මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් දැඩිව ක්‍රියා කරනවා - ප්‍රසන්න රණවීර


මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සඳහන් කරයි.
පසුගියදා කතානායක අසුනට වතුර වැක්කිරීම හා ප්‍රතිවාදීන්ට මිරිස් කුඩු ප්‍රහාරය තමා කළ සුළු දේවල් බවත් ඉදිරියට ඊට එහා දේවල් කරන්නට පසුබට නොවන බවත් ඔහු සැල කර සිටී.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද

අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ආරක්ෂකයා බවත් කැලණියට ඔහු එන සෑම අවස්ථාවකම තමා හමුවට පැමිනෙන බවත් පවසන ප්‍රසන්න රණවීර කැලණියේදී මහින්ද රාජප්කෂ ගමන් කරන්නේ තමන්ගේ කැබ්රියෙන් බවද පවසයි.

කැලණිය ආශ්‍රිත ඕනෑම උද්ඝෝෂණයකදී මහින්ද වෙනුවෙන් පෙරට ආ තමන් ගැන මහින්ද අගමැතිවරයාට විශාල විශ්වාසයක් පවතින බව පවසන ඔහු මේ නිසා තමන් මොනවා කළත් ගැටලු ඇති නොවන බව පවසයි.

හොඳින් හෝ නරකින් අගමැති ධූරය කතානායක පිළිගත යුතු යයිද එසේ පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට ද මීටත් වඩා අභියෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අනතුරු අඟවයි.

කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ ඉදිරියටත් සටන් වදින බවත් තවත් හොඳ හොඳ වීඩියෝ තමාගේ නමින් ජනප්‍රිය වනු දැකීම සතුටට කරුණක් බවත් හෙතෙම දන්වා සිටී.
Previous Post Next Post