ශිෂ්‍යත්වෙ පළමු වැනියකු හා දෙවැනියෙකු අද පාසලට ගිය හැටි

http://www.gossiplankanews.com/2018/10/bumith-senuji-grade-5-winners.html
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සම පළමු ස්ථානය දිනාගත් පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්මුල විතානගේ අද සිය පාසලට ගොස්
ගුරුවරුන්ගේ ආශිර්වාදය ලබා මිතුරන්ද හමුවී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
‘මට ගොඩක් සතුටුයි මං හිතුවෙත් නෑ අදහගන්නත් බෑ පළමු වෙනිය වෙයි කියලා ‘ ඔහු කියා තිබුණි.
ඔහු මෙවර විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගත්තේය.

ලකුණු 198 ක් ලබා සම දෙවැනි ස්ථානය දිනා ගැනුමට සමත්වූ මිනුවන්ගොඩ, රෙජී රණතුංග පාසලේ ඉගෙනුම ලබන සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චිද
අද සිය පාසලට පැමිණි වෙලාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේය.
 "මම ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගත්තා. සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම් කළා. ගෙදර වැඩ කරන වෙලාවට ඒවා කළා. මගේ මවුපියන්, ගුරුවරුන් වගේම විදුහල්පතිනියගේ මඟපෙන්වීම යටතේ මේ දක්ෂතාව දක්වන්න මට හැකිවුණා.
ඒ සියලු දෙනා මට ලොකු ශක්තියක් වුණා. මම ගොඩක් පොත් කියෙව්වා. පාඩම් නොකරන වෙලාවට මම කළේ පොත්  කියවන එක. ඒකත් ලොකු උදව්වක් වුණා මේ ජයග්‍රහණය ලබාගන්න"









ඡායාරූප -ප්‍රදීප් කුමාර
Previous Post Next Post