හැඩකාර නිළි දූවරු තිදෙනෙකු සිටින ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය වූ දිනක්ෂි ටෙලි කලාව ඔපවත් කළ කදිම තාරකාවකි. මුහුණු පොතෙහි දිනක්ෂි පිරිවරා සිටින අනුගාමිකයන් පිරිස ලක්ෂ ගණනකි. මගතොට හමුවන ප්‍රේක්ෂකයිනට ඉතාම නිහතමානීව මුහුණ දෙන අහිංසකාවියක ලෙස කා අතරත් ප්‍රකට දිනක්ෂි ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.
කොහොමද දිනක්ෂි, අවුරුදු උත්සවය සමඟ කාර්යබහුල වුණු බවයි ආරංචි?
ඔව් රූපවාහිනී චැනල් කිහිපයකම අවුරුදු අවස්ථාවන් වෙනුවෙන් සහභාගි වුණා. ඒ අතර අපේ මියුසික් වීඩියෝ එකේ ගීතය වෙනුවෙනුත් මඳක් කාර්යබහුලව සිටියා.
කොහොමද ‘සාරා දිනක්ෂි ඔන්ලයින් යූ-ටියුබ්’ අවුරුදු ගීතයට ප්‍රතිචාර?
සතුටුදායකයි… ‘අවුරුද්දේ සුබදිසාව’ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපිම කළ අපේම දෙයක් ප්‍රේක්ෂකයන්ගේ හිතට සතුටක් වෙච්ච එක ගැන ලොකු තෘප්තියක් අපේ පවුලේ හැමෝටම දැනුණා.
අලුත් රූගත කිරීම් ගැන තොරතුරු එහෙම කියනවා නම්?
‘අකුරු මැකී නැහැ’ රූගත කිරීම් තවමත් කඩින්කඩ සිදුවෙනවා. ඒ අතර ‘ජදප’ ටෙලි ඩ්‍රාමා එකේ රූගත කිරීම් අවසාන වුණා. ‘හිරු’ ටී.වී. එකේ ‘හිරු සුපර් ඩාන්ස්’හී නිවේදන කටයුතු අතරද කාලය ගෙවී යනවා.
ඔබ දැන් රඟපාන්නේ යම් තෝරා බේරා ගැනීම් මත කියන්නේ ඇත්තද?
සමහර අවස්ථාවල යම් තෝරාබේරා ගැනීම් කරනවා. හිතට හරි යන චරිතයක් ලැබුණේ නැතුව ගියාම තමයි ඒ තේරීම සහ රිජෙක්ට් කිරීම සිදුවන්නේ.
විවාහයෙන් පසුව සාරංග ඔබට එවැනි තහංචියක් දැම්මද දිනක්ෂි?
අයියො නැහැ… එයා හරිම නිදහස් විදියට හිතන කෙනෙක්. බොහෝ විට අප දෙදෙනා හරිම අවබෝධයෙන් තමයි අපට ලැබෙන චරිත ගැන කතා කරන්නේ. යම් පිටපතක් අතට ආවම අපි ඒ ගැන බොහෝ දේ කතා කරනවා. අපේ අදහස් විමසනවා. එහි අවසානය සිදුවන්නේ හරිම සුහදවයි. සමහර විටෙක මට රඟපාන්න ටිකක් බෝරිං කියලා හිතෙන චරිතයක් මම අතාරින්න හැදුවොත් සාරංග ඒ චරිතයේ හොඳ පැත්තක් වේලාවකට දකිනවා. ඒ වේලාවට ඔහුම මට කියනවා. ‘මේක කරන්න.. ඔයා හිතනවට වඩා මෙතැන යමක් තියෙනවා’ කියලා. අන්න ඒ වාගේ තැන්වලදී මම ඔහුට කන්දෙනවා.
ඔබේ අම්මත් දවසක් ‘මව්රට’ පත්තරේට කිව්වා… ‘දිනක්ෂි තමයි පවුලේ කීකරුම දුව කියලා?
ඔව්… මම හිතන්නේ අදටත් ඒක එහෙමමයි. මම එයාගේ ලොකු දුව වාගේම හොඳම දුව කියලත් අම්මා කියනවා.
ඒ හින්දද අම්මා තවමත් ඔයාගෙ ඇඳුම් මහල දෙන්නෙ?
ඔව්… අම්මගේ සෙනෙහස හරි පුදුමාකාරයි. මම බැඳලා, වෙන්වෙලා කියන
හැඟීමක් නැහැ. වෙනදා වාගේම නංගිලට ඇඳුම් පැටන් මහන කොට මගේ ගවුමටත් එයා රෙදි තෝරාගෙන එනවා.
සාරංග පෙම් ජවනිකා රඟපාන සීන්ස් දකින කොට ඔබ ටී.වී. එක ළඟින් නැඟිටලා යනවලු?
ආපෝ මොන බොරුද? මට එහෙම ගානක් නැහැ…අනෙක මමත් ඉන්නේ ඒ ෆිල්ම් එකේමයි. මම එයා ගැනත් එයා මං ගැනත් හරිම අන්ඩස්ටෑන්ඩින්. ඒ වාගේ අවස්ථාවලදි අපි කවදාවත් කලබල වෙන්නේ නැහැ. මොකද, ඒක රඟපෑමක් විතරයි.
‘අග්නි පියාපත්’ නාට්‍යයේ ශලනි තාරකා සමග සාරංග කරන සමහර ‘ක්ලෝස් අප්’ සීන්වලට ඔයාට ඇඬුණා කියලයි ආරංචි?
අම්මෝ… මොන බොරුද… ශලනියි, මමයි, සාරංගයි කියන්නේ හුඟක් කල් ඉඳලම හරි සමීප යාළුවෝ.., ‘අග්නි පියාපත්’වල ෂූටිං තියෙන සමහර දාට ශලනි මට කෝල් කරලා මාව අවුස්සනවා.., ඔන්න අද නම් ‘අග්නි පියාපත්’ බලන්න එපා… මගෙයි සාරංග අයියගෙයි හෙන ‘ක්ලෝස් අප්’ සීන්ස් කිහිපයක්ම තියෙනවා. පුළුවන් නම් කොහේ හරි ගිහින් ඉන්න… නැත්නම් ඔයාට දුක හිතෙයි කියලා හිනාවෙනවා. එච්චරටම සුහදවයි මම ශලනි සහ සාරංග අතර බැඳීම පවතින්නේ. අන්න ඒ නිසා ඉහත ඔබ කී අපහසුතා මා තුළ ඇති වන්නේ නැහැ.
රඟපෑ චරිත අතර ඔබ වැඩිපුර කතා කරන්නට කැමැති චරිතය තිබුණේ ‘කොන්කළ දෝණි’ ටෙලිනාට්‍යයේද?
‘කොන් කළ දෝණි’ වයස් බේදයකින් තොරව හැම දෙනෙකුම ඉතාම ආදරයෙන් වැලඳගත් චරිතයක් නිසා එහි කිංකිණිට මම ඇලුම් කරනවා. ඒ වාගෙම ‘මේ වාගේ ආදරයක්’ චිත්‍රපටයට මම හුඟක් ආසයි. ඒ චිත්‍රපටය වෙනුවෙන් මට සම්මානද ලැබුණා. ‘පියවි’ ටෙලිනාට්‍යයත් තරුණ පරපුර අතර අසීමිතව ජනප්‍රිය වුණා.
හැබැයි… මම රංගනයට එක් වුණේ යොවුන් කෙල්ලක අවධියේදී. ඒ දවස්වල මා කළ සමහර චරිත රංගනයන් අද දකින විට මට හිතෙනවා මීට වඩා තව කොයිතරම් හොඳට එය කරන්න තිබුණදැයි කියලා. ඒ නිසා මා රඟපෑ සමහර චරිත ගැන මට සෑහීමකට පත්වෙන්න අපහසුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු