Ranjan ඇප මත නිදහස්

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා .


එහිදී නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් H U K පැල්පොල මහතා නියෝග කළේ සැකකරු මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි .


බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.


අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ පිහිටි රන්ජන් රාමණායක මන්ත්‍රිවරයාගේ නිවෙස පොලිසිය විසින් ඊයේ සෝදිසි කරනු ලැබුවා.


මන්ත්‍රිවරයාගේ නිවසේ තිබී බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක්, උණ්ඩ 127ක්, සැකකටයුතු ලේඛණ කිහිපයක්, CD පට, දෘඩ තැටි 03ක් හා පරිගණක දෙකක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.


මේ අතර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරීන් හට දුරකථන මගින් බලපෑම් කරන හඬ පට අඩංගු CD සොයා ගෙන ඇති බවයි.


රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා විසින් ස්විට්සර්ලන්තයට පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් සමග සිදුකළ දුරකථන සංවාද 120,000කට අධික ප්‍රමාණයක් එම CD තැටි වල තිබී පොලිසිය සොයා ගෙන ඇති බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කලේ.




Previous Post Next Post