මහ රෑ ගෙදරින් පැන රවුම් ගසමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙක් පොලිසියට


දංකොටුව - කුරුණෑගල මාර්ගයේ රාත්‍රි කාලයේ ගමන් කරමින් සිටි අසල්වාසී පාසල් දැරියන් දෙදෙනකු ගැන
සැක සිතූ දංකොටුව

පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දැරියන් දෙදෙනා නිවෙස් හිමියන්ට හොරෙන් පැන යමින් සිට ඇති බව තහවුරු කරන්ගෙන තිබේ.

පසුගිය 28දා රාත්‍රියේ 11 ට පමණ යෝගියාන වෑකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සිසුවියන් දෙදෙනා වයස අවුරුදු 17 සහ 16 හැවිරිදි වියේය. ඔවුහු යෝගියාන ප්‍රදේශයේ පදිංචිකාරියෝය. දැරියන් දෙදෙනාගේ මවුවරුන් දැරියන් දෙදෙනා හැරදා ගොස් ඇත. ඔවුන් දෙදෙනාම පියවරුන් සහ පුංචි අම්මලා සමඟ වාසය කර ඇත.
Previous Post Next Post