ටාෂි කාලිදාස නව පරපුරේ රංගන ශිල්පිණියක්. ඇය මේ වන විට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ටාෂි අපූරු සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමේ රසබර කතා ගැන ඇය මෙසේ පුවත්පතකට පවසා තිබුනා.
ටාෂි මේ දවස්වල ‘දාම්’ අදිනවා නේද?
ඔව්… ‘දාම්’ තුළින් අපූරු අත්දැකීම් ලබාගන්නවා. දැන් පාරතොටක බැහැලා ගියත් මාව ගොඩදෙනෙක් දැන හඳුනනවා සෙනායා ලෙසට.
ඔබේ ආදරණීය මෑණියන් නිසා නේද අද ඔබ රංගන ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්නේ?
මගේ අම්මාගේ හීනයක් තිබිලා තියෙනවා මාව කලා ක්ෂේත්රයට සම්බන්ධ කරවන්න. අම්මාගේ යහළුවෙක් තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන. ඉතින් ඇය හරහා තමයි මට ‘ඉන්ට්රනැෂනල්’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. සම්බන්ධ වුණු පළමු නිර්මාණය වුණත් මට කැමරාව ඉදිරියේ නම් කිසිම නුහුරු බවක් දැනුණේ නැහැ.
‘ඉන්ට්රනැෂනල්’ දෙවැනි අදියර ප්‍රතික්ෂේප කළේ ඇයි?
කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න මම ගොඩාක් කැමැතියි. ඒත් මේ අවස්ථාවේ කලාවට මුල්තැන දෙන්න අමාරුයි මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ නිසා තමයි මම ‘ඉන්ටර්නැෂනල්’ ටෙලිනාට්‍යයේ දෙවැනි අදියරට සම්බන්ධ නොවුණේ. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා පූර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙනවා.
ඔබ වඩාත්ම කැමැති වෙස්ටන් චරිත නිරූපණය කිරීමටද?
රඟපෑමේදී මම එහෙම චරිත වර්ගීකරණයක් කරන්නේ නැහැ. නමුත් මම ගොඩාක් කැමැති ගැමි චරිත නිරූපණය කිරීමට. එවැනි චරිත නිරූපණය කිරීමෙන් අපටද යමක් ඉගෙන ගන්න පුළුවන්. එවැනි නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණොත් මගේ බාහිර පෙනුම වුණත් වෙනස් කරගන්න මම කැමැතියි.
🔴 සාමාන්‍ය ජීවිතයේදී ඔබ ටිකක් වෙනස් චරිතයක් කියන්නේ ඇත්තද?
මම සරලව හිතන කෙනෙක්. ඒ වගේම මට ටිකක් තරහා යනවා. හැබැයි තරහාව හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවේ මම. සතුටේදී සතුටු වෙනවා. දුකේදී දුක්වෙනවා. හැමෝම සමග විනෝදයෙන් කාලය ගෙවන්න කැමැතියි.
ඔබ කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩි කාලයකුත් නැහැ. මේ ආපු කෙටිකාලය තුළදී සිනමාවට සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබුණා නේද?
අරුණ ජයවර්ධනගේ ‘හැපි බර්ත් ඩේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම රඟපානවා. මම හිතුවේ නැහැ මේ තරම් ඉතාමත් කෙටි කාලයක් තුළදී මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.
වසන්ත විතාරණගේ