අසුපිනි ඇල්ලෙන් දින දෙකකට කලින් ලිස්සා වැටී ඇල්ල පාමුල අතුරුදන් වූ විශ්වවිද්‍යාල තරුණයා සොයා ගැනීමට සිදු කරන ලද මෙහෙයුම් සියල්ල ඇල්ලේ ජලය වැඩි නිසා අසාර්ථක වී ඇති බව
උඩුවැල්ල ග්‍රාම නිලධාරී එච්.ඩබ්ලිව්. අසේල් කෝලීත ආරියරත්න මහතා පැවැසීය. අසේල මහතා පැවැසුවේ පෙරේදා (15දා) තම ග්‍රාමසේවා වසමේ පදිංචි 56 හැවිරිදි අනුර කුමාරසිරි යන අය කඹයක් යොදා ගනිමින් තරුණයා ලීස්සා වැටුණේ යැයි සැක කරන අසුපිනි ඇල්ල පාමුල ඇති ගැඹුරු වළට බැස්ස බවත් එහි ජලයේ ගැස්ම වැඩි නිසා ඔහු නැවත උඩට පැමිණි බවත් පැවැසීය.
කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද පැමිණ ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ ඇල්ලේ ජලය වැඩි නිසාත් ජලයේ පවතින ගැස්ම වැඩි නිසාත් තරුණයා
අතුරුදන් වූවා යැයි සැක කරන වළ තුළට බැසීමට නොහැකි බවයි. ග්‍රාම නිලධාරීවරයා පැවැසුවේ අසුපිනි ඇල්ලට වැටුණු මිනී 14ක් ගොඩගත් එම ගම්මානයේ ජීවත් වන වයස අවුරුදු 74ක් වන රාජපක්ෂගේ ගෙදර අබේරත්න යන අය මෙම තරුණයා සොයා දීමට කැමැත්ත ප්‍රකාශ කරන නමුත් දැනට ඔහුගේ වයස ගැන සලකා සිය දරුවන් විසින් ඊට කැමැත්තක් නොදක්වන බවයි, පසුගිය 14 වැනි දින පස්වරුවේ ඇල්ලෙන් පහළට ලිස්සා ගොස් මෙලෙස අතුරුදන් වී ඇත්තේ අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට නමැති කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි.
ඔහු තමන්ගේ විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු සමඟ ඇල්ල නැරැඹීමට ගොස් සිටියදී මේ ඛේදවාචකයට ගොදුරු විය. විශ්වවිද්‍යාල සිසුවා අතුරුදන් වූවායින් පසුව ගම්පොළ කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙහි පොලීස් පරීක්ෂක ඩී.එල්.පී. සිරිකාන්ත, උප පොලිස් පරීක්ෂක මාරසිංහ යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් අතුරුදන් වූ යාළුවා සමඟ පැමිණි අනෙක් තිදෙනාගෙන් කටඋත්තර සටහන් කර ගත් බවද පොලිසිය පවසයි. මේ වනවිට අසුපිනි ඇල්ලට 14 දෙනකු බිලී වී ඇත. ගම්මුන් පැවසුවේ සමහර මාධ්‍ය මේ සම්බන්ධයෙන් වැරැදි පුවත් රටට අනාවාණය කර ඇති අතර මව්බිම පුවත් පත හරහා මේ තරුණයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැහැදිලි ඇත්ත අනාවරණය කර ඇති නිසා, පුවත්පතට සිය ප්‍රණාමය පුද කරන බවයි.
-කේ.වී.බණ්ඩාර-

Tags:
Trending