හෝමාගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු හෙරොයින් මිලිග්‍රෑම් 1730ක් සමග හෝමාගම, හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
පොලිසියට
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී පැකට් කර
අලවි කිරීම සදහා සුදානම් කර තිබූ මත්කුඩු ග්‍රෑම් 1යි මිලීග්රෑම් 730ක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරු මෙම ජාවාරම කාලයක සිට රහසිගතව පවත්වාගෙන ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.මෙම සිසුවාට මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පක්ෂණ ආරම්භ කර ඇති අතර දෙමවුපියන්, දරුවන් පිළිබදව අවධානයෙන් සිටින ලෙස ලෙස පොලීසිය දෙමවුපියන් ඉල්ලා සිටියි. සිද්ධිය සමිබන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Tags:
Trending