රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල්වලින් රෝගීන්ට නොමිලේ ඖෂධ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
රජයේ ඖෂධවේදීන්ගේ
රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබා ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පැවැසුවේය.
රජයේ ඔසුසල් මඟින් නොමිලේ ඖෂධ නිකුත් කිරීම හේතුවෙන් ඔසුසල්වලට දරා ගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් පැමිණිය හැකි බවත් නමුත් රෝගීන්ට අවශ්‍ය කරන සියලු ඖෂධ හැකිතරම් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා අවධාරණය කෙළේය.
සන්ධ්‍යා කරුණාරත්න
Tags:
Trending