ගෙවල්-කඩ-පන්සල් බින්ද රත්නපුර "කොබෙයියා" මාට්ටු


නිවාස, වෙළඳසල් හා විහාරස්ථානවලට ඇතුළු වී රුපියල් විසිපන් ලක්ෂයකට අධික දේපළ සොරාගත් "රත්නපුර කොබෙයියා' නමැත්තා මෙරට නිෂ්පාදිත මිලි මීටර් නවයේ ගිනි අවියක් උණ්ඩ දෙකක් සමඟ පානඳුර වෑකඩදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.
මොහු විසිහය හැවිරිදිය. සොරාගත් පවුම් හතළිහකට ආසන්න බරින් යුත් රන් අභරණ, ලැප්ටොප් තුනක්, රූපවාහිනි තුනක්, ජංගම දුරකථන හයක්, නිවාස වෙළඳසල් හා විහාරස්ථාන කැඩීමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
රත්නපුර කෙසෙල්ඕවිටගම අයකු අපරාධයක්

කිරිමට පානදුර වෑකඩට සිනි අවියක් රැගෙන පැමිණ සිටින බවට කළුකර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනෙත් ශාන්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (28) දහවල් මොහු අත්අඩංගුවට ගත් බව නිලධාරියෙක් පැවසිය. සැකකරු පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් මාස හතක පමණ කාලයකදී පිටිගල තලංගම මීගහතැන්න පිළියන්දල හා රත්නපුර නිවාස වෙළදසල් හා විහාරස්ථානවලට ඇතුළු වී සිදුකළ අපරාධ දහයකට ආසන්ගේ ප්‍රමාණයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් පොලිසිය කීය.
මොහු පිළියන්දල පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට අවස්ථා තුනකදී ඇතුළු වී රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් සොරාගෙන තිබූ බව විමර්ශනවල දී හෙළි වී ඇත.
මෙම අපරාධ සිදු කළ සෑම තැනකදීම කුලී නිවාසවල පදිංචි වී අපරාධ සිදු කිරීමෙන් අනතුරුව මෙම සැකකරු වෙනත් ප්‍රදේශවල පදිංචියට යාම පුරුද්දක් කරගෙන තිබූ බව අනාවරණය විය.
සොරාගත් දේපළ කඩුවෙල රත්නපුර හා කොට්ටාව ප්‍රදේශවලට විකුණා එම මුදලින් ගංඡා මත්පෙති පාවිච්චි කර ඇතැයි මෙම සැකකරුගේන් කළ ප‍්‍රශ්න කිරීමවලදී අනාවරණය විය. රත්නපුරේ හොරෙන් පතල් කැණිමේ සිද්ධියකට මෙම සැකකරු අත්ඩංගුවට පවූ බව සැකකරු පැවසූ බවත් හෙළිවිය. මෙම සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Previous Post Next Post