මීට වසර 2 කට ඉහත 2018 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිදුවූ හදිසි අනතුරක් නිසා ඕස්ට්‍රෙලියානු ජාතික මවක හා දියණියක මරුමුවට පත්වී එම පවුලේ පියා හා පුතු බරපතල තුවාල ලබා රෝහල් ගත වූ සිද්ධිය ගැන
තවම එම ඥාතීන් කම්පාවෙන් පසුවේ. ඒ ගැන මතකය යළි අවදි කරමින්
වැඩිදුර තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍ය වෙත ඔවුන් වාර්තා කර තිබේ.
මෙසේ මියගියේ කොලින් ලුවිස් (37) මව හා පොපී ගේබ්‍රියල් නමැති
ඇගේ සිව් හැවිරිදි දියණියයි. තුවාල ලද පුතුට වයස 2 කි.
මෙම පවුල ඕස්ට්‍රෙලියානුවන් වුවද කලෙක සිටම වාසය කර ඇත්තේ දෝහා රාජ්‍ය යේය. සිද්ධියෙන් තුවාල ලද පැට්‍රික් කොලින්ස් ගුවන් සේවා සමාගමකට අනුබද්ධව දෝහාහි සේවය කරමින් සිටින්නෙකි. ඔහු ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර උපන්නෙකු වන අතර සිද්ධියෙන් මියගිය ඔහුගේ බිරිය කොලින් ලුවිස් බ්‍රිස්බෙන්හි උපන්නෙකි.
ඔවුන් පවුල පිටින් වරින්වර ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රිය කරන අය වන අතර මෙවර ඔවුන් තෝරාගෙන තිබුනේ දකුණු පළාතේ සංචාරයකි. තංගල්ලේ හෝටලයක් කල් ඇතිව වෙන් කරගෙන ඊයේ පාන්දර දෝහා සිට ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ හෝටලය බලා ගමන් ගනිද්දී මෙම අනතුර සිදුවිය.
මොවුන් පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති මියගිය කොලින්ගේ සොයුරා ජේම්ස් කුරියර් මේල් පුවත්පතට මෙසේ කියා ඇත.
‘ඉතාම ආදරයෙන් ජීවත්වූ අහිංසක පවුලක්. ශ්‍රී ලංකාව ගැන ඔවුන් නිතරම කතාවෙනවා. නිවාඩුවක් ලැබුණ ගමන් ශ්‍රී ලංකාවෙ සංචාරයක් යාම තමයි සිරිත. සාමකාමී රටක් කිසි කරදරයක් නැතිව හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන් කියල තමා කියා තිබුනෙ. මෙහෙම අනතුරක් සිදුවීම ගැන හිතාගන්නවත් බෑ‘

Tags:
Trending