රනිල්ගේ ඉඟිය නිසා කුඩා මෝටර් රථ අලෙවිය පහළ වැටිලා

කුඩා මෝටර් රථ අලෙවිය බින්දුවටම වැටී ඇතැයි
මෝටර් රථ  ආනයනකරුවන්ගේ  සංගමය පවසයි.

 කුඩා මෝටර් රථ  සඳහා 

පැනවු අලුත් බද්ද පමණක්  නොව බදු  යළි පහළ  යනු ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  කළ ඉගියද වාහන අලෙවිය නතර කිරීමට බලපා ඇතැයිද එම සංගමය පවසයි.

මාර්ගවල වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වන්නේ  කුඩා මෝටර් රථ විශාල වශයෙන් මෙරටට ගෙන ඒම යැයි කියමින්  ආනයන බදු පැනවු බවත් තවත් මාස කිහිපයකින් බදු ඉවත් කරන්නේ  මාර්ග පද්ධතිය සංවර්ධනය  කිරීම  නිසාද යන්න පැහැදිලි නැති බවද ඔවුහු කියා සිටිති.

 - ශිරාන් රණසිංහ
Previous Post Next Post