ලෝකෙ වටේම ගියත් මම තවම යාපනේට ගිහින් නෑ - ගයාන් ගුණවර්ධන



ගයාන්  ගුණවර්ධන කියන්නේ ජනප්‍රිය ගායකයේක්. ඔහු නුවන් ගුණවර්ධනයන් ෙග් අදරණීය පුතයි. ඉතිං ඔහු ට්‍රැවල් කරන්න කැමතිම තැන් ගැන ෙම් විදියට පුවත්පකට පවසා තිබුනා.


ගයාන් මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල මගේ අලුත්ම සින්දුව එළිදැක්වූවා. ඒ සින්දුව  තමයි යං. ඒක සංගීතවත් කළේ දිල්ෂාන් එන්. සිල්වා, පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගේ. ඒ වගේම මියුසික් වීඩියෝ එකට රංගනයෙන් දායක වෙනවා පියුමි බොතේජු, රොෂෙල් රොජර්ස් සහ මම. ඒ මියුසික් වීඩියෝ එක කළේ චාරුක දුෂ්‍යන්ත. දැනට මේ සින්දුවට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒකට අමතරව මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය දෙකකින් එකක් මේ දවස්වල විකාශනය වෙනවා. ඒ තමයි අහස් මාළිගා ටෙලිනාට්‍යය. ඊට අමතරව මගේ ශබ්දාගාරයේ ගීත නිර්මාණ වැඩ ටිකකුත් කරගෙන කොරෝනා ප්‍රශ්නයත් එක්ක ගෙදරට වෙලා සරලව ඉන්නවා.


ගයාන් ඔබ Travel කරන්න කැමති කෙනෙක්ද?

ඔව්. මම ගොඩක් ආසා කරන දෙයක් තමයි Traveling කියන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ Youtube Chanel එකෙත් මම කරන Travel ගැන බ්ලොක් කරනවා. ඒ තරමටම මම Traveling වලට කැමැති කෙනෙක්.


ඔබ කුඩා කාලයේ සිට Travel කරන කෙනෙක්ද?

මගේ පියා මම කුඩා කාලයේ සිට විවිධ ස්ථානවලට අපිව එක්කන් යනවා. කතරගම, අනුරාධපුර වගේ ආගමික ස්ථාන තැන්වලට ගොඩක් වෙලාවට අපිව රුගෙන යනවා. ඒ නිසා මම කුඩා කාලයේ සිට ඇවිදින කෙනෙක්. හැබැයි මම මගේම විනෝදාංශයක් විදිහට කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු තුන හතරක් වගේ කාලයක ඉඳන්.


විනෝදාංශයක් විදිහට Traveling පටන්ගත්තු කාලයේ සිට ඇවිදින්න ගිය තැන් අතරින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවාද?

ඔව්. මම ආසම කරන Travel එකක් තමයි ඕස්ට්‍රේලියා සංචාරය.


ඇයි ඒ ඕස්ට්‍රේලියා සංචාරයට එච්චරම කැමති?

මම මුලින්ම ඕස්ට්‍රේලියාවේ ගියේ 2019දී. මම එහේ දවස් 15ක් වගේ කාලයක් නතර වෙලා හිටියා. ඇත්තටම අපි එහේ ගියේ සංගීත ප්‍රසංගයකට. නමුත් අපිට ඒ රට ඇතුළේ ඇවිදින්න යන්නත් පුළුවන් වුණා. ඒ වගේම මෙල්බන් නගරයේ මගේ නෑදෑයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මට ඒ රටේ ගොඩක් තැන්වල ඇවිදින්න අවස්ථාවන් ලැබුණා. ඒ විතරක් නෙවෙයි විවිධ වර්ගයේ කෑම කෑවා. මම ආසාවෙන් හිටියේ මගේ ඇස් දෙකෙන්ම හිම දකින්න. ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න ලැබුණා මේ ඕස්ට්‍රේලියා සංචාරය නිසා. ඔය වගේ විවිධ හේතු නිසා තමයි මම ඕස්ට්‍රේලියා සංචාරයට වැඩි ආසාවක් දක්වන්නේ.


ගයාන් ඔබට ඒ ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

අමතක නොවන සිදුවීම් නම් රාශියක් තියෙනවා. ඒ අතරින් එක දෙයක් තමයි මම ජීවිතේ පළවෙනි වතාවට හිම දැක්ක එක. ඒ විතරක් නෙවෙයි කැන්ගරුවන් සහ ඒ රටේ තිබෙන කෑම වර්ග මට කවදාවත් අමතක 


නොවන දේවල් තමයි. තව දෙයක් තමයි අපි ගියපු ඒ ප්‍රසංගයේ එක ආසනයක්වත් ඉතිරි වුණේ නැහැ. ඒ තරමට මිනිසුන්ගෙන් පිරිලා තිබුණේ. ඔය වගේ සුන්දර අමතක නොවන සිදුවීම් තමයි ඒ ගමනේදී තිබුණේ.


ඔබ ජීවිතේ පළවෙනි වතාවට හිම දකිද්දී ඔබට මොන වගේ හැඟීමක්ද දැනුණේ?

මම හිම දැකපු ගමන් කළේ අතට අරගෙන බලපු එක. මොනවද මේ හිම කියන්නේ කියලා. මොකද මම ජීවිතේට පියවි ඇසින් දැකලා තිබුණේ නෑනේ. මගේ ඥාති සහෝදරයෙකුගේ දුවෙක් සහ පුතෙක් හිටියා එලානා සහ ඔවින් කියලා. ඒ දරුවන් දෙදෙනාට හිම බෝලයක් හදලා ඒකෙන් ගහපු එක තමයි මම කරපු පළවෙනි වැඩේ. ඒක මාරම අත්දැකීමක් වුණා මගේ ජීවිතේ.




ඒ ගමනේදී ඔබ සිදුවුණු කරදර සහ බාධා ගැන කතා කළොත්?

එහෙම කියන්න තරම් කරදර සහ බාධා නම් ඇතිවුණේ නෑ. ප්‍රසංගය වෙලාවේ නම් පොඩියට වැස්සක් ආවා. ඒත් ඒ වැස්ස අපිට ලොකුවට බාධා කළේ නම් නෑ. ඇත්තටම හරිම සුන්දර ගමනක් ඒක.


ගයාන් ඔබ ලංකාවේ ඇතුළත Travel කරපු තැන්වලින් හිතට දැණුනු තැනක් එහෙම ඇති නේද?

ඔව්. මම මේ කොරොනා ප්‍රශ්නවලට කලින් මගේ යාළුවොත් එක්ක ගියපු ගමනක් තමයි ෆැට්නා ගමන. ඒ ගමනට මම ගොඩක් ආසයි.


අපිට කියමුද ඒ ෆැට්නා ගමන ගැන?

මගේ යාළුවෙක් ඉන්නවා ඉසුරු කියලා. එයා තමයි අපිට ෆැට්නා යන්න එන්න කිව්වේ. ෆැට්නා විතරක් නෙවෙයි මගේ යාළුවාට තේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒක බලන්නත් එක්ක තමයි එහෙට අපිට එන්න කිව්වේ. මම වගේම Traveling වලට ආසා කරන මගේ යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා. එයාලාගේ නම් කිව්වොත් චමත්, බැචා, ඔමී සහ දුලාජ් මේ හතර දෙනා එක්ක තමයි මම ගොඩක් වෙලාවට 


Travel කරන්නේ. අපි පස් දෙනාට ගොඩක් අය කියන්නේ 5 ෆින්ගර්ස් කියලා. ඉතින් අපි පස්දෙනා අවසානයට ගිය ගමන තමයි ෆැට්නා කියන්නේ. අපි එහේ ගිහින් හොඳට විනෝද වුණා. සින්දු කිව්වා. කඳු නැග්ගා, වෝටර් ස්ලයින්ඩින් කරා. ඔය වගේ ගොඩක් විනෝද දේවල් කරලා තමයි පරිස්සමට නැවතත් ගෙදර ආවේ. හරිම සුන්දර ගමනක් තමයි ෆැට්නා ගමන.


ගයාන් ඔබ කවදාවත් නොගියපු ඒත් කවදා හරි යනවාමයි කියලා හිතන් ඉන්න තැනක් තියෙනවාද?

ඇත්තටම මම යාපනයට ගිහිල්ලා නෑ. ඒ නිසා මම කොහොම හරි යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි යාපනය කියන්නේ.


ඇයි ඔබ යාපනයේ යන්න එච්චර හීන දකින්නේ?

ඇත්තටම අපේ ලංකාවේ තියෙන උඩම තැනනේ. ඒ විතරක් නෙවෙයි යුද්ධ කාලයේ සිදුවුණු දේවල්වල විස්තර දැනගන්න ආසයි. අපේ දමිළ මිතුරන් සමග කතා කරන්න වගේම අපේ රණවිරුවෝ කරපු කියපු දේවල් දැනගෙන අපේ කැමරා කාචයට අහුකර ගන්න ලොකු ආසාවක් තියෙනවා. මේ දවස්වල තියෙන මේ කොරෝනා ප්‍රශ්නය නැතිවෙලා රට යථා තත්ත්වයට ආපු ගමන් කරන්නේ යාපනයේ Travel කරන එකයි.


ගයාන් ඔබ Travel කරනවා කියන එක දකින්නේ කොහොමද?

Travel කියන්නේ අපි මේ ගෙවන කාර්යබහුල සහ තාක්ෂණික ලෝකයෙන් මිදී මනස පිරිසිදු කරගෙන ජීවිතය විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන් තැනක්. ඉතින් මේ ගමන් වල ගමනාන්තයට වඩා මම දකින්නේ ගමනයි. අපි පස් දෙනත් එක්ක විහිළු කරගෙන සින්දු කියාගෙන සන්තෝසෙන් යන ගමනේ අමුතුම අත්දැකීමක් තියෙන්නේ. ඒ වගේම ඒ ගමනේදී අපි විඳින සන්තෝසය කොළඹ කොන්ක්‍රීට් වනාන්තරවල ඉඳලා කවදාවත්ම ගන්න බෑ. ඒ නිසා මම කියන්නේ අපිට පුළුවන් හැම වෙලාවකම Travel එකක් කරනවා කියන්නේ ජීවිතයට අමුතුම අත්දැකීමක් එකතු වුණා කියන එකයි.


 




Previous Post Next Post