ගේම් එකක් ඉන්ස්ටෝල් කරගන්න ගිය 13 හැවිරිදි සිසුවා නිරුවත් කර වීඩියෝ කරලා


සිය ටැබ් පරිගණකයට ක්‍රීඩා යෙදුමක් දමා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු නිරුවත් කර වීඩියෝ දර්ශන ලබාගත් බව පැවසෙන බාලවයස්කරුවන් සිවුදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ

වයස අවුරුදු 13ත් 16ත් අතර පසුවන්නන් සිවුදෙනෙකි.
මීට පෙරදා අදාළ සිසුවා ඔහුගේ මිතුරාගේ නිවසට ගොස් තම ටැබ් පරිගණකයට ක්‍රීඩා යෙදුමක් දමාගෙන ඇති අතර, ඒ අනුව ඔහු තවත් මිතුරෙකු සමග යළි සිය මිතුරාගේ නිවසට ගොස් තිබේ.
තමන් එම නිවසට යන අවස්ථාවේදී තවත් මිතුරන් කිහිපදෙනෙකු එහි සිටි බවත්, තමන් ක්‍රීඩා යෙදුමක් ඉල්ලා සිටී අවස්ථාවේදී ඔවුන් උසුළු විසුලු කරමින් තම නිරුවත් කර වීඩියෝ දර්ශන ලබාගත් බවත් අගතියට පත් සිසුවා පොලීසියට පවසා ඇත.

සිද්ධිය කිසිවකුට හෝ පවසා තිබුණාත් පහර දෙන බවට සැකකාර බාලවයස්කරුවන් පවසා ඇති අතර, අදාළ සිසුවා සිද්ධිය සිය දෙමවුපියන්ට පැවසීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කර තිබිණි.
අගතියට පත් සිසුවා වෛද්‍ය පක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ. සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ඕ.යූ. ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Previous Post Next Post