සතුන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී තාත්තයි පුතයි දෙන්නම මරුට


වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැව් ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් මිය ගිය පිය පුතු දෙපලකගේ සිරුරු ඊයේ (16) උදෑසන හමුවූ බවට වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පැවැසිය.

වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ

පදිංචි 48 හැවිරිදි එස්. ඔස්කපා නමැති පියෙකුගේ හා වයස අවුරුදු 15ක් වූ එම්. සියාස් නමැති පුතුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බව පොලිසිය කියයි.
සූඩුවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ විදුලි රැහැන් ඇද ඇත්තේ වනසතුන් මැරිමට වන අතර එම විදුලි රැහැන් පිළිබඳව නොදත් පියෙකු හා පුතෙකු එම ස්ථානයෙන් ඊයේ (16) අලුයම ගමන් කිරීමට ගත් උත්සාහයකදී මෙම විදුලි රැහැන්වලට පැටලි මම මරණයන් සිදුවී ඇති බවට පෙරියඋළුක්කුලම පොලිසිය සැක පළකොට සිටියේය.කෙසේ වේතත් අඳාළ විදුලි රැහැන් ඇද ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න මෙනෙක් අනාවරණයවී නොමැති අතර එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද පෙරියඋළුක්කුලම පොලිසිය විසින් පරික්ෂණයක් ආරමභකොට ඇති බව ද කියා සිටියේය.

Previous Post Next Post