ඊයේ පැවති ඉන්දියාවේ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේදී තෙරපීමට ලක්වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ එම්.කරුණානිධි අඟහරුවාදා (7) අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම 94 වැනි පසු වූ අතර අසනීප තත්ත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම්. කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය බදාදා (8) පැවැත්වුණු අතර ඊට ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනක් සහභාගී වූහ. එම පිරිස පොලිසියට ද පාලනය කරගත නොහැකි වූ අතර තෙරපීම හේතුවෙන් 50කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බව ද වාර්තා විය.
පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ එම්.කරුණානිධි අඟහරුවාදා (7) අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම 94 වැනි පසු වූ අතර අසනීප තත්ත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
Tags:
Trending