ලොව ජනප්‍රියම වෙබ් බ්‍රවුසරයක් වෙන ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට වසර 10 සැපිරීම නිමිත්තෙන් අලුත් වෙනස් කම් රැසක් එකතු වෙලා තිබෙනවා මේ වෙනස් කම් පරිගණක සහ ජංගම දුරකථන යන දෙවර්ගය
සදහාම බලපානු ලබනවා
Chrome බ්‍රවුසරයේ තිබුන autofill සහ password manager හි තිබුන නිවැරදි බවය වැඩි කොට වෙබ් අඩවි ගණනාවක් සදහා සහය දක්වන ලෙස හදුන්වා දී තිබෙයි
Chrome බ්‍රවුසරයට දැන් ස්වයංක්‍රීයව නිර්මාණය වන ශක්තිමත් password නිර්මාණය කිරීමේ හැකියාව තිබේ
Omnibox ලෙස හදුන්වන ගූගල් ක්‍රෝම් search bar එකට වැඩි පහසුකම් හදුන්වා දී ඇත අලුත් tab එකක් විවෘත කිරීමකින් තොරව ඔබට වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වන ලෙස වෙනස් කොට ඇත
ඒ වගේම ඔබට ලගදීම Google Drive හරහා search bar පහසුකම ලබාගැනීමට හැකියාව ලැබෙනවා
ඔබ කැමතිම වෙබ් අඩවි සදහා shortcuts නිර්මාණය කර ගැනීමට මෙන්ම ඔබ කැමති රූපයක් background image ලෙස එක් කරගැනීමට හැකියාව ලැබෙනවා
Tags:
Trending