මේ දිනවල හිරු මෙගා ස්ටර් සීසන් 3 හි තම නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක හිත් වසඟයට ගත් ඇය, ක්ෂේත්රයට මුලින්ම පා තබන්නේ නිරූපිකාවක් ලෙසයි. නර්තනයට උපන් හපන්කම් ඇති ඇය නර්තනයට මෙන්ම රංගනයටද හැකියාවක් තමන්ට මැනවින් ප්‍රකට කරයි. නව පරපුරේ රංගන ශිල්පිනියක වන නිලූෂි පවන්යා ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.
නිලූෂි අපි මුලින්ම ඔබ ගැන කතා කරමු?
මගේ ගම හලාවත. පවුලේ මට ඉන්නේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි අක්කයි. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ පු/ ලිහිණිගිරි කණිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසුව උසස්පෙළ සඳහා මාදම්පේ සේනානායක විද්‍යාලයට ගියා. ඉස්කෝලෙදි මම වැඩියෙන්ම යොමු වුණේ ක්‍රීඩාවට. ඒ වගේම නර්තනයටත් ලොකු ඇල්මක් තිබුණා. ඒ නිසාම උසස්පෙළට විෂයක් ලෙස නර්තනය හැදෑරුවා. ඉන්පසු මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නර්තනය පිළිබඳ උපාධිය ලබා ගත්තා.
ඔබ නිරූපිකාවක් ලෙසයි ක්ෂේත්රයට එන්නේ?
Derana mis earth තරගය හරහා මම ක්ෂේත්රයට එනවා. මුලින්ම මම නිරූපනය ඉගෙන ගත්තේ බ්‍රයන් ක්රෙකෝවන්ගෙන්. එයත් එක්ක මගේ ජීවීතේ ලොකු වෙනසක් වුණා නිරූපණ ක්ෂේත්රය හරහා. මේ වෙලාවේ මම නිරෝ සේනානායක සහා අර්ජුන සේනානායකගේ ක්ලාස්වලට මම සහභාගී වුණා. සේනක ද සිල්වා මේ අයගෙන් ලැබුණ දේවල් එක්කයි මේ ගමන ආරම්භ කළේ.
රංගනයට යොමු වෙන්නේ කොහොමද?
ඔය අතරවාරයේදී එක beuty pageant එකක විනිශ්චය සඳහා මට ආරාධනා ලැබිලා ගියාම එහිදී මට සනෝජා බිබිලේ මුණ ගැහෙනවා. මා දිහා බලලා ඇය මගෙන් ඇහුවා “ඇයි ඔයා රඟපාන්නේ නැත්තේ” කියලා. ඒ කාලේ මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටියේ. අධ්‍යාපන කටයුතු හා නිරූපිකාවක් ලෙස කටයුතු කළ නිසා රංගනයට අදහසක් තිබුණේ නෑ. ඒත් මම ඇයට කිව්වා විභාග කටයුතු ඉවර වුණාම මම ඒ ගැන හිතන්නම් කියලා. පසුව මට සනෝජා අක්කම කියලා අධ්යක්ෂ එරංග සේනාරත්නගේ තිර පරීක්ෂණයක් සඳහා ගියා. එහිදී ඔහු මාව තෝරාගත්තා. මට මුලින්ම රඟපාන්න ලැබුණේ ඔහුගේ ' නිලූ මං ආදරෙයි' කියන චිත්‍රපටයේ. පසුව ඔහුගේම 'ඉලන්දාරියෝ' කියන ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ නිර්මාණ මුළින්ම කළාට මුලින්ම විකාශය වුණේ ' හුස්මක් තරමට' කියන ටෙලිනාට්‍යය.
නිලූෂිට හොඳට ගස් නඟින්න පුළුවන්ලු නේද?
(සිනා සෙමින්) ඔව් ඔව්. ගස් නඟින එක මට පුරුදු වුණේ මගේ පොඩි අයියාගෙන්. අපේ ගෙදර තියෙන්නේ පොල්වත්තක්. පොඩි අයියා පොල්ගහට නැඟලා කුරුම්බා බීලා පොල් කෝම්බේ ගහේම තියලා එනවා. හේතුව තාත්තා බණින නිසා. ඉතින් මටත් ඔය වැඩේ හොඳට පුරුදුයි. මගේ පොඩි අයියා එක්කම තමයි මං හැදුණේ. එයා මට යාළුවෙක් වගේ.
ඔබ විවිධ pageants වලට සහභාගී වෙලා තියෙනවා?
ඔව් මම මුලින්ම අයදුම් කරන්නේ අයි ටී එන් අවුරුදු කුමරියට. එහිදී මම තුන්වන ස්ථනය දිනා ගන්නවා. ඉන්පසු දෙරණ මිස් ශ්‍රී ලංකා අවසාන 12 දෙනාට තේරුණා. ඒ වගේම එහිදී mini title එකක් දිනාගන්නවා. සියත මිස් වර්ල්ඩ් එකේ තුන්වන ස්ථානය හිමි කර ගත්තා. ඉන්පසු mis super model international කියන pageant එක දිනලා ඉන්දියාවට ගියා world pageant එකට. රටවල් 40 කින් තරග කරලා best talent title එක දිනාගන්න පුළුවන් වුණා. ඊට අමතරව super talent korea කියන pageant එකේදී අවසාන 15 දෙනා අතරට එන්න හැකි වුණා. අවුරුදු කුමරියයගෙන් පටන් අරන් international stage එකකට යන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්.
නිලූෂි ඔබ ලංකාවේ වගේම ජාත්‍යන්තරයේත් අත්කීදැම් ලබාගෙන තියෙනවනේ. ලංකාවේ pageant ගැන මොකද හිතෙන්නේ?
මේ තරම් pageant අපි කරන කාලේ තිබුණේ නෑ. පහක් හයක් වගේ තමයි තිබුණේ. නමුත් දැන් pageant ගොඩක් තියෙනවා. මම හිතන්නේ හරි ප්‍රමිතියකට පිළිගත් ආකාරයට කරනවා ගොඩක් අඩුයි. මට නම් ලොකු පැහැදීමක් නෑ මේ යන ක්‍රමය පිළිබඳ. මම කියන්නේ කවුරුහරි බලාපොරොත්තු වෙනව නම් Pageant එකකට යන්න පිළිගත් එකකට අයදුම් කරන්න. එතැනදි ලැබෙන වටිනාකම වඩියි.
හමේ පැහැය නිළියකට කොයිතරම් වැදගත්ද?
සුදු කියන්නේ ඇත්තටම පැහැයක් විතරයි.ඒ තුළ කෙනක් පිළිබඳ විනිශ්චය කළ නොහැකියි. මට හිතෙන්නේ ලංකාවේ අපිට ලැබිලා තියෙන්නේ හරිම ලස්සන පාටක්. නමුත් බොහෝ දෙනා ඒ පාටට කැමැති නෑ. මගේ සමේ වර්ණයට මම කැමැතියි. සමහරු මගෙන් අහනවා මම ඉන්ජෙක්ෂන් ගහලද කියලා. මම හරිම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසාම මම දන්න තේරෙන කාලේ ඉදලම කස්තුරි කහ ගානවා. අදටත් මම ඒක කරනවා. මට නම් හිතෙන්නේ නෑ කලාකරුවෙකුට තමන්ගේ සමේ වර්ණය වැදගත් කියලා. තළෙලු සම තියෙන අය ඉන්නවා හරිම ලස්සනයි. pageant එකක වුණත් දිනන්නේ සුදු පාට අය. ස්වාභාවික වර්ණයට තැනක් නෑ. සුදු වුණා කියලා දක්ෂ වෙන්නේ නැහැනේ. ඒක පටු මානසිකත්වයක්.
ක්ෂේත්රයට කෙනෙක්ට එන්න සහා ඇවිත් පවතින්නනම් මොනවද කෙනෙකුට තියෙන්න ඕන?
දක්ෂතාවය බොහොම වැදගත් සහා වාසනාවත් බලපානවා. ගොඩක් ආසාවෙන් රඟපාන්න ඉන්න හැම කෙනාටම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ.
උත්සහය කැපවීම තියෙන්නම ඕන. අපිට එක ක්ෂණයෙන් ඉහළටම යන්න පුළුවන්. නමුත් පවතින්න නම් අපි කරන දේ පිළිබඳ අවබෝධයක් අපිට තිබිය යුතුයි.
හිරු මෙගා ස්ටාර් වේදීකාවට නිලූෂි වෙන්ස්ම හැඩයක්. කියන්නකෝ ඒ අද්දැකීම කොහොමද කියලා?
මෙය මගේ පළවෙනි රියැලිටි අද්දැකීම. මට රියැලිටි වැඩසටහනක අද්දැකීමක් නෑ. මට මුලින් තේරුණේ නෑ මම මොනවද කරන්න ඕන කියලා. මොනවගේ දෙයක්ද මේ කියලා. නමුත් මේ තරඟයට මුහුණ දීමෙන් පසු තමයි ඒ පිළිබඳ අවබෝධයක් ආවෙ. අපි බී කණ්ඩායම. කණ්ඩායම් හතරක් තියෙනවා. මම හිතන්නෙර් සුහඳම කණ්ඩායම අපේ කණ්ඩායම. මොකද ඉන්න ශිල්පීන් අට දෙනාම එකි නෙකාට බොහොම සුහඳයි. තරඟය තුළ අපි දිනනවා කියන එකට අමතරව වැදගත්ම දේ සාමුහිකත්වය. එය අපේ කණ්ඩායම තුළ තියෙනවා.
ඔබේ නර්තන සහකරු ගැනත් කියමු?
මගේ partner ළහිරු. ඔහුත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේම කෙනෙක්. මට ගයාන් ශ්‍රීමාල් තමයි ඔහුව හඳුන්වා දෙන්නේ. ඔහුගේ නර්තන කණ්ඩායමේ සාමාජිකයෙක් ළහිරු. මම හරිම සතුටුයි. මගේ partner එක්ක ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. දිනනවට වඩා අපේ දක්ෂතා පෙන්වමු කියන තැනයි මම ඉන්නේ.
ක්ෂේත්රයේ ඉන්න ප්‍රවීණයින් ගැන නවක නිළියක් විදිහට නිලූෂිට මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
මට වැඩ කරන්න ලැබුණ ප්‍රවීණ අය අතර ප්‍රසන්නජිත් අබේසුන්දර විශේෂයි. මම ඔහු තුළින් දකිනවා රංගන ශිල්පියෙකුට එහා ගිය මනුස්සකම් සපිරි පුද්ගලයෙක්. අහිම ආදරණීයයි. කරුණාවයි. මම ඔහුගේ ගුණාංග බොහොමයක් දැක්කා. මගේ එක නාට්‍යයක මගේ තාත්තා විදිහට රඟපාන්නේ ඔහු. හරිම සරලයි. නිහතමනියි. ඒ වගේම ප්‍රින්සි ෆනෑන්ඩු මතක් කළ යුතුමයි.
නිලූෂි වෘත්තීය රංගනයද? නිරූපණයද?
මේ දෙකම වෘත්තීය ලෙස කරන්න අමාරුයි. මොකද ලංකාවේ මේ ක්ෂේත්‍ර දෙකටම ස්ථාවරත්වයක් නෑ. මම කැමැත්තෙන් ඉන්නේ ගුරුවරියක් වීමට. එයත් සමඟ මට මෙය කළ හැකියි.
පවුලෙ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ ලොකු අයියා නම් පොඩ්ඩක්වත් කැමැති නෑ මං රඟපානවට. ඔහු තදින්ම විරුද්ධයි. ඔහු දැන් විදේශ ගත වෙලා ඉන්නේ. නමුත් මගේ අම්මා හෙවනැල්ළ වගේ මගේ පස්සෙන්ම ඉන්නවා හැමදේටම. මගේ තාත්තත් එහෙමයි. විශේෂයෙන්ම මම අම්මා ගැන කියන්න ඕන මගේ පෝන් එකට හැමදාම කෝල් එකක් එනවනම් ඒ ඇයගෙන්.
මොනවද නිලූෂිගේ බලාපොරොත්තු?
රියැලිටි වැඩ සටහන තමයි ප්‍රධානම දේ. එයින් පුළුවන් උපරිමය ඉදිරියට යන්නයි මට ඕන. ඒ වගේම මම රඟපෑ ටෙලිනාට්‍ය හතරක් පමණ තියෙනවා ඉදිරියේදී විකාශය වීමට. රංගනය වගේම නර්තනය නිරූපණය කියන මේ සියලු දේ කරන්න මම ආසයි. ඒවා එක්ක ඉදිරියට යන්නයි බලාපොරොත්තුව.
තිළිණි කෞශල්‍යා විජේසිංහ