නෙත්මි රොෂෙල් රොජර්ස් බොහෝ දෙනකුගේ ආදරය දිනා සිටින්නේ ‘දෙවැනි ඉනිම‘ ටෙලි නිර්මාණයේ ආක්ෂාගේ චරිතයෙන්. අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලබා අහම්බයකින් ලද රංගන වරම ඇයට අපූරු ආශීර්වාදයක් වී හමාරයි. රංගනයේ වෙනසක් සොයමින් යන ගමන ගැන ඇය පුවත්පතක් සමඟින් ෙමලස පවසා තිබුනා .
රොෂෙල් මේ දවස්වල ජයටම වැඩ වගේ ?
පහුගිය ටිකේ ‘දෙවැනි ඉනිම‘ සහ ‘රාවණා‘ සීසන් 3 රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ඒ වගේම ‘ආදරණීය ප්‍රාර්ථනා‘ චිත්‍රපටයෙත් රූගත කිරීම් කරනවා.
‘දෙවැනි ඉනිම‘ ට එකතු වෙද්දි ලැබුණු ප්‍රේක්ෂක ආකර්ෂණය තාමත් එහෙමමද ?
නාට්‍යයට එකතු වෙද්දි එක්තරා පිරිසක් මට ආකර්ෂණය වෙලා හිටියා. ‘ආක්ෂා‘ කියන්නේ පටන් ගැන්මේදී අහංකාර නපුරු චරිතයක්. දැන් මම ආදරණීය චරිතයක් වෙලා. ඒ නිසා කලින්ට වඩා දැන් වැඩි ප්‍රේක්ෂක ආදරයක් මට ලැබෙනවා. මම ඒ ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ආදරෙයි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙද්දි තව තවත් හොඳ චරිත කරන්න හිතෙනවා.
කාලයක් ඔබ සමහරුන්ගෙන් බැණුම් ඇහුවා?
ඒ ‘ආක්ෂා‘ගේ චරිතය නිසාම තමයි. ආක්ෂාගේ චරිතයෙන් තමයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. චරිතය හරහා මාව දැනගත් අය හිතුවා ඇත්තටම මම නපුරුයි කියලා. දවසක් අන්කල් කෙනෙක් මට කිව්වා “ඔයා කරන නපුරුකම්වලට මට ටීවි එක පොළවේ ගහන්න හිතිලා තියෙනවා. ආයේ ටී.වී එකක් ගන්න සල්ලි තිබ්බා නම් ටී.වි එක පොළවේ ගහලා“ කියලා. සමහරු අහනවා චරිතය වගේම මමත් ඇත්තටම නපුරුද කියලා.
සැබෑ ජීවිතේ රොෂෙල් නපුරුම නැද්ද ?
මම නපුරු නෑ. හැබැයි ඉක්මනට තරහා යනවා. ඉක්මනට තරහා නිවෙනවා. තරහා පිට කරගන්න බැරි වුණාම ඇඬෙනවා. හැමදාම හිතනවා තරහා ගන්න අඩු කරගන්න. ඒත් තවම බැරි වුණා.
රවීන් කියන්නේ පුංචි තිරයෙදී ඔබට හොඳ පෙම්වතෙක්ද?
රවීන් අයියාගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. ආක්ෂා නපුරු කාලෙදි රවීන් අයියා කියනවා එයාට දැනෙන්න බණින්න කියලා. ආදරණීය චරිතයක් වෙද්දිත් එහෙමයි එයා කියන්නේ. අපිට දැනෙනවා නම් තමයි ඒක ප්රේක්ෂකයන්ටත් දැනෙන්නේ. ආච්චිලා සීයලා කියනවා අපේ ආදරය දකිද්දි ඔවුන්ගේ තරුණ කාලේ මතක් වෙනවාලූ. රවින් අයියා හොඳ පෙම්වතෙක්. අපි කරන දේ ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ ඔහුගෙන් ලැබෙන සහායත් එක්ක තමයි.
රංගනයට එනවට තාත්තා දැමූ වාරණ දැන් ඉවරද?
මම අවුරුදු කුමරි තරගයට එද්දිම තාත්තා කිව්වේ රඟපාන්න නම් යන්න බෑ කියලා. අපේ රටේ ගෑනු ළමයි රංගන ක්ෂේත්රයට එවන්න සමහර අය බයයි. ඒ ක්ෂේත්රය ගැන හරියට දන්නේ නැති නිසා. රංගන ක්ෂේත්රය කියන්නේ නරක තැනක් නෙමෙයි. අපේ මොළේ පාවිච්චි කරලා හරි විදිහට හිටියොත් අපිට ඕන තැනක ඉන්න පුළුවන්. ‘සක්කාරම්‘ නාට්‍යයේ චරිතය නිසයි තාත්තා මට රංගනයට එන්න දුන්නේ. රූගත කිරීම්වලට යද්දි අම්මා හරි තාත්තා හරි මා එක්ක එනවා. මේ ක්ෂේත්රය නරක නෑ කියලා ඔවුන් දැන් දන්නවා.
ක්ෂේත්රය ඇතුළේ ඔබ වැඩ කරන විදිහේ අමුත්තක් තියෙනවා ?
ඒ නිළියක්වීම නිසා නෙමෙයි. ගැහැනු ළමයෙක් නිසාම හැමදේම ගැනම මම සැලකිලිමත්. මොළේ පාවිච්චි කරලා වැඩ කළාම ප්‍රශ්න නැහැ. අපි හැසිරෙන විදිහ අනුවයි තැන හොඳද නැද්ද තීරණය වෙන්නේ. මට නම් රංගන ක්ෂේත්රය ලස්සන, ආදරණීය තැනක්.
ඔබ රංගන ශිල්පිනියක් ලෙස සාර්ථකයි යැයි හිතනවද?
මම තවම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු දෙකයි. තාම රංගනය ඉගෙන ගන්නවා. ප්‍රවීණ ශිල්පීන්ගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණ සහායත් එක්ක මේ ආ ගමනේ මම යම් සාර්ථකත්වයක් ලබා ඇති. ‘සක්කාරම්‘, ‘රාවණා‘, ‘දෙවැනි ඉනිම‘ නාට්‍ය වගේම මේතෙක් කරන්න ලබුණ නිර්මාණ ගැන මම තෘප්තිමත්.
රොෂෙල් ප්‍රධාන චරිතම ඉල්ලන කෙනෙක්ද?
‘සක්කාරම්‘ නාට්‍යයේ ජයවතී, ‘රාවණා‘ නාට්‍යයේ සුපර්ණා වගේම ‘දෙවැනි ඉනිමේ‘ ආක්ෂා කියන්නේ එකකට එකක් වෙනස් චරිත. වාසනාවට ඒ වගේ වෙනස් චරිත ලැබුණා. තෝරා ගැනීම් අනුවයි මම වැඩ කරන්නේ. එතැනදි මම බලන්නේ චරිතයේ තියෙන වෙනස්කම හා මගේ සීමා ඇතුළේ මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද යන්නයි.
ඔබ හැදෑරීම් කරන්නේ වෙනත් අංශයකින්.ඒ නිසා රංගනය තාවකාලික නැවතුමක් වේවිද?
මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නේ කළමනාකරණය සහ අලෙවිකරණය යන විෂය. ඉගෙනීම් කටයුතු ඉවර කරන්න තව කල් තියෙනවා. රංගනය අතහරින්න අදහසක් නෑ. හැබැයි රංගනයෙන්ම යැපෙන්න අදහසකුත් නෑ. ඉගෙන ගන්න ක්ෂේත්රයයි රංගනයයි සමබරව කරගෙන යනවා. කොහොමත් උදේ ගිහින් රෑට ඕෆ් වෙන ඒකාකාරී ජොබ් එකක් කරන්න මම කැමැති නෑ.
ජනප්‍රිය සම්මානය ළඟටම ඇවිත් මගහැරුණත් බලාපොරොත්තු අතහැර නැතිව ඇති ?
රංගනය කියන්නේ ලොකු ආදරයක් ලබන්න පුළුවන් වෘත්තියක්. මම මට ලැබෙන ආදරයට ආදරෙයි. ජනප්‍රිය සම්මානය හැමෝටම ගන්න බෑ. ඒක ගොඩක් අයට තියෙන හීනයක්. මටත් එහෙමයි. කොහොම වුණත් ප්‍රේක්ෂක ආදරය මට ගොඩක් වටිනවා.
රොෂෙල් සැබෑ ජීවිතේ පෙම්වතියක්ද?
අනේ නෑ. ඒක මම බයම සබ්ජෙක්ට් එකක්. මට තවම අවුරුදු විසි තුනයි. අපි කෙනෙක්ව තෝරා ගනිද්දි හරි කෙනෙක්ව තෝරාගන්න ඕනේ..අපිට තවම මිනිස්සු හඳුනගන්න අමාරුයි. හැබැයි අපේ අම්මලා තාත්තාලට එයාලගේ අත්දැකීම් එක්ක මිනිස්සු හඳුනාගන්න පුළුවන්. එයාලා හොඳ කෙනෙක් තෝරලා දෙයි. දැනට මම පෙම්වතියක් නෙමෙයි
මොනවද ඔබේ ජීව්තේ ඉදිරිය ගැන තියෙන බලාපොරොත්තු?
මට අවශ්‍ය මේ මොහොතේ සතුටින් ඉන්න. ඉගෙනීම් කටයුතු ඉවර කරලා රංගනයේ විඳින්න පුළුවන් දේවල් කරලා සතුටින් ඉන්න.