අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු පත්වීම්

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අද (03) සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කළා.

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පත්ව සිටින්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. ප
මේ අතර පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අද (03)  සිය ධුරයේ වැඩ භාරගත්තා.
පාර්ලිමේන්තුවේ
විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නම කථානායකවරයා විසින් අද නිල වශයෙන් නිවේදනය කළා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.
රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා වරුණ ප්‍රියන්ත ලියනගේ කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා. ඒ, අද පස්වරු එකට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන් වරුණ ප්‍රියන්ත ලියනගේ මෙහිදී විපක්‍ෂයේ අසුන් ගැනීම විශේෂත්වයක්.
සභානායක දිනේෂ් ගුණවර්ධන කළ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව අනුව පාර්ලිමේන්තුව ලබන 7 වනදා දක්වා කල්තබන ලදි.
Previous Post Next Post