රවීන්ද්‍ර ඥානසාර හිමි හා දුමින්ද බලන්න අග්‍රාමාත්‍යවරයා බන්ධනාගාරයට


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ වැලිකඩ
බන්ධනාගාරයට නිල නොවන

සංචාරයක නිරත වූහ. සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධ නඩුවකට අදාළව සතියකට සැකපිට බන්ධනාගාර ගත කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නවත්, අධිකරණයට අපහාස කර සය අවුරුදු සිර දඩුවම් විඳින ඥානසාර හිමිවත්, මිනීමැරුම් චෝදනා නිසා මරණ දඩුවමට නියමව සිටින දුමින්ද සිල්වාගේත් සුව දුක් බැලීම අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ විය.
ඥානසාර හිමි හා දුමින්ද සිල්වා සිටියේ බන්ධනාගාරය ඇතුළත රෝහලේ කාමරවලයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ළඟම හිතවතුන් වූ ඔවුන් සමග ටික වේලාවක් ගත කර ඉක්මණ් නිදහස පතා අගමැතිවරයා බන්ධනාගාරයෙන් නික්ම ගිය බව බන්ධනාගාර ආරංචි හෙළි කරයි.
Previous Post Next Post