සිසුවෙකුගේ පියෙකු ගුරුවරුන්ට බැණ එෆ්බී වීඩියෝ දැමූ නිසා පාසලක් නවතී


 ගම්පොල සහිරා ජාතික පාසලේ සිසුවකුගේ පියකු විසින් ගුරුවරුන්ට ඉතා අපහාසාත්මකව බැන වැදී එය
මුහුණු පොතට දැම්මයි විරෝධය දක්‌වා ඊයේ (01 දා) දින සියලු ගුරුවරුන් අසනීප නිවාඩු දමා පාසල
වෙත පැමිණ නැත.


 මේ සමග පාසල වෙත පැමිණ ඇති සිසු සිසුවියන් ගුරුවරුන් නොමැති වීමෙන් අනාරක්‌ෂිත තත්ත්වයට පත්ව
ඇති බව දැන ගත් දෙමාපියන් මෙම තත්ත්වය ඔවුන්ට නොදැන්වූවායි ඇති වූ බහින්බස්‌වීම්වලින් පාසල තුළ
උණුසුම්කාරී තත්ත්වයක්‌ ද ඇති විය.


 මෙම පාසලේ ගුරු මණ්‌ඩලයේ 172 දෙනෙක්‌ සිටිති. සිසුහු 3600 දෙනෙක්‌ සිටිති. සියලු ගුරුවරුන් මෙම
බැන වැදී අපහාස කිරීමට විරෝධය දැක්‌වීමට පියවර ගෙන තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පති ඒ. එල්. සිරාඡ් මහතා ගම්පොල පොලිසිය වෙත හා කලාප කාර්යාලය
වෙත පැමිණිලි කර තිබේ.

 ගුරුවරුන් නොපැමිණීමෙන් නොසන්සුන් වූ සිසුන් පාලනය කිරීමට නොහැකිව සිටියදී සිද්ධිය දැනගත් සමහර
දෙමාපියන් පාසල වෙත පැමිණ තිබේ. මාධ්‍යවේදීන් සිද්ධිය පිළිබඳ විදුහල්පතිවරයාගෙන් දුරකථනයෛන්
විමසා ඔහුට දන්වා පාසල වෙත ගිය ද පාසලේ ආදි ශිෂ්‍ය සංගමය පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීහු
හා සාමාජිකයෝ විදුහල්පතිවරයා හමුවීමට නොදී මාධ්‍ය කටයුතුවලට දැඩි සේ බාධා කර කැමරා ආදියට
ද හානි කළහ. විදුහල්පතිවරයා දුරකථනයෙන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ පාසලේ කීර්ති නාමය විනාශ
කිරීමට කටයුතු කරන සියලු දෙනා පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කළ බවයි. ගම්පොල මූලස්‌ථාන පොලිස්‌
ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ආර්. ජයන්ත මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ උදැසන
සිටම පාසලේ දරුවන්ගේ ආරක්‌ෂාව හා පාසලේ ආරක්‌ෂාව සඳහා සිටියහ.

 ගම්පොල - සුරංග දිල්හාන්

Previous Post Next Post