රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය මෙවර හිමිකරගනු ලබන්නේ දිනක්ෂි ප්‍රියසාද්. ඒ වගේම ජනප්‍රිය නළුවා බවට පත්වෙන්නේ උද්දික ප්‍රේමරත්න. ඔය අතරේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය බවට පත්වූයේ ‘වියළි’ හි මාලාගේ චරිතය නිරූපණය කළ තරින්දි ප්‍රනාන්දු. ඔවුන් එහිදී සම්මානය අතැතිව දැක්වූ අදහස් මෙසේ පෙළගැස්වෙයි…
මට ගොඩක් සතුටුයි. මොකද වෘත්තීමය රංගන ශිල්පිනියක්ව සම්මානනීය රංගන ශිල්පිනියක් කියන තැනට ඔසවලා තබන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව. මේ මට විශිෂ්ටතම කාණ්ඩය යටතේ සම්මානයක් ලැබුණ ප්‍රථම අවස්ථාව. රයිගම් ටෙලීස් සහ විනිශ්ච මණ්ඩලයට මගේ ආදරණීය ස්තූතිය මේ අවස්ථාවේ
පුදකරන්න කැමැතියි. වියළි ටෙලිනාට්‍යයේ මාලාට තමයි මේ සම්මානය හම්බවුණේ. මුලින්ම වියළි ටෙලිනාට්‍යයේ මාලාට ආදරය කරපු හැමෝගෙම ජයග්‍රහණයක් මේක. චන්දන අයියේ ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරලා වියළි ටෙලිනාට්‍යයට මාව ගත්තට. ඒ වගේම මාලාව ලස්සනට ලිව්වේ සමන්ත
කුමාරගමගේ අයියා. ස්තූතියි අයියේ. ඒ වගේම මේ වෙලාවේ වියළි ටෙලිනාට්‍යයේ මුළු කාර්ය මණ්ඩලයම මතක් කරනවා. තව විශේෂ කාරණයක් තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට මාව මුලින්ම මිනිස්සු අතරට අරගෙන ගිය අධ්‍යක්ෂවරුන් වන සඳුන් රාජකරුණා මහත්මයා සහ ලලිත් වසන්ත මහත්මයාව ආදරයෙන් මතක් කරනවා. එදා ඉඳලා මේ වෙනකම් මාව වැඩවලට ගත්තු, නිර්මාණවලට දායක කරගත්තු, මාව විශ්වාස කරලා වැඩකරපු සියලුම අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, තිරපිටපත් රචකයින්, රංගන ශිල්පීන් ශිල්පිනියන් සියලුම දෙනා වගේම මිනිස්සු අතරට මාව අරගෙන ගිය මාධ්‍යවේදීන්, නාලිකාවන් හැම එකකටම ස්තූතියි. අනෙත් එක තමයි මේක මගේ අම්මාගේ
හීනය. මම අම්මාට වෙච්ච පොරොන්දුව මේ. ඉතිං එදා නම් පොරොන්දු වුණේ මං ඇවිල්ලා දුවලා ගිහිල්ලා අම්මාට සම්මානය දෙනවා කියලා. හැබැයි අද එයා මට නැතිවුණත් එයාගේ
පොරොන්දුව මම ඉෂ්ට කළා. මම දන්නවා එයා කොහේ හරි ඉඳලා මංදිහා බලාගෙන ඉන්නවා කියලා. එයාගේ ආශිර්වාදය මට තියෙනවා කියලා. අම්මේ මේ ඔයාගේ සම්මානය. මගේ අක්කා මගේ දෙවැනි අම්මා. මගේ සදෙව්, චතූ වගේම මට වචනයකින් හරි සහයෝගය දුන්න නොදුන්න සියලුම දෙනාට ගොඩක් ස්තූතියි. මේ සම්මානය පිටිපස්සේ මගේ ආදරණීයන්ගේ හිතවතුන්ගේ අවංක ආදර, ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා.