‍රතිචාරවලින් අඩුවක් වෙලා නැහැ. බලන පිරිසගේ වැඩි වීමක් මිසක් මට ඒකේ වෙනසක් දැනිලා නැහැ. එදා වගේම අදටත් එහි ජනපි‍්‍රයත්වය එලෙසමයි.

 

එදා සහ අද නිර්මාණ අතර වෙනස ඔබට කොහොමද දැනෙන්නේ?

 

 මම කොහොමටත් ආස එදා කරපු නිර්මාණවලට තමය.ි අනික මම ක්‍ෂේත‍්‍රයට ආපු අලූත අපිට රඟපාන්න කොටස් තිහේ හතළිහේ ටෙලිනාට්‍ය තිබුණා. ඒවාට විශාල කාලයක් ගත්තා. අද වගේ නෙමෙයි. අද කොටස් 20 ක් දවස් හයෙන් හතෙන් කරනවා. නමුත් ඒ කාලේ කොටස් දහයක් කරන්න අඩුම දින 20 ක් වත් ඕනෑ. ඒ මානසික නිදහස නළු නිළියන්ට වගේම කාර්මික ශිල්පීන්ට තිබුණා. නමුත් ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා.

 

 ඇයි ඒ?

 

 අද කොටස් දහයක් දවස් පහෙන් ගහන තත්ත්වයට ඇවිත්. එතැනදී හරි වෙහෙසකාරි බවක් දැනෙනවා. ඒ වගේ රූගත කිරීම්වලදී අපිට මානසික සුවතාවය කියන එක හරි අඩුයි. ඉතා ඉක්මනින් කෙටි කාලයකින් කොටස් ප‍්‍රමාණය වැඩි කරගන්න තමයි හැමෝම සැලසුම් කරන්නේ.

 

 ඔබ වැඩ කරන නිර්මාණ ගැන ඔබ තෘප්තිමත් නැත්ද?

 

මම කියන්නේ මම වැඩ කරන නිර්මාණ ගැන නෙමෙයි. සමස්ත නිර්මාණ කි‍්‍රයාවලිය ගැනයි. පසුගිය ටිකේම අපිට ආරාධනා ලැබුණා. හැම පිටපතක්ම ගත්තාහම එහි ප‍්‍රධාන චරිතයත් රූගත කරන්න තියෙන්නේ දවස් පහයි. දවස් පහෙන් ප‍්‍රධාන චරිතයක් රූගත කරන්නේ කොහොමද? කියන එකත් ප‍්‍රශ්නයක්. ඒ වගේ වෙලාවට මම එවැනි නිර්මාණ ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම අපහසුවෙන් රංගනය කියන දෙය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක පාරට ම තිබ්බ ගැහුවා වැඩ කරන්න අමාරුයි. ඒකයි මම තේරා බේරාගෙන හොඳ අධ්‍යක්ෂවරු යටතේ විතරක් රඟපාන්නේ.

 

  ඇයි එවැනි තීරණයක් අරගෙන තියෙන්නේ?

 

 මොකද දැන් ඉන්න ගොඩක් අධ්‍යක්ෂවරුන්ට පුදුම බලපෑමක් කරන්නේ ඉක්මනට ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකර ගන්න. ඉතින් ඒක නිසා මම ගොඩක් අඩුයි නිර්මාණවලට දකින්න ලැබෙනවා.

 

  අඩුවෙන් වැඩ කළොත් රංගන ජීවිතයට පසුබෑමක් ඇති වෙන්න පුළුවන් නේද?

 

 මම අදටත් වෘත්තීය මට්ටමෙන් පසුබෑමකට ලක්වෙලා නැහැනේ. අදටත් හොඳ නිර්මාණයක් තුළින් පේ‍්‍රක්ෂකයෝ් ළඟට එනවා. ඉදිරියේ යමක් දක්ෂයාට තැනක් තියෙනවා නම් අපි ඉදීවි.

 

 එදා ඔබ රඟපෑ තක්සලාවේ ගුරුවරිය ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?

 

 හරිම සුන්දරයි. ඒවා ස්මරණය කරද්දී පවා හරිම සනීපයි. මහන්සියි තමයි. නමුත් අපි බොහෝම සැලසුම් කරලා දවසම බොහොම පොඩි දර්ශන ප‍්‍රමාණයක් තමයි රූගත කිරීම් සිදු කරන්නේ. ඉතින් ඒ වුණාට ඒ වැඬේ හරි සාර්ථකයි. අනික චරිතයක් මිනිස්සු අතරට අරගෙන එන්න අපි සෑහෙන කාලවකානුවක් ගත්තා. ඒ මහන්සියේ ප‍්‍රතිඵල පේන්න තියෙනවා.

 

 මොනවාද ඒවායින් ලැබුණ ප‍්‍රතිඵල?

 

 සම්මාන උළෙලවලදී මට සම්මාන පවා ලැබිලා තියෙනවා. මෑතකදී වෙනකම් මම සම්මානයන්ට පාත‍්‍ර වුණා. ඉඳහිට වගේ මම හොඳ නාට්‍ය කළා. නිර්මාණවල මට නම් ප‍්‍රශ්නයක් නෑ. මොකද මම නම් දැන් හරි අඩුවෙන් තමයි වැඩවලට යන්නේ. ඒක මගේ ප‍්‍රශ්නයක්.

 

 මොකක්ද ඒ ප‍්‍රශ්නය?

 

 මට හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි වැඩ කරන්න ඕනෑ. ඔය දඩිබිඩි ගාලා කරන වැඩ මට හරියන්නේ නැහැ. සමහර වෙලාවට ෂූටින්වලට දවස් තුනක් හතරක් තියලා කතා කරනවා. කොහොමද එහෙම ෂූටින්වලට යන්නේ. අනික ටෙලිනාට්‍යයකට ලෑස්ති වෙන්න අපිට කාලයක් ඕනෑ. පිටපතක් ඕනෑ. කිසිම ලෑස්තියක් නැතිව ලබන සතියේ ෂූටින් කියන නිර්මාණ මම භාර ගන්නේ නෑ.

 

 ඔබ ආපු ගමන ගැන තෘප්තිමත්ද?

 

 මට ඉතාමත්ම සතුටුයි. මම හරිම හෙමින් තමයි මේ ගමන ආවේ. මම මුලින්ම නිවේදිකාවක් වුණේ මගේ වාසනාවට වගේ. මට ප‍්‍රධාන චරිත ලැබුණා. ඉතින් ඒ තාක් ඉඳලා අද වෙනකම් මම මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්නවා හොඳ නමක් තියාගෙන. මට කලාවෙන් සමුගන්න බැහැ. ඉදිරියටත් හොඳ නිර්මාණවලට මට දායකත්වය දෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම ලබා දෙනවා.

 

 මවක් නිසා දැන් වගකීම් වැඩි වෙලා තියෙනවා නේද එතකොට කොහොමද මේ වගේ දිගු නාට්‍යවල එක දිගට රැුඳෙන්නේ?

 

 දැන් මගේ පාසල් කාලය වගේ නෙමෙයි. දැන් ඉන්න දරුවන්ට වැඩ ගොඩයි. ඇත්තට ම අම්මා කෙනෙක් විදිහට මම තමයි ඒවා ගැන සොයා බලන්නේ. මගේ මහත්තයාටත් වඩා. මම නිවාඩු තියෙන හැම මොහොතකම එයත් එක්ක තමයි.

 

ඇත්තට ම නැදෑයන්ගේ යාළුවන්ගේ වැඩවලට යන එකත් ගොඩක් වෙලාවට සීමා වෙලා තියෙනවා. වෘත්තීය පැත්තෙන් නිදහස් වුණ ගමන් දුවගේ අධ්‍යාපන කටයුතු වගේම ගෙදර වැඩවලට තමයි වෙලාව වෙන් කරලා තියෙන්නේ.

 

  සැමියා කියන්නේ නැතිද දැන් රඟපෑවා ඇති කියලා?

 

 නැහැ නැහැ. මම විවාහ වෙනකොටත් රංගන ශිල්පිනියක්. ඉතින් එයා කවදාවත් මම තහංචි දමලා නැහැ. විවාහ වුණ ගමන් රංගනයෙන් ඈත් වෙන්න කියලවත් දරුවන් හම්බ වුණාට පස්සෙවත් රංගනයෙන් අයින් වෙන්න කියලයි තහංචි මට දමලා නැහැ. මොකද මම සමබරව හැමදෙයක්ම කරන නිසා එහෙම ප‍්‍රශ්නයක් නැහැ.












Previous Post Next Post