ජුරාලියා ටෙලි නාට්‍යයේ ශෙනායා, පිරිමි ළමයි හි දිල්හාරා සහ රස රහසක් හි නෙත්මි ලෙසින් මේ දිනවල ඔබ දකින්නෙ ඇයව. නමුත් ඔබ මුලින්ම ඇයව දකින්නෙ කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ භාග්‍යා ලෙසින්. මේ, සුජානි මධුවන්ති සමග මීවිත කළ කතාබහයි.
මේ දවස්වල ටෙලි නිර්මාණ තුනකින් දකින්න ලැබෙනව?
ඔව්, පිරිමි ළමයි, ජුරාලියා සහ රස රහසක් යන ටෙලි නාට්‍ය තුනටම මගේ රංගන දායකත්වය ලබාදෙනව.
රංගනයට ආවට පස්සෙ ගායනය ටිකක් මගහැරුණා - සුජානි මධුවන්ති
චරිත ගැන කතා කළොත්?
ජුරාලියා ටෙලි නාට්‍යයේ මාව දකින්න ලැබෙන්නෙ ශෙනායා ලෙසින්. ඒ වගේම පිරිමි ළමයි හි දිල්හාරා ලෙසින් සහ රස රහසක් ටෙලි නාට්‍යයේ නෙත්මි ලෙසින් මගේ චරිත දැකගන්න පුළුවන්.
ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
රස රහසක් ටෙලි නාට්‍යය විකාශය වීම ආරම්භ වුණේ ළඟදි නිසා ඒ ගැන දැන්ම අදහසක් ගන්න බැහැ. පිරිමි ළමයි හි දිල්හාරාට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනව. හැබැයි ටිකක් බැණුම් අහන්නත් වෙනව. ඒ බැණුම් අතර මම හිතනව මගේ සාර්ථකත්වය තියෙනව කියල.
රංගනයට ආවට පස්සෙ ගායනය ටිකක් මගහැරුණා - සුජානි මධුවන්ති
කෝලංකුට්ටම තමයි ඔබේ ආරම්භය වෙන්නෙ?
ඔව්, මම ක්‍ෂේත්‍රයට එන්නෙ කෝලංකුට්ටම ටෙලි නාට්‍යය හරහා. මේ සඳහා මාව තෝරාගන්නෙ සද්ධාමංගල සර් සහ එතුමාගේ බිරිඳ වන චේතනී විජේතුංග මහත්මිය. නිර්මාණයට සම්බන්ධ වෙද්දි රංගනය ගැන කිසිම දැනීමක් හෝ හැදෑරීමක් මට තිබුණෙ නැහැ. නමුත් ඩාන්සින් පුළුවන් නිසා නාට්‍යයට මාව තෝරා ගන්නව. පිටපතෙන් කොටසක් මගෙ අතට දීල ඒක කරල පෙන්නන්න කිව්වා. එතැනදි ඔවුන්ට යම්කිසි පැහැදීමක් ඇතිවෙලා භාග්‍යා කියන චරිතය මට දෙනව. ඒක තමයි මගේ ගමනෙ ආරම්භය වෙන්නෙ.
කලා ක්‍ෂේත්‍රයට එන්න කලින් ඩාන්සින් සහ මියුසික් තමයි කළේ. ඊට අමතරව පෙර පාසලක ගුරුවරියක් හැටියට කටයුතු කළා.
සංගීත කණ්ඩායම්වලත් ගීත ගායනා කළා?
ඔව්, එකෝස්ටික් බෑන්ඩ්වල වෙඩින්ස් සහ ඉවෙන්ට්ස්වල ෆ්‍රීලාන්ස් විදිහට ප්ලේ කළා.
දැන් ගායනය මගහැරිලද?
රංගනයට ආවට පස්සෙ ගායනය ටිකක් මගහැරුණා. නමුත් ඒක මම හරිම ආස ක්‍ෂේත්‍රයක්. ඉදිරියේදී ගායනය පැත්තට නැවතත් යොමු වෙන්න අදහස් කරගෙන ඉන්නව.
නර්තන කටයුතු?
නර්තන වැඩවලින් දැන් ගොඩක් දුරට ඈත් වෙලා. මම ඉගෙනගත්ත කලායතනයේ වැඩවලට කතාකළොත් ඉඩක් ලැබෙන හැටියට සහභාගි වෙනව. එතැනින් එහාට ඩාන්සින් වැඩ කෙරෙනව අඩුයි. රංගනයට තමයි මූලිකත්වය දීල කටයුතු කරන්නෙ.
නර්තනය කොතක් දුරට හදාරල තියෙනවද?
නර්තනය පැත්තෙන් මම පායිම්පත් තියල තියෙනව.
රංගන ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
ඇත්තටම රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ හොඳ වගේම සුන්දර තැනක්. මොන ක්‍ෂේත්‍රයේ වුණත් අපි වැඩකරන, හැසිරෙන හැටියට තමයි හොඳ හෝ නරක එන්නෙ.
පෙර පාසල් ගුරුවරියට මොකද වුණේ?
මගේ ගම ගිරිඋල්ල. ගමේම පෙර පාසලක තමයි මම ඉගැන්වීම් කටයුතු කළේ. නමුත් රංගන කටයුතු නිසා මට කොළඹ එන්න සිද්ධ වුණා. ඒ දේවල් එක්ක පෙර පාසල් ගුරු භූමිකාවට සමු දෙන්න සිදු වුණා.
ගිරිඋල්ලේ සිට කොළඹ ආපු ගමන ගැන කතා කළොත්?
මම කවදාවත් අම්මා නැතිව ගෙදරින් පිට හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ චරිතයකට මාව තෝරාගත් දවසෙම මගෙන් ඇහුව හෙට ඉඳන් ෂූටිං එන්න පුළුවන්ද කියල. මම නවතින්න කිසිම සූදානමකින් නෙමෙයි එදා ගියේ. ඒ වුණත් මම එන්නම් කියල හැමදේම අලුතින් අරගෙන එදා කොළඹ මගේ යාළුවකුගෙ ගෙදර නැවතුනා. ටික දවසක් එහෙම ඉඳල ඉන් පස්සෙ නවතින්න තැනක් හොයාගත්තා.
පවුලේ අයගෙන් අකමැත්තක් තිබුණෙ නැද්ද?
නැහැ. මගේ අම්මා විතරයි මට ඉන්නෙ. ඇය හරි කැමතියි මම රඟපානවා, ගීත ගායනා කරනව, නටනව බලන්න. ඒ නිසා කිසිම විරුද්ධත්වයක් අම්මගෙන් තිබුණෙ නැහැ.
ආධුනික ඔබට බලපෑම් තිබුණද?
ඇත්තටම මට එහෙම බලපෑම් තිබුණෙ නැහැ. මොකද හැමෝම දන්නව මම ක්‍ෂේත්‍රයට ආවෙ කොහොමද කියල.
ලැබෙන ආරාධනා ගැන අදහස?
ගොඩක් වෙලාවට මට නිර්මාණයකට කතාකරද්දි කියනව අර ටෙලි නාට්‍යයේ ඔයා කරපු කැරැක්ටර් එක දැකල තමයි කතා කළේ කියල. ඇත්තටම ඒ වෙලාවට මට හරි සතුටුයි. මොකද මගේ යම් කිසි හැකියාවක් දැකලනෙ ඔවුන් කතා කරන්නෙ.
සුජානි විලාසිතාවලට මොන වගේ කැමැත්තක්ද තියෙන්නෙ?
සාමාන්‍ය ජීවිතේනම් මම ඒතරම් විලාසිතා කරන කෙනෙක් නෙමෙයි. නමුත් විශේෂයෙන් තැනකට යන්න ඕන වුණොත් ඒ තැනට සුදුසු විදිහට යනව.
අලුත් වැඩ මොනවද?
අලුත් වැඩ කිහිපයක්ම ඉදිරියේදී එන්න තියෙනව වගේම අලුත් ආරාධනාත් කිහිපයක්ම ලැබිල තියෙනව.
සිනමාව ගැන හීනයක් තියෙනවද?
ඔව්, ඇත්තටම සිනමාව කියන්නෙ ඔනෑම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියකගෙ හීනයක්. මමත් ඒකට හරි ආසයි.
අවස්ථාවක් ලැබුණ ගමන් මාව රිදී තිරයේත් දකින්න ලැබෙයි.
ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනාත් එනව?
ඔව්, ආදර යෝජනා නම් එනව. ක්‍ෂේත්‍රයේ අයගෙනුත් ආපු අවස්ථා තියෙනව. නමුත් මම තවම නම් පෙම්වතියක් නෙමෙයි. හිතට දැනෙන තැනක් තිබුණොත් නතර වෙනව.
සුජානිට ඉදිරිය ගැන මොන වගේ සැලසුමක්ද තියෙන්නෙ?
ඇත්තටම මම ජීවිතේ ගැන ලොකුවට ප්ලෑන් කරන්නෙ නැහැ. එන විදිහකට මුහුණ දෙනව. මේ මොහොතෙ සතුටින් ඉන්නව. මේ වෘත්තියෙන් ඉදිරියට යන එක තමයි මට තියෙන ලොකුම වුවමනාව. ඒ වගේම දවසක හොඳම නිළිය විදිහට සම්මානයක් ගන්න එක තමයි ලොකුම ආසාව. අම්මවත් බලාගෙන සතුටින් ඉන්නයි මට ඕන.
මහේෂ් එදිරිසිංහ