
දිදුල ආසම නළුවා ද ශාරුක් ද?
ආසම නළුවා කියන එකට වඩා මම ආසයි ශාරුක් කියන්නෙ හදවතේ නළුවා කියන එකට. ඒකට හේතුව ශාරුක් කියන්නෙම මගේ හදවත සොරකම් කළ නළුවෙක්. එයාගෙ රොමෑන්ටික් රංගනය තුළින් තමයි ඔහු අපේ හදවතේ නළුවා වෙලා ඉන්නෙ. ශාරුක් කියන්නෙ හැඟීමක්…ෆීල් එකක්. මම ආසම නළුවන් විදියට ධනූෂ් සහ ෆාෆා ඉන්නවා. හැබැයි මගේ හදවතේ නළුවා ශාරුක්.
ශාරුක්ගේ බොහෝ සෙයින් ජනප්‍රිය ඇක්ෂන් එකක් කරන්න හිතුවෙ ඇයි?
මම දැක්කා ඉන්දියාවේ දෙතුන් දෙනෙක් ලස්සන ලොකේෂන්වල ඔය වගේ කෙටි වීඩියෝ කරලා තියෙනවා. මම මේ දවස්වල නුවරඑළියේ ශූටින් නිසා මටත් හිතුණා එකක් කරන්න. හැබැයි එක එක ලොකේෂන්වල කරලා ඒවා එකතු කරලා එකක් කරමු කිව්වෙ අශාන් මල්ලි.
හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?
කොහෙත්ම නැහැ. ඒ ඇක්ෂන් එක ශාරුක් සර් ළඟ විතරයි තියෙන්නෙ. එයාගේ ෆෑන්ස්ලා කරන්නෙ ඒක අනුකරණය කිරීමක්නේ. ඒ අනුකරණය හරියට කරනවා කියන්නෙම අභියෝගයක්. මම නිකමට කළේ. පොඩි කාලේ ඉඳන් මම ශාරුක්ගේ ෆිල්ම් බලනවා. ඒ නිසා මම හිතන්නෙ ඒ ඇක්ෂන් එකත් මගේ හිතට සහ ඇඟට කා වැදිලා ඇති. එයාට තියෙන ආදරේටම මම නිකම් කළේ. මම බයෙන් හිටියේ මේක සමාජ මාධ්‍යයේ යද්දී මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියලා. නමුත් හිතුවෙවත් නැති විදියේ ප්‍රතිචාර ලැබුණා. සිය පාරක් විතර බැලුවා කියන ප්‍රතිචාරත් මම දැක්කා. ලැබෙන ප්‍රතිචාර ගැන නිහතමානිව සතුටු වෙනවා.
මේ දිනවල දකින්න ලැබෙන්නෙ මලක් නාට්‍ය තුළින්නේ. ඒ චරිතේ ගැන කෙටියෙන් කිව්වොත්?
ඔව්. හිරු නාළිකාවේ විකාශය වන සමන් කුමාර ලියනගේ සර් අධ්‍යක්ෂණය කරන මලක් නාට්‍යයේ මම ඉන්නෙ. මගේ චරිතය ශේන්. ශේන් කියන්නෙ පරිසරයට ආදරේ කරන සරලව ජීවත් වෙන සුන්දර චරිතයක්. මම ඒ චරිතෙට ගොඩක් ආදරෙයි. සැබෑ ජීවිතෙ මමත් පරිසරයට ආදරේ කරන පරිසරයේ සුන්දරත්වය ජායාරූපවලට නගලා මගේ ගාව තියා ගන්න කෙනෙක්. ඒ නිසා සැබැ ජීවිතෙ මගේ යම් යම් දේවලුත් මේ චරිතෙට මම එකතු කරගෙන සුන්දරව ගලා යන චරිතයක්.
දිදුල ඉදුවරව වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය නිර්මාණය මොකක් ද?
චරිතෙන් චරිතෙට වෙනස්. පාර වසා ඇත, සල්ලි පොකුරු , බැක්සයිඩ් කියන නිර්මාණ හරහා එක එක විදියේ චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට ගියා. ඒ නිසා ඒ හැම චරිතයකින්ම දිදුල ඉදුවර ප්‍රේක්ෂකයින් අතරට අරන් ගියා.
මේ දවස්වල නිර්මාණ කාර්යයන්වල කටයුතු කොහොමද ?
මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. තිර පිටපත් රචකයෙක් විදියට මම භාර ගත්තු නිර්මාණ කිහිපයක් ලියමින් ඉන්නවා. ඒ එක්කම මගේ සිනමා නිර්මාණයේ පෙර නිෂ්පාදන කටයුතු කරගෙන යනවා.
සිනමාවෙන් ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද ?
සිනමාවෙන් ප්‍රධාන චරිතෙකින් දායක වෙන්නෙ කාර්ති සහ බානු. ඒක අශිනි රන්දෙණි අක්කාගේ අධ්‍යක්ෂණයක්. තව භාරගත්ත නිර්මාණයක් තියෙනවා. ඒ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින්ට සිනමාවෙන් දකින්න ලැබෙයි.
ඔබ මේ වෙද්දි අධ්‍යාපන කටයුතු අවසන් කරලා පූර්ණ කාලීනව කලාව ද කරන්නෙ?
අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් සිනමා අධ්‍යනය සම්බන්ධ උපාධිය ලබා ගත්තා. දැන් පශ්චාද් උපාධිය වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ එක්කම මම පූර්ණ කාලීනව ස්වයං අධ්‍යයන කටයුතු කරමින් රංගනය සහ කලාව එක්ක තමයි කටයුතු කරන්නෙ.
ලැබෙන ඇරයුම් ගැන තෘප්තිමත් ද ?
අපොයි ඔව්. මම ආසයි වෙනස් චරිත කරන්න. මෙතෙක් ලැබුණු ඇරයුම් ගැන තෘප්තිමත්. මේ වෙද්දි මට එකිනෙකට වෙනස් වූ චරිත කරන්න ලැබිලා තියෙනවා.
ජීවිතෙ ආදරේ දකින්නෙ කොහොමද
ආදරේ කියන්නෙ ලස්සන දෙයක්. මේ ලොකේ සුන්දර මිනිස්සු බිහි කරන්නෙ ආදරය. අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට පෙම්වතුන් විදියට අපි ආදරේ කරද්දී හරි ලස්සනයි. පෞද්ගලිකව ගත්තොත් මම ආදරේට ලෝබ කෙනෙක්. මම ලස්සන ආදරයක් හොයන කෙනෙක්. මම සිනමාවත් එක්ක ඉන්න කෙනෙක්. සිනමාවෙන් මම දකින්නෙ මාර රොමෑන්ස් ආදරයක්. ඇත්තටම සිනමාවේ දකින රොමෑන්ස් ආදරය මමත් හොයනවා. සමහරු කියන්නෙ ඕවා තියෙන්නෙ ෆිල්ම්වල කියලා. හැබැයි මගේ ජීවිතෙ සිනමාවේ සහ ඇත්ත ජීවිතෙ කියලා වෙනසක් නැහැ. සිනමාවෙ නිර්මාණ හරහා අපි විඳින සුන්දර ප්‍රේමණීය ආදරේ මගේ සැබෑ ජීවිතෙත් ඇතිකර ගන්න මම ආසයි.
එහෙම ආදරයක් ලැබිලද තියෙන්නෙ
තවම එහෙම ආදරයක් හොයනවා. මම බලාපොරොත්තු වෙන විදියේ ලස්සන ආදරයක්, මගේ ගමනට හයියක් වෙන, මගේ ගමන දිහා බලලා මටත් වඩා සතුටු වෙන කෙනෙක් මම හොයන්නෙ. එහෙම ආදරයක් ලැබෙනකම් මම බලන් ඉන්නවා. ආදරේ තමයි මිනිසුන්ව ජීවත් කරන්නෙ. මම ඒකට ආසයි.
මේ ගමන එන්න ගෙදරින් ලැබුණ සහයෝගය මොනවගේ ද?
ගෙදර තමයි ලොකුම හයිය දුන්නෙ. අම්මා, අප්පච්චි, නංගි නිසා තමයි මම මෙතැන ඉන්නෙ. යම් යම් කාලවල සතුටු වුණේ මගේ පවුලේ අය සහ මගේ ළඟම මිතුරන්. ඔවුන් මට ගොඩක් වටිනවා. මට ඕනේ මේ කලාවේ ඉදිරියටම යන්න. සරලවම කිව්වොත් සිනමාව එක්ක ජීවිතෙ ගෙවන එක මගෙ බලාපොරොත්තුව.
