අහස් මාලිගාවේ දොර ඇරුණු අශේන්



අහස් මාළිගා ටෙලි සිතුවම විකාශය වන්නට ආරම්භ වූ කාලයේ නම් 2017 වර්ෂයේදී එම නාට්‍ය සඳහා නවක නළු නිළියන් අවැසි බැව් දැන්වීමක් පළ කොට තිබිණ. එය දුටු අශේන් සිරිවර්ධන නැමැති තරුණයා එහි තිබූ දුරකථන අංකයට කතා කොට රංගනයට අවස්ථා තිබේදැයි සොයා බැලුවේය. නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා ඔහුට දන්වා සිටියේ අහවල් දිනේට අහවල් දර්ශන තලයට පැමිණෙන ලෙසය. එලෙස එන විට වැදගත් ඇඳුමකින් සැරසී එන ලෙසද පවසා සිටියේය. කියූ පරිදි කියූ ස්ථානයට කියූ ලෙස හැඳ පැළඳ ගිය අශේන් දුටු සහාය අධ්‍යක්ෂ අකිලට තරු පෙනුනේය. ඒ එදින දර්ශන සඳහා අවශ්‍ය තිබුණේ බොඩිගාර්ඩ් චරිත නිරූපණය කිරීමට හැකි උස මහත නළුවන් වීම නිසාය. එහෙත් එකල කෙසඟ සිරුරකින් හෙබි අශේන් එකී චරිතයන් සඳහා කිසිසේත්ම ගැලපුනේ නැත. දුරකතර ගෙවාගෙන පැමිණි හෙයින් සහාය අධ්‍යක්ෂවරයා අශේන්ට කණගාටුව ප්‍රකාශ කොට සිටි අතර තත්ත්වය තේරුම් ගත් ඔහු එදින එම දර්ශන තලයෙන් පිටත් පිටත්ව ගියේය. තව වසර කිහිපයකින් එම නාට්‍යයේම ප්‍රධාන චරිතයක් තමන්ට ලැබෙන බව අශේන් ඒ මොහොතේ සිහිනෙකින්වත් සිතන්නට නැතුව ඇත. අතිරේක චරිතය පවා නොලැබී ගිය හෙයින් ඔහු ඒ දවස් කීපය කනස්සල්ලෙන් පසු වුණේය. වසර කිහිපයක් ගතවූ පසු අශේන්ට නැවත ආරාධනා ලැබෙන්නේ අහස් මාලිගා නාට්‍යයේ ප්‍රධාන චරිතයකටය. ඔහුට එය අදහාගත නොහැකි තරමේ ආරාධනයක් විය. මේ දිනවල අහස් මාලිගා නරඹන ඔබට අශේන් රඟන අයුරු නිසැකවම දැක ඇත. ඔහු එහි නිරූපණය කරන්නේ තේජාන් නැමැති චරිතයයි. එමඟින් ඔහු ලැබුවේ ද අසීමිත ජනප්‍රියතාවයකි.


 

අශේන් ඔබ හිතුවද එදා අහස් මාලිගා නාට්‍යයේම ප්‍රධාන චරිතයකට ඔබට කතා කරයි කියලා?


ඇත්තෙන්ම මම එහෙම හිතුවේ නෑ. ඒක නිකන් හරියට දෛවයේ විසින් මට ලබාදුන් අවස්තාවක් වගේ. මේ වෙලාවේ සහය අධ්‍යක්ෂක අකිල මතක් කරන්න ඕන. ඒ වගේම නාට්‍යයේ මගේ පියාට රඟපාන බුද්ධික ජයරත්න, නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් වගේ අයව අනිවාර්යනේම මතක් කරන්න ඕනේ. ඔවුන් තමයි මට මේ නාට්‍යයට රඟපාන්න නැවත අවස්ථාව උදා කරලා දුන්නේ. මට ඕන වුණේ කවදා හරි දක්ෂ නළුවෙක් වෙන්න. මට මතකයි පාසලේ දවසක් ඩෙස්ක් එකේ මම ඇඳලා තිබුණා 20බඩ ජඥදබභපර ටධය ලාංඡනය හා සමාන එකක්. කවදා හරි ජනප්‍රිය නළුවෙක් විදියට සම්මානයක් ගන්නවා කියලත් එකේ සටහන් වෙලා තිබුණා. මම එහෙම අඳීනවා දැකපු සර් කෙනෙක් ළඟට ඇවිල්ලා මේ මොනාද කියලා මම අහද්දි මම කිව්වේ මම කවදහරි ජනප්‍රිය නළුවෙක් වෙනවා කියලා. සර් එවලෙම මම ඇඳපු චිත්‍ර හරහා කතිරයක් ගැහැව්වා. ඕවා කවදාවත් හරියන්නේ නෑ කියන එක කිව්වා. මම එදා දැඩි අධිෂ්ඨානයක් කර ගත්තා මම කවද හරි ජනප්‍රිය නළුවෙක් වෙනවා කියන එක.


 

ඔබ තේජාන්ගේ චරිතය ලැබෙන තෙක්ම සෑහෙන්න අවස්ථා හොයපු කෙනෙක්?


මම අර කිව්වා වගේ මගේ එකම හීනය වුණේ රංගන ශිල්පියෙකු වෙන්න. ඔය අතරේ මට වෙළඳ දැන්වීම් වල රඟපාන්න ලැබෙනවා. ප්‍රධාන චරිතයත් එහෙම රඟපාලා තියෙනවා. ඉතින් නමුත් මට සමහර වෙළඳ දැන්වීම් වල ප්‍රධාන නොවන චරිතයට ආරාධනා ලැබුණමත් මම ඒකට සහභාගි වෙලා තියෙනවා. එහෙම වුණේ මම අත්දැකීම් ලබා ගන්න. එහෙම ගිය අවස්ථාවන් වලදී ඒවා සඳහා තෝරගෙන තිබුණු ප්‍රධාන නළුවා වෙනුවට මාව තෝර ගත්තු අවස්ථා තිබුණා. මම හිතනව රඟපාන්න අවස්ථා ලැබෙන්න හැකියාව වගේම වාසනාවත් තියෙන්න ඕනේ කියලා.



අහස් මාලිගා රඟපාන්න ගිය පළවෙනි දවස් කිහිපය ඔබට මතකද?


ඇත්තටම මුල් කාලයේ තේජාන් චරිතය මට ටිකක් ටච් කරගන්න බැරි වුණා. ඩයලොග් එහෙමත් වැරදිච් අවස්ථා තිබුණා. කට්ටියගෙන් බැනුම් එහෙමත් ඇහැව්වා. නමුත් මට ප්‍රවීණයින් සහයෙන් නැවතත් චරිතය ගොඩනඟා ගන්න පුළුවන් වුණා. ඊයෙ පෙරේදා මට අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් මහත්මයාගෙන් පඥජධථධදඤචබඪධද එකක් ලැබෙනවා දැන් ඔයා ඉස්සර වැඩිය ඤඥමඥතධන වෙලා නේද කියලා.


 

වෘත්තීය නළුවෙක් වෙන්නද ඔබ අපේක්ෂා කරන්නේ?


අනිවාර්යනේම මම හිතනවා. දැනටත් මට අවස්ථාවන් ලැබෙනවා. නමුත් මම හිතන්නේ මගේ හීනෙ සීයයට පහයි තවමත් සම්පූර්ණ වෙලා තියෙන්නෙන් කියලා. ඉතුරු අනූපහ ජයග්‍රහණය කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි,ගොඩක් කැපකිරීම් කරන්න වෙයි.


 

අශාන්ගේ ගම කොහෙද?


මම මාතර, වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ ජාඇල.


 

ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්?


කොළඹ ශාන්ත මරදාන ජෝශප් විදුහල.


 ඔබ කරාතේ කලු පටි සූරයෙක් කියලා දැනගන්නට ලැබුණා?


ඔව්. මම වසර දහතුනක වගේ කාලෙක සිට කරාතේ ඉගෙන ගන්නවා. ඒ වගේම කළු පටි සූරයෙකු ලෙස ජයග්‍රහණ ලබා තියෙනවා. මට ඒ අතරතුරදී මගේ හැකියාවත් එක්ක සටන් අධ්‍යක්ෂණය පැත්තෙන් ඉදිරියේදී දෙයක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. දැනටත් අහස් මාලිගා නාට්‍යයෙයි සටන් දර්ශන සඳහා මම දායකත්වය ලබාදී තියෙනවා. ඉදිරියේ දී සටන් අධ්‍යක්ෂණය පැත්තෙන් වඩා වැඩි යමක් කරන්නට තමයි අපේක්ෂාව.






Previous Post Next Post