හඳුන්නෙත්ති නැවතත් කෝප් කමිටු සභාපති


කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තෝරා පත් කර ගෙන ඇත.

ඔහු පත්කරගෙන ඇත්තේ
එම කමිටුවේ සාමාජිකයින්ගේ ඒකඡන්දයෙන් වන අතර කෝප් කමිටුවේ සාමාජිකයින් පසුගිය 11 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම කමිටුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.
Previous Post Next Post