දකුණේ පැතිරෙන වෛරසයෙන් මේ වනවිට මරණ 13ක්

දකුණු පලාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 ක් පමණ මේ වන විට හමු වී ඇති බවත් ඉන් 13 දෙනකු මිය ගොස් ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය
මහතා පවසයි.

මියගිය අයගෙන් 12 දෙනකුම කුඩා දරුවන් වන අතර එක් ගර්භනි මාතාවක්ද ඒ අතර සිටින බවද ඔහු දන්වා සිටී.
කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් එම රෝගීන් වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කුඩා දරුවන්ය.
ඉකුත් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මෙම වෛරස් උණ රෝගය දකුණු පලාතේ ප්‍රදේශ රැසක පැතිර තිබේ.
Previous Post Next Post