ප්‍රාදේශීය සභා අපේක්ෂකයා දැරියකට හදි කර උසාවියේ


මෙවර පුංචි ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින අයකු දැරියකට ලිංගික අපයෝජනයට ලක් කිරීමට තැත් කලා යැයි චෝදනා ලැබ 29 වනදා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත භාරවී තිබේ.

ඔහු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම්මානයක නිවසක තනිවම සිටි වයස අවුරුදු 16යි මාය 7ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමට තැත් කලේ යැයි  පසුගිය 26 දින දැරිය විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඔහු පොලිසියට භාරවූ අතර පසුව මගියංගණ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට යෙදිණි.
ඔහු

මහියංගණ ප්‍රාදේශීය සභාව සඳහා තරග වදින ඡන්ද අපේක්ෂකයකු  වන අතර තමා එවැන්නක් කළේ නැති බවත් දේශපාලන හේතුවකට කළ පැමිණිල්ලක් බවත් කියූ ඔහු ඡන්ද වැඩ පාඩුවන නිසා ඇප අවශ්‍ය යයි උසාවියේදි පවසා තිබේ.
 අනතුරුව මහියංගණ මහෙස්ත්‍රත් නාලක වීරසිංහ මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් පුද්ගලයන් දෙදෙනකුගේ ශරිර ඇප මත ඔහුව මුදාහැර තිබේ.
අපයෝජන තැත පිළිබඳ පැමිණිලි කරනු ලැබූ දැරිය වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා මහියංගණ මූලික රෝහල් අධිකරණ ගවද්‍යවරයා වෙත යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට් පොලිසිය පරික්ෂණ පවත්වයි.
Previous Post Next Post