නවක රංගන ශිල්පිනියක් ලෙස කස්තුරි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. ඇගේ මේ දවස් වල අලුත් වැඩකටයුතු ගැන පුවත්පතකට මෙලෙස තොරතුරු කියා තිබුනා..
කොහොමද කස්තුරි ?
මේ දවස්වල රටේ පවතින තත්ත්වයත් එක්ක ගොඩක් පරිස්සමෙන් ආරක්ෂාකාරීව වැඩකටයුතු ටික කරගෙන යනවා.
මේ දවස්වල කස්තුරි කාර්යබහුල කෙනෙක්ද?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව Photo Shoots, Bridal Shoots වලට සහ Music Videoවලත් වැඩ කරගෙන යනවා. එ නිසා ටිකක් කාර්ය බහුලයි.
ඔබ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා නේද?
ඔව්. සිරස ටී.වී. එකේ නීලපබළු, ස්වර්ණවාහිනියේ අග්නි පියාපත්, ජාතික රූපවාහිනියේ නෑනලා කියන ටෙලි නාට්‍ය තුන දැනට විකාශය වෙනවා. ඊට අමතරව තවත් කරපු අලුත් වැඩ දෙක, තුනක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම තවත් අලුත් වැඩ දෙකකත් මේ දිනවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
නීලපබළු ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතයට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ ඇත්තද?
ඔට්. “නීලපබළු" ටෙලි නාට්‍යයේ මහිමාගේ චරිතය මම මෙතෙක් දායකත්වය ලබා දුන් චරිත අතරින් විශේෂයි. මොකද මහීමා කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරන පෞද්ගලිකව මමත් ගොඩක් ආස කරන , වෙනස්ම විදිහේ චරිතයක්. මහීමා නිසා ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් මා වෙතට ලැබුණා කිවොත් නිවැරදියි.
මහීමා සහ කස්තුරි කියන්නේ එකම වගේ චරිත දෙකක් කීවොත් නිවැරදියි නේද?
ඔව්. මහීමා සැබෑ ජීවිතයේදී කස්තුරි වගේම තමයි. ඒ නිසා මහීමාගේ චරිතය කරන්න මට ගොඩක් ලේසි වුණා. ඒ වගේම මම මහිමාගේ චරිතයට හරිම කැමැතියි.
කස්තුරි මුලින්ම රංගනයට අවතීර්ණ වුණේ කොහොමද?
මම මුලින්ම රංගනයට අවතීර්ණ වුණේ 2019 TV Derana අවුරුදු කුමාරිය 02 වැනි ස්ථානය හිමිකර ගැනීමත් එක්ක. එම ජයග්‍රහණය නිසා විජේරත්න මහතා අධ්‍යක්ෂණය කරපු තරංග දිසානායක මහතා නිෂ්පාදනය කරපු “හුස්මක් තරමට" ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව හිමිවුණා. ඒක තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. ඉන් අනතුරුව සක්කාරම්, හිරු ඇවිදින් වගේ ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කළා.
අවුරුදු කුමරියක ලෙසින් රංගන වරම් ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම හුස්මක් තරම් ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගන්නේ ටී.වී. දෙරණ අවුරුදු කුමරිය දෙවැනියා වීම හරහානේ. ඉතින් විශේෂයෙන්ම TV Derana ට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ හරහා අද වන විට මම රංගන ක්ෂේත්‍රය තුළ සතුටු විය හැකි යම් ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි.
කස්තුරි තුළ ඉදිරියේදී වෘත්තීමය රංගන ශිල්පිනියක් වීමට අදහසක් නැද්ද?
මම දැනට රුහුණ විශ්වවිද්‍යාලයේ මගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටිනවා. ඉඩක් ලැබුණු සෑම මොහොතකම හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් වෘත්තීමය වශයෙන් රංගන ක්ෂේත්‍රයේ නියැළෙන්න නම් අදහසක් නැහැ.
ඉදිරියට එන්න තිබෙන අලුත් නිර්මාණ පිළිබඳව කතා කළොත්?
කපිල කුමාර කාලිංග මහතා තිර රචනා කළ චන්දන හේවාපතිරණ මහතා අධ්‍යක්ෂණය කරපු "සැප්තැම්බරයේ දිග දවසක්" ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම් අවසන් කළා. ඒක අලුත් විදිහට කරපු වෙනස්ම වැඩක්. ඒ නිර්මාණය නුදුරේදීම දැක ගන්න පුළුවන්. ඊට අමතරව අසංක සායක්කාර මහතා තිර රචනා කළ සාලින්ද රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ “පෝක් විදිය" ටෙලි නාට්‍යයෙනුත් මාව ඉදිරියේදී දැක ගන්න ලැබේවි. සන්දේශ් බණ්ඩාර මහතාගේ කුලුඳුල් නිර්මාණය වන පිනෝකියෝ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු ඉදිරියේදී පටන් ගන්නවා. එහිදීත් වෙනස්ම ආකාරයකින් මාව බලා ගන්න පුළුවන්.
කස්තුරිට චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
චිත්‍රපට සඳහාත් මට ආරාධනා ලැබුණා. කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඒ දේවල් කල් දමන්න සිදු වුණා.
පාසල් කාලය සහ පවුලේ විස්තරත් මතක් කරමු?
මූලික අධ්‍යාපනය සඳහා මහියංගණය ජාතික පාසලට ඇතුළත් වුණා. එහිදී සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළට බදුල්ල විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. දැනට රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගි මම.
අනාගත බලාපොරොත්තු මොනවද?
උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා හොඳ රැකියාවක් කරන්න හිතන් ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් අදහසක් තිබෙනවා. මම රංගනයෙන් සමු ගනේත් නැහැ. හොඳ වැඩක් ලැබුණොත් ඒ වැඩවලටත් සම්බන්ධ වෙලා ඉදිරියේදී හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
ස්තුතිවන්ත වෙන්න පිරිසකුත් ඇති නේද?
මෙතෙක් ආව ගමනේ මට උදවු කළ විශාල පිරිසක් ඉන්නවා. මේ අවස්ථාවේ ඒ සියලුම දෙනාටම මම ස්තුතිවන්ත වෙන්න ඕනි.
දිනූෂා මනෝරි නිශ්ශංක