අල්ලන කුඩු වලට මොනාද වෙන්නෙ කියල සැකයි - මහින්ද

වැටලීම් සිදුකර පොලිස් භාරයට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්දැයි සැකයක් පවතින බව විපක්ෂ
නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
හොරණ - ගල්පාත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පළුගල නන්ද  හිමියන්ට බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අදාළ අක්තපත්‍ර පිරිනැමීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු මෙලෙස කියා තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය නැවත පරිබෝජනයට ගන්නවාද නැවත අලෙවි කර පොහොසතන් වන අය සිටිනවාද යන්න සැක බව මෙම කතාව මගින් විපක්ෂ නායකවරයා ඉඟි කර තිබුණි.
Previous Post Next Post