
කුෂේයා අලුත් චිත්‍රපටයක් එක්ක ඔයා අලුත් වෙලා නේද ?
නෙළුම් කුළුණ චිත්‍රපටය මේ දවස් වල තිරගත වෙනවා. ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර නෙළුම් කුළුණ චිත්‍රපටයට ලැබෙනවා. ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට හරිම සතුටුයි.
කුෂේයා මෙතෙක් සම්බන්ධ වුණු කලා නිර්මාණ ගැන කතා කළොත් ?
‘ටීචර් අම්මා, හිතුවක්කාරී, බස් එකේ ඉස්කෝලේ, අකුරු මැකී නෑ, මාණික්කාවත‘ ඇතුළු ටෙලි නාට්‍ය අටකට විතර රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට හතරකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ වෙනකොට වෙළඳ දැන්වීම් තිහකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.
රඟපාන්න පටන් ගන්න කොට වයස කීයද ?
එතකොට මට වයස අවුරුදු හතයි. දෙක වසරේ ඉගෙන ගත්ත කාලේ ඉඳන් තමයි මම රඟපාන්න පටන් ගත්තේ. මගේ පළවෙනි රංගනය සිදු වෙන්නේ “Funny Boy” කියන චිත්‍රපටයට. ඊට පස්සේ “Hola” චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයත් ළඟදිම තිරගත වේවි.
අධ්‍යාපන කටයුතු ගැනත් කියමු නේද ?
මම මෙතොදිස්ත උසස් විදුහලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. පාසලේදී ගුරු මණ්ඩලය ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය. කලා වැඩ කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතු හොඳින් කර ගන්න ගොඩක් උදවු කරනවා.
කුෂේයාට අභියෝගයක් වුණු චරිත එහෙම තියෙනවද ?
ඔව්, ‘ටීචර් අම්මා‘ නාට්‍යයේ මට තිබුණේ අන්ධ ළමයෙක්ගේ චරිතයක් කරන්න. එහෙම චරිතයක් මම කලින් කරලා තිබුණේ නැහැ. ඒක මට අභියෝගාත්මක චරිතයක් වුණා. සුදත්ත තිලකසිරි මාමා ඇතුළු ටෙලි නාට්‍යය කණ්ඩායම මට ඒ චරිතය උපරිම විදිහට කරන්න ලොකු සහයෝගයක් දුන්නා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණ සහාය කොහොමද?
අනිවාර්යයෙන් ඒ අය ගැන මතක් කරන්න ඕන. ප්‍රවීණ රංගන ශිල්පී නැන්දලා, මාමලාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අද මම බය නැතිව රඟපාන්නේ ඒ අය මට දුන්න සහයෝගය නිසා.
රූගත කිරීම්වලදී කුෂේයාට මොන වගේ අමතක නොවෙන සිදුවීම්ද වෙලා තියෙන්නේ ?
එක සීන් එකක් තිබුණා මම අඬන්න ඕන. මම ඇත්තටම ඇඬුවා ඉතින්. අන්තිමේ මට අඬන එක නතර කර ගන්න බැරි වුණා. සෙට් එකේ හිටපු හැමෝම එදා නම් බය වෙලා හිටියේ මම එක දිගට අඬපු නිසා.
කුෂේයාගේ පවුලේ තොරතුරු ටිකක් දැන ගන්න කැමැතියි.
මම ඉන්නේ මොරටුවේ. මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, මමයි. අම්මයි අයියයි තමයි මාව රූගත කිරීම්වලට එක්ක යන්නේ. ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
කුෂේයා ඉදිරියටත් රඟපාන්නමද රඟපාන්නමද ?
අපොයි ඔව්. මම ආසයි දක්ෂ රංඟන ශිල්පිනියක් වෙන්න. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයට මම ගොඩක් කැමැතියි.
ඉදිරියට ඔයා සම්බන්ධ වුණු අලුත් නිර්මාණ එන්න තියෙනවද ?
ඔව්. චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් නොවන විදිහට මම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න කැමැතියි.
