ෆිල්ම් එකක් වුණත් බලන්න සැමියා එන්නෙ නැහැ - සංජීවනී

පසුගියදා සිය 20 වන විවාහ සංවත්සරය කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී තම සැමියා රහිතව දරුවන් සමග සැමරූ ගායිකා සංජීවනී වීරසිංහ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස්
දක්වා තිබේ.

‘මගේ ආදරණිය සැමියා සුසන්ත ද මෙල්. ඔහු රක්ෂණ සමාගමක වැඩ කරන්නේ. මිට කලිනුත් මනාලියක් විදිහට අදින්න මට ගොඩක් ආරාධනා ලැබුණා.
නමුත් මම කැමති වුණේ නැහැ. මොන විකාර වැඩක්ද කියලා හිතුණේ. නමුත් මේ අවස්ථාවට සම්බන්ධ වුණේ මගේ යාළුවෙක් නිසයි. ඒ රූපලාවන්‍ය ශිල්පිණි තිලක්ෂි හිතාවක නිසා. එයා මට යෝජනා කළා මෙහෙම දෙයක් කරමු
කියලා. පුතා ඉන්නේ ඇමරිකාවේ.

නිවාඩුවකට ආවා. දුවත් ඇමරිකාවට යනවා. ඒ නිසා මේක හොද
මතකයක් කිව්වා. ඒ නිසයි කැමැත්තෙන් මනාලියක් වුණේ. මනාලයා කැමති වුණේ නැහැ ආයෙමත් නිලමේ
ඇදුම ඇදලා කරදර වෙන්න. එයාගෙන් මම දෙතුන් වතාවක් ඇහුවා. එයා කිව්වේ අනේ දැන් මොන නිලමේ
ඇදුම්ද ඔයා නිලියක්නේ ඔයා යන්න කිව්වා. ඉතින් දරුවෝ දෙන්නත් එක්ක මම සම්බන්ධ වුණා. සැමියා මගේ ජනප්‍රියත්වයෙන් බැබලෙන්න උත්සහ දරන කෙනෙක් නෙමෙයි. හුගක් නිළියන්ගේ සැමියන් ඉන්නවා ජනප්‍රියත්වයට විවාහ කරගත් අය. බිරිදට වඩා ඒ
අය ජනප්‍රිය වෙන්න බිරිද එක්ක පෙනී ඉන්නවා. මාව අදුර ගත්ත කාලේවත් සුසන්ත කොහෙවත් මාත් එක්ක
යන්න එන්නේ නැහැ. මගේ පවුලේ අය එක්ක තමයි ෆිල්ම් එකක් වුණත් බලන්න ගියේ. අදටත් කිසිම දෙයකට
එයා පෙනී ඉන්න එන්නේ නැහැ. එයා එයාගේ යුතුකම් ඉටුකරලා අපිට ආදරෙන් ඉන්නවා.‘


http://www.gallery.gossiplankanews.com/event/sanjeewani-weerasinghe-20th-wedding-anniversary.html
Pix By -Suren Abeysundara
Previous Post Next Post