අද රාත්‍රී සිට සංගම් කිහිපයකට අයත් පුද්ගලික බස් වර්ජන

නච රථවාහන දඩවලට විරෝධය පළකරමින් පෞද්ගලික බස් සේවකයන් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක යූ.ක්. කුමාරරත්න රේණුක පවසයි.


වර්ජනය කරන අය විරෝධය පළ කරන්නේ මාර්ග සංවර්ධනය නොකර රථවාහන දඩ ඉහළ දැමීමටය.දඩ මුදල් වැඩි කිරිම ඉතා අසාධාරණ බැවින් පැරණි දඩ ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පවසා ඇත.
 අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනය කිරිමෙන් ඉවන පෞද්ගලික බස් රථ සේවකයින් හෙට (16) පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත නැවතුම් පොළේදී උද්ඝෝෂණයක් පවත්වන බවද දන්වා ඇත.
මෙම වර්ජනයට ගැමුණු විජේරත්න සභාපතිත්වය දරන සංගමය ඇතුළු සංගම් කිහිපයක් එක් නොවන බව පැවසේ.

Previous Post Next Post