මැලේසියාවේදි මට අමුතුම කෙනෙක් හමුවුණා - ඕෂධී හිමාෂා

 




ඕෂධි හිමාෂා ලංකාවේ ඉන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඉතිං ඇය travel කරන්න ආසම තැන ගැන මෙන්න මේ විදියට පුවත්පකට පවසා තාබුනා.


ඕෂධී මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල විශේෂයෙන් අලුත් වැඩ මොකුත් කරන්නේ නම් නෑ. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ ටික නම් කරගෙන ඉන්නවා. ඊට අමතරව ගෙදර වැඩයි බබාගේ වැඩ ටිකයි කරගෙන ඉන්නවා.


ඕෂධී ඔබ Travel කරන එක විනෝදාංශයක් විදිහට කරනවාද?

ඇත්තටම අපි කවුරුත් ආසයි Travel කරන එකට. මමත් විනෝදාංශයක් විදිහට කරපු කාලයක් තිබුණා. හැබැයි මේ කාලේ නම් කොරෝනා ප්‍රශ්නයි, බබාගේ වැඩයි නිසා Travel කරන එක ගොඩක් අඩු කරලා තියෙන්නේ. හැබැයි මම ඉස්සර සෑහෙන්න Travel කරපු කෙනෙක්.


ඔබ වැඩිපුර ආස කරන්නේ දේශීය සංචාරවලටද විදේශීය සංචාරවලටද?

දේශීය විදේශීය කියලා නෑ මම දෙකටම ආසයි. මොකද ලංකාවෙත් ගොඩක් ලස්සන තැන් තිබෙනවා. ඒ වගේම පිටරටවලත් ලස්සන තැන් තියෙනවා. ඒ නිසා මම ඒ දෙකටම ගොඩක් ආසයි.


ලංකාවේ හෝ පිටරට ගියපු සංචාර වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවාද?

මම 2016 අවුරැද්දේ ඕස්ට්‍රේලියා සංචාරයක් ගියා. අපි ගියේ සිඩ්නිවලට. ඒ ගමන ගොඩක් කාලයක් අපි ඕස්ට්‍රේලියාවල හිටියා. ඒ ගමනට මම ගොඩක් ආස කරනවා.






ඇයි ඔබ ඒ ඕස්ට්‍රේලියා ගමනට එච්චරටම කැමති?

ඒ ගමනේදී විශේෂම දේ වුණේ අපිට සිඩ්නි නගරයේම ඇවිදින්න අවස්ථාවක් ලැබුණා. මම ඒ ගමන ගියේ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ වස්සානයේ සඳ කියන චිත්‍රපටයේ රෑගත කිරීම් සඳහා අපි ඒ චිත්‍රපට රෑගත කිරීම්වලට ගියපු නිසා අපිට යන්න නොලැබෙන තැන් ගොඩකට යන්න පුළුවන් වුණා. ඒ නිසයි මම ඒ ගමනට වැඩිපුර ආස කරන්නේ


ඒ ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එක පාරක් මම මැලේසියා ගියා. ඒ ගමනේදී නම් මට හොඳ වැඩක් සිද්ධ වුණා. මගේ ෆෝන් එක ඒ ගමනේදී නැතිවුණා. මම ෂොපින් කරන්න මැලේසියාවල තියෙන ෂොපින් මෝල් එකකට ගියා. මම ෆෝන් එක අතේ තියාගෙන ගියේ. කොහොම හරි ටික වෙලාවකින් මගේ ෆෝන් එක කෙනෙක් උදුරගෙන යනවා. මම එයාව දැක්කත් මට එයාව අල්ලගන්න බැරිවුණා. ඊටපස්සේ ටික වේලාවකට පස්සේ මම මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ කවුදෝ කෙනෙක් මගේ ෆෝන් එකෙන් කතා කළා. ඊටපස්සේ ඒ කෙනා බස් නැවතුමක් ළඟ කසළ බඳුනක තිබ්බේ කියලා මට එතැනට එන්න කිව්වා. මම එතැනට ගිහින් මගේ ෆෝන් එක ගත්තා. ඒ දේ මට විශේෂයෙන් අමතක නොවන සිද්ධියක්. මොකද නොදන්න රටක නොදන්නා කෙනෙක් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න බැහැනේ. ඒ කරපු උදව්ව ගැන මම සතුටු වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා.


ඔබ ලංකාව ඇතුළත වැඩිපුර Travel කරන්න කැමැති තැන් එහෙම ඇති නේද?

ලංකාව ඇතුළතත් ගොඩක් තැන් තියෙනවා. ඒ අතරින් මම ආස කරන තැනක් තමයි ඇල්ල කියන්නේ. අපි ගිය අවුරුද්දේ ගියා ඇල්ල කියන ප්‍රදේශයට. ඒ ප්‍රදේශය සංචාරකයන් වැඩි පිරිසක් යන එන තැනක්. ඒ ප්‍රදේශයේ බලන්න කරන්න ගොඩක් තැන් තියෙනවා. ඒ නිසා මම ඇල්ල ප්‍රදේශයට ආසයි.




Travel එකක් කරන්න කලින් ඒ ගමන සැලසුම් කරන්නේ කොහොමද ඔබ?

කොහොමත් මම Travel කරන්න කලින් හැමදේම ලෑස්තිකර ගන්නවා. මොකද අපි යන තැන කොහොමද කියලා අපි දන්නේ නෑනේ. බබාට අවශ්‍ය දේවල් සහ අපිට අවශ්‍ය දේවල් හැමදේම ලෑස්ති කරලා. අපි ඒ ගමන ගිහින් ඇවිදින ස්ථාන මොනවාද කියලා හොයලා බලනවා. ඔය වගේ දේවල් තමයි ගමන යෑමට පෙර සැලසුම් කරන දේවල්.


ඕෂධී ඔබ අනාගතයේදී යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවාද?

එහෙම විශේෂයක් කියලා තැනක් නෑ. හැබැයි මම ආසයි Travel කරන්න. හැබැයි මගේ පොඩි ආසාවක් තියෙනවා පැරිස් යන්න. ඒ වගේම ලංකාව ඇතුළත ආසයි යාපනේ යන්න. මොකද මම කවදාවත් යාපනේ ගිහිල්ලා නෑ.


අවසාන වශයෙන්.... ඕෂධී ඔබ Travel කරනවා කියන දේ දකින්නේ කොහොමද?

Travel කරනවා කියන දේ අපි විනෝදාංශයක් විදිහට කරන්න ඕනි දෙයක්. මොකද ලංකාවේ ගොඩක් සුන්දර තැන් තියෙනවා. අපි නොදැකපු තැන්. ඒ තැන් පින්තූරවලින් දැක්කට ඒ ස්ථානයේ ඇති සුන්දරත්වය සහ ඒ ස්ථානය විඳින්න බැහැ. ඒ නිසා මම කියන්නේ Travel කරන එක සෑහෙන්න අපේ ජීවිතයට වටිනවා කියලයි මම හිතන්නේ.






Previous Post Next Post