මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද - 15 කින් ඉහළ යන බවට කටකතා


ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම
හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය මස 10 වන දා සිට අද දිනය දක්වා ඩීසල් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 බැගින් අලාභයක් ලැබීමට සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබූ අතර මිල සංශෝධනය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට රු 15 කින්  ඉන්ධන මිල ඉහළ යාමට ඉඩ පවතින බව ආරංචි පැතිර තිබේ.


මිල සූත්‍රයට අනුව මෙම මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද සිදුවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඊට අදාළ සංඛ්‍යාලේඛන මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති බවය.
Previous Post Next Post