නුගේගොඩ සව්සිරි අධිපති සමුගනී


ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යාපාර හිමියෙකු වන දේශමාන්‍ය පියදාස ලොකු කොඩිකාර මහතා අභාවප්‍රාප්ත විය. නුගේගොඩ සව්සිරි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා අධිපති වන්නේ ඔහුයි. දශක ගණනාවක සිට නුගේගොඩ


 ප්‍රදේශයේ ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන ගිය ඔහු සව්සිරි අලෙවි සල් කිහිපයක් හා හයිලෙවල් පාරේ සව්සිරි සාප්පු සංකීර්ණයද ගොඩනැගුවේය.
ලොකු කොඩිකාර මහතා පුතුන් දෙදෙනෙකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ පියකු වන  අතර Singapore Informatics ආයතනය ඔහුගේ එක් පුත්‍රයෙකුට අයත්ය. ඔහුගේ බිරිය 2006 දී කලුරිය කළාය.
දේශමාන්‍ය පියදාස ලොකු කොඩිකාර මහතාගේ අවසන් කටයුතු 31 බ්‍රහස්පතින්දා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

Previous Post Next Post