මාස 6 දරුවා මරා බිරිය නැන්දම්මා මාමණ්ඩිට කොටා හක්ක පටස් පුපුරවාගෙන මියගිය සැමියා

යේ (30) දහවල් 1.35 ට පමණ බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව, ප්‍රදේශයේ නිවසකදී ස්වාමි පුරුෂයකු විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ මාස 6 දරුවාට ආයුධයකින් කපා කොටා
බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන තිබේ.
 රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගියේය.
වයස අවුරුදු 24 ක් වු බිරිඳ වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ

ප්‍රතිකාර ලබයි.ෙ
මෙම අපරාධය සිදුකළ පුද්ගලයාගේ නිවසේ සිටි බිරිය දරුවා ලැබුණ පසු ඇගේ නිවසට ගොස් සිටි අතර දෙදෙනා අතර පැවති විරසකයක් නිසා නැවත මොහුගේ නිවසට පැමිණ නැත.
මාස 3ක පමණ කාලයක් ඇයව හා දරුවා හමුනොවී නිවසින් බැහැරව සිටි ඔහු ඇගේ මහගෙදරට පැමිණ ඇයට යළි අඬගැසුවත් ඇය පැමිණීම ප්‍රතික්ෂේප කළ පසුව කෝපය පාලනය කරගන්නට බැරිව මෙම අපරාධය සිදු කරගෙන තිබුණි. ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන ඇත්තේ ඉතාම දරුණු ආකාරයටයි. ඔහුගේ හිස කඳින් වෙන්වී මුහුණ විකෘතිව තිබුණ බවද වාර්තා විය. ඔහු හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස
පිපිරීමකට හසුව ඇත්තේ හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගෙන ඇති නිසා බව පොලිසිය පවසයි.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Previous Post Next Post