එරාවුර්හීදී කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් පහරකෑ පොලිස් පරීක්ෂක මියයයි


යාපනය, චාවකච්චේරිය පොලිස් ස්ථානයේ රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයකු එරාවුර්, මයිලම්බාවලි පුදේශයට පැමිණ සිටියදී පහරකෑමට ලක්ව මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) මියගිය බව පොලිසිය කියයි.
පොලිස් පරික්ෂකවරයාගේ හිසට හෙල්මට් එකකින් පහරදී පොලිස් පරික්ෂකවරයා සමග සිටි ඔහුගේ හිතවත් කාන්තාවකගේ කරාබු ජෝඩුවක් හා රුපියල් 15,000ක පමණ මුදලක් කොල්ලකෑ බව කියන තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ මියගොස් ඇත්තේ අලව්ව පොලිස් වසමට අයත්  තල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්.සී. හේරත් (51) නමැති පොලිස් පරික්ෂකවරයකි.ඔහු අවුරුදු 10ක පමණ වයසේ පසුවන පුතකුගේ සහ අවුරුදු 22ක පමණ වයසේ පසුවන දියණියකගේ පියෙකි. බිරිඳ මිට වසර හයකට පමණ ඉහතදී මියගොස් ඇත.
චාවකච්චේරිය පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් පරික්ෂක හේරත් මහතා එරාවුර්. මයිලම්බාවලි ප්‍රදේශයට හිතවත් කාන්තාවක් මුණගැසීමට පැමිණ සිටියදී එහි කඩා වැදුණු තිදෙනෙකු සාමාන්‍ය ඇදුමින් සැරසී සිටි පොලිස් පරික්ෂකවරයාගේ හිසට පහරදී

ඔහු සමග සිටි කාන්තාව පැළඳ සිටි රන් කරාබු ජෝඩුව සහ රුපියල් 15,000ක පමණයි මුදලක් කොල්ලකෑ බවට එම කාන්තාව පොලිසියට පැමිණිලි කොට ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. කාන්තාව කළ පැමිණිල්ල මත පරික්ෂණය පවත්වා අවුරුදු 19, 22, 34 අතර වයසේ පසුවන තිදෙනෙක් කොල්ලය සඳහා ඔවුන් පැමිණ සිටි බව කියන යතුරුපැදියක්ද සමග ඊයේ එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරිකවරයා මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටි අතරවාරයේ වෛද්‍ය උපදෙස් මත ඔහුව එන්නතක් දී තිබෙන බවත් අනතුරුව දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් පරික්ෂකවරයා මියගොස් ඇති බවත් පරික්ෂණවල දී අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.
මෙම මරණය සම්බන්ධයන් මඩකළපුව ගිය රෝහලේදී අද (26) පැවැත්වෙන පශ්චාත් මරණ පරික්ෂණයේ දී මරණයට නිශ්චිත හේතු හඳුවනු ඇතැයි පොලිසිය කියයි.
Previous Post Next Post