පුස්තකාලය විවෘත කරන්න පෙර ගල් ගසා වීදුරු කඩලා


තලවකැලේ, වටගොඩ නගරයේ ඉඳි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමටත් පෙර  කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ඉකුත් (22) දා ඊට හානි කොට
ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මධ්‍යම පළාත් සභා අරමුදලින් ඉදිකරන ලද මෙම පුස්තකාල ගොඩනැගිල්ලට කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගල් හා මුගුරු වලින් පහරදී එහි වීදුරු කඩා බිඳ දමා ඊට   අලාභහානි සිදු කොට තිබේ.
එම ගොඩනැගිල්ල ඉදිකරන ලද කොන්ත්‍රාත්කරු විසින් කොටගල ප්‍රාදේශීය සභාවට ගොඩනැගිල්ල භාර දීමටත් පෙර  මෙම පහරදීම සිදුව තිබේ. මෙම පහරදීමෙන් ගොඩනැගිල්ලේ වීදුරුවලට රුපියල් 25000 ක පමණ අලාභහානියක් සිදුව ඇති බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නියෝජිතයෙකු විසින් තලවකැලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදු කොට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)








Previous Post Next Post